isolated areas in colombo

තවත් ප්‍රදේශයකට සංචරණ සිමා පනවයි

බගවන්තලාව චැපල්ටන් වතුයායෙන් කොවිඩ් ආසාදිතයන් 11 දෙනකු හමුවිමත් සමග එම ප්‍රදේශයට 23වන දින රාත්‍රියේ සිට සංචරණ සිමා පැනවිමට පියවර ගෙන ඇති බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මෙම ආසාදිතයන් මෙයට පෙර එම වතුයායෙන් හමුවු කොවිඩ් ආසාදිත පාසල් සිසුන් දෙදෙනකුගේ ආශ්‍රිතයන් ලෙස ස්වයං නිරෝධානයට ලක් කර සිටි පිරිසක් සදහා කරන ලද පි. සි. ආර්….

habaraduwa-pradesiya-sabawa

හබරාදුව ප්‍රාදේශීය සභාවට ආගම අමතක වෙයි!

ලංකාවේ ප්‍රධාන හොටල් පාසල වු කොග්ගල හොටෙල් පුහුණු පාසලට බඳවා ගන්නා වු තරුණ පිරිස සියයට අඩු කර තියනවා.වෙනදා 640 පුහුණු ලාභින් ගත්තා. අද ගන්නේ 100ක් පමණයි. මෙය ඉතාම වැරදියි. පුහුණු පාසලට බඳවා ගන්නා වු පිරිස අඩුකර තියනවා.සංචාරක කර්මාන්තය සංවර්ධනය කරනවා කියනවා කිව්වට මෙය නිවැරදිව සිදු කරන්නේ නෑ.මෙම පුහුණු පාසලට බඳවා ගන්නා වු සිසු පිරිස වැඩිකර…

dinesh gunawardana

විදේශ අමාත්‍ය ජිනීවා එක්සත් ජාතීන්ගේ සැසිවාරය අමතමින් කළ කතාව

ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේ ඉහළ කාණ්ඩය 2021 පෙබරවාරි 23, ජිනීවා වෙත ඉදිරිපත් කරන ලද ප්‍රකාශය සභාපතිතුමියණි, මහ කොමසාරිස්තුමියණි, සම්භාවනීය තානාපතිවරුනි, නෝනාවරුනි, මහත්වරුනි, මා ඔබ අමතන මේ අවස්ථාවේදී මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය (OHCHR) සිය වාර්තාව පිළිබඳ මින් පෙර කිසිදා නොකල ආකාරයේ ප්‍රචාරක ව්‍යාපාරයක්…

කොරෝනා අස්සේ රා කතා ගොඩයි

කොරෝනා අස්සේ රා කතා ගොඩයි

මේක අහම්බ ගමනක්. හද්දා වැස්සක් වගේ කඩන් වැටිලා තුරුපත් අස්සේ කඳුළු හංගාගෙන ඉන්න හිමිදිරියක හිනිදුමට යන්න බයික් එකට නැග්ගා. “මෙහෙත් හොඳටම මීදුම. අද හිනිදුම ලස්සනට ඇති.” එස්එම්එස් එකක් එනවා. පොළොව හොඳටම තෙත බරිතයි. දියකඩිති හැමතැනම. චිරිචිරියත් එක්ක ටික දුරක් එනකොට පිටිගලට වැටුණ මග ගංවතුර බදු අරං. මිනිස්සු උදේ පාන්දරම බිලීකොකු එක්ක පාරේ. කවදාවත් නැතුව මාළුත්…

සුසාන භුමියේ කොටසකටත් විදින්න යයි

සුසාන භුමියේ කොටසකටත් විදින්න යයි

බෝගහාවත්ත ප්‍රදේශයේ මාර්ගයක් හා පොදු සුසාන භුමියේ කොටසක් එම ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු විසින් අල්ලා ගැනිමට තැත් කිරිමට එරෙහිව එම ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනකු මිනි පෙට්ටියක්ද ලග තබාගෙන 23වන දින නිහඩ උද්ඝෝෂයකට එක්ව ඇත. මෙම උද්ගෝෂකයන් පවසනුයේ තමන්ට ගමන් කිරිමට ඇති මාර්ගය මෙන්ම පොදු සුසාන භුමියෙන් කොටසක් මෙම ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු විසින් අල්ලා ගැනිමට තැත් කරන බවත්…

මට්ටෙන් ගොඩ යන අපේ කාලයේ තරුණයන්ට ක්ෂේත්‍ර 81 ක බල ඇනියක්

මට්ටෙන් ගොඩ යන අපේ කාලයේ තරුණයන්ට ක්ෂේත්‍ර 81 ක බල ඇනියක්

තුරුණු තරුණයන් ව්‍යාපාරික ලෝකයට එක් කරන්නට ක්ෂේත්‍ර 81 ක බල ඇනියක් සකස් කරන්ට මධ්‍යම ආන්ඩුව පියවර ගන්නා බැව්, වේවැල්  පිත්තල  මැටි ලි බඩු සහ ග්‍රාමීය කර්මාන්ත  ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසංන්න රණවිර මහතා පවසයි. තරුණ ප්‍රජාව  දේශිය කර්මාන්ත  සඳහා නැඹුරු කර ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළක් දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කරන බව ගාල්ල දිස්ත්‍රික්  දේශිය නිෂ්පාදන කර්මාන්ත වැඩිදියුණු කිරීමේ…

ඉස්සන් හා පොකිරිස්න් කොටු නොකර කොටු කරයි!

ඉස්සන් හා පොකිරිස්න් කොටු නොකර කොටු කරයි!

ගාල්ල දිස්ත්‍රික්කයේ ඉස්සන් හා පොකිරිස්න් වගාවට පියවර ගන්නා බව, රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර  මහතා පවසයි.මේ යටතේ, ගාල්ල දිස්ත්‍රික්කයේ  රත්ගම , හික්කඩුව,  මාඳු ගඟ,   කොග්ගල , දොඩන්දුව,  දෙද්දුව වැනි කලපුවල මෙම ජලජීවි වගාව සංවර්ධනය කරන්නට පියවර ගන්නා බැව් ඇමතිවරයා පවසයි. ගාල්ල දිස්ත්‍රික්කයේ  කලපුවල  දැනට පවතින ජාකොටු  වැඩිදියුණු කරමින්  පොකිරිස්සන් සහ ඉස්සන්  ගහණය ප්‍රවර්ධනය කිරීමට  බලාපොරොත්තු වන…

sanath

සනත් යළිත් ක්‍රිකට් පුහුණුවීම් අරඹයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා මාර්ග ආරක්ෂණ ලෝක විස්සයි-20 තරගාවලිය සඳහා සහභාගි වීමට පුහුණුවීම්වල නිරත වන බව වාර්තා වෙයි. ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන්නේ සනත් ජයසූරිය සහ තිලකරන්ත දිල්ෂාන් වන අතර රසල් ආනල්ඩ්, මලින්ද වර්ණපුර, චාමර සිල්වා, ධම්මික ප්‍රසාද්, නුවන් කුලසේකර, චින්තක ජයසිංහ සහ අජන්ත මෙන්ඩිස් ඇතුළු හිටපු ක්‍රීඩකයන් රැසක් මෙම තරගාවලියේදී…

පැනගිය කොවිඩ් සැකකරු අල්ලයි

පැනගිය කොවිඩ් සැකකරු අල්ලයි

කොවිඩ් 19 වැළදි ඇත්ද යන්න අනාවරණය කර ගැනීම සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර පී.සී.ආර් පරික්ෂණයක් සිදුකිරීම සදහා සුදානම් කරමින් සිටි රෝගියෙකු රෝහලෙන් පලායමින් සිටියදි මෙත්සිරි සෙවන කොවිඩ් නිවාරණ ඒකකයේ රාජකාරියේ සිටි යුදහමුදා හා පොලිස් නිලධාරින් විසින්  අල්ලා ගනු ලැබීය. හදිසි රෝගී තත්වයක් නිසා අනුරාධපුර රෝහලට ඇතුලත් කළ රෝගියා කොවිඩ් 19 වැලදි ඇත්ද යන්න පරික්ෂා…

corona

කොටගල ආසාදිතයන් 77 දක්වා ඉහළට

කොටගල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ ශා/ කේලේයාර් ද්‍රවිඩ විදුහලින් කොවිඩ් ආසාදිත සිසුවකු හා සිසුවියක් අලුතින් හදුනා ගැනිමත් සමග එම සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ කොව්ඩ් ආසාදිතයන් ගනන 77 දක්වා ඉහල ගොස් ඇති බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසයි. මෙම ආසාදිත සිසුවා හා සිසුවිය ශා/ කේලේයාර් ද්‍රවිඩ විදුහලේ 10 හා 11 ශ්‍රේණිවල ඉගෙනුම ලබන බවත් මෙම…