ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් යනු අමුතුම ආකාරයේ ගේම් එකක්

ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් යනු අමුතුම ආකාරයේ ගේම් එකක්

ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් යනු අමුතුම ආකාරයේ ගේම් එකක් බවට පත්ව තිබේ. ඒ නිසාම ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ හිටි නොහිටි හැමෝටම ඒ ගැන බලවත් ආශාවක් කැක්කුමක් තිබෙනවා. ඒ නිසාම පසුගිය දවස්වල ක‍්‍රිකට්වල ‘හිටි’ කෙනෙක් ක‍්‍රීඩා සංගම්වලට පොඩි ‘සාදයක්’ සූදානම් කළා. මේ හිටි කෙනාට ක‍්‍රිකට් පාලක මණ්ඩලය පැත්ත පළාතේ එන්න තහනම් කර තිබියදීත් එයාගේ  ට‍්‍රයි එක තමන්ගේ ගෝලයෝ…

lansa

මාධ්‍ය සංදර්ශන සමග මිගමුවේ නගරාධිපති සැමට කලින් එන්නත විදගනියි

කොරෝනා වලට එන්නත විදගැනිමට අදාලව දැනටමත් ඇතැම් දේශපාලකයන් සමාජයට පණිවිඩයක් සපයා තිබෙන මොහොතක මිගමුව නගරාධිපතිවරයා 60 සිමාවත් ඉවතට දමමින් එන්නත විදගනියි. සමගි ජනබලවේගයේ හරින් ප්‍රනාන්දු කියා තිබුනේ අවදානම් සහිත අයවලුන් හට ප්‍රමුඛතාවය දිය යුතු බවය. දේශපාලකයන් එසේ ආදර්ශ සපයා තිබියදි මිගමුව නගරාධිපති දයාන් ලංසා මිගමුවේ වැඩිම කොරෝනා අවදානමක් සහිත ගම්මාන කිපයක් තිබියදි ඒවාට ප්‍රමුඛතාවය දෙනවා…

chandrika
|

විජය හිටියානම් මුහුදට පනිනවා

තමන් ජීවිතය පරදුවට තබා ගොඩනැගූ රට අද විනාශ වී ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි. අද විජය කුමාරතුංග හිටියා නම් මුහුදට පනින බව ද ඇය පැවසුවාය. හිටපු ජනාධිපතිනිය මේ බව සඳහන් කළේ විජය කුමාරතුංග සමාධිය අසලදී පැවති ඒ මහතාගේ 33 ගුණසමරු අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.

මම විද ගත්ත එන්නතක් නෑ – ෆොටෝ එක ‘බට්’ කළ එකක්

මම විද ගත්ත එන්නතක් නෑ – ෆොටෝ එක ‘බට්’ කළ එකක්

මම කොරෝනා මර්දන එන්නත විද ගන්නා අවස්ථාවක් පෙන්වන ඡායාරූපයක් සමාජ මාධ්‍යවල යනවා. එය සම්පූර්ණයෙන්ම වැරදි ප‍්‍රවෘත්තියක්. මම විද ගත්ත එන්නතක් නෑ. එය මට කෙණෙහිලිකම් කරන අයගේ මඩ ගැසීමක් බව කියන්න කැමැතියි යැයි ‘ධම්මික පැණිය’ නිපදවූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා පැවසීය. මගේ රූපය ගෙන තවත් කොටසකට බද්ධ කරලා මට බෙහෙත විදින බවට පෙන්නන ඡායාරූපය හදලා….

නීතිවේදී යුවළක් ඝාතනය කරති

නීතිවේදී යුවළක් ඝාතනය කරති

ඉන්දියාවේ තෙලගානා මහාධිකරණයේ පැවැති නඩුවකට පෙනී සිට ආපසු සිය මෝටර් රියට පැමිණි නීතිවේදී යුවලක් මැර පිරිසක් විසින් කපා කොට මරා දමා ඇත. වර්මාරාවෝ සහ නාගමනි නමැති මෙම නීතිවේදී යුවල මෙලෙස ඝාතනය වී තිබේ. මෙම ඝාතනය සිදු කර ඇත්තේ තෙලගානා රාෂ්ටි‍්‍රය සමිති සංවිධානයට සම්බන්ධ මැරයන් බව වාර්තා වී ඇත.

Coronavirus3

තවත් කොරෝනා මරණ 08ක්. ආසාදිතයන් 78000 පනී.

කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් 08 දෙනෙකු මරණයට පත් වී තිබේ. ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 430 දක්වා ඉහළ යයි. ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 501 දෙනෙකු වාර්තා වී තිබේ. එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 78,398 දක්වා ඉහළ යයි.  

sanjeewa

පුවත්පත් මණ්ඩලයට සංශෝධන මොකටද? ඒක අහෝසි කළ යුතු එකක්…!

පුවත්පත් මණ්ඩලය කියලා කියන්නේ ජනමාධ්‍යවේදීන් වගේම ජනමාධ්‍ය සංවිධාන හැමදාම විරුද්ධවුණ දෙයක්. පසුගිය යහපාලනයේත් ප්‍රධාන පොරොන්දුවක් තමයි මේ කැකිල්ලේ උසාවිය අහෝසි කරනවා කියන දේ. එහෙත් ඒ ආණ්ඩුවත් අවසානයේ මේක නොසලකා හැරියා. ඇත්තටම රනිල් වික්‍රමසිංහ හොරගල් ඇහිද ඇහිද ඉදලා වැඩේ අතඇරලා දැම්මා.! 1973 ගෙනාපු මේ ජනමාධ්‍ය මර්ධන යාන්ත්‍රනය නැවත ශක්තිමත් කරන්න වර්තමාන ආණ්ඩුව අදහස් සහ යෝජනා ඉල්ලන්නේ…

coronavirus news

දකුණු අප්‍රිකාවේ කොරෝනා නව ප්‍රභේදය බ්‍රිතාන්‍යයට

දකුණු අප්‍රිකාවෙන් හමු වූ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් සහිත කොරෝනා වයිරස් ප්‍රභේදය එක්සත් රාජධානියෙන් හමුවී තිබේ. එංගලන්තයෙන් ආසාදිතයන් 36 දෙනකු සහ වේල්සයෙන් ආසාදිතයන් දෙදෙනකු හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. එක්සත් රාජධානිය තුළ මෙම නව ප්‍රභේදය ආසාදනය වූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 147 දෙනකු බව වාර්තා වේ. B.1.525 නමැති මෙම වයිරස් ප්‍රභේදය හමුවූ ප්‍රදේශවල ගෙයින් ගෙට ගොස්…

miyanmar1

හමුදා පාලනයට එරෙහිව බෞද්ධ ස්වාමීන් වහන්සේලා පාරට

මියන්මාරයේ ක්‍රියාත්මක හමුදා පාලනයට එරෙහිව විරෝධය දක්වමින් එරට ස්වාමීන් වහන්සේලාත් පසුගියදා විරෝධතාවක නිරත වූ බව වාර්තා වෙයි. හමුදා පාලනය ඉවත් කරමින් දැනට සිරගතකර සිටින එරට නායිකා අවුන් සාන් සුකී ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදිව ඉදිරිපත් වූ රජයේ නිලධාරීන් නිදහස් කරන ලෙස ඉල්ලමින් ස්වාමීන් වහන්සේලා මෙලෙස පාගමනක නිරත වී ඇත. මේ සඳහා ස්වාමීන් වහන්සේ රැසක් සහභාගි වී ඇති අතර…

arest

රන්මාල කොල්ලකරුවන් අල්ලයි

හෙරොයින් ඉරීම සදහා මුදල් උපයා ගැනීමට කාන්තාවන්ගේ රන්මාල කොල්ලකෑ සේවයෙන් නෙරපු ගුවන් හමුදා සෙබළෙකු සහ සහයකයා වන කාර්මිකයෙකු අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ඒකක ස්ථානාධිපති වරයා ඇතුළු නිලධාරින් පිරිසක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. රන්මාල කොල්ලකෑම දින දින ඉහළ යෑම නිසා වහාම කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනා ලෙස අනුරාධපුර කොට්ඨාශභාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා පොලිස් කණ්ඩායමට ලබාදි…