දරුවන් 17 දෙනෙක් ජාතියට තිළිණ කළ දිරිය මාතාව
වැලේ ගෙඩි වැලට බර නැතැයි කියති. මේ කතාව බොහෝ විට ජනවහරේ කියැවෙන්නේ තම කුසින් මෙලොවට බිහි කළ දරුවන් ලොකු මහත් කරන්නට අපමණ වෙහෙසක් දරන මව්වරුන් ගැන කතා කරද්දීය. තම කුසින් බිහි කළ දරුවන් 17 දෙනෙක් දහදුක් විඳගෙන ඇති දැඩි කළ එවැනි ධෛර්යය සම්පන්න මවක් මැදවච්චියේ ඇටවීරගොල්ලෑවේ අලුත් හල්මිල්ලෑව ගමේදී අපට හමුවුණි. තමන් බිහි කළ 16…