චීනයට එරෙහිව යුරෝපා පාර්ලිමේන්තුවේ හදිසි යෝජනාවක් සම්මත වෙයි
උයිගර් සුලුතර ප්‍රජාවට හිංසා කිරීම හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම හෙළා දකිමින් යුරෝපා පාර්ලිමේන්තුවේදී චීනයට එරෙහිව හදිසි යෝජනාවක් සම්මත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වසර 2014දී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ උයිගර් ජාතික 54 හැවිරිදි ආර්ථික විද්‍යාඥ ඉල්හාම් ටොහ්ටි සහ 2018 වසරේ සිට ත්‍රස්තවාදය ව්‍යාප්ත කිරීමේ චෝදනාවට රඳවාගෙන සිටින 62 හැවිරිදි විශ්‍රාමික වෛද්‍ය…