ආසියානු යොවුන් රග්බි ශූරතාවලියෙන් ශ්‍රී ලංකාව ඉවතට

ආසියානු යොවුන් රග්බි ශූරතාවලියෙන් ශ්‍රී ලංකාව ඉවතට

අවුරුදු 19න් පහළ ආසියානු රග්බි ශූරතාවලියට සහභාගිවීම සඳහා පාසල් රග්බි සංගමය මඟින් කළ ඉල්ලීම අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රතිකේෂ්ප කර තිබේ. කොරෝනා වසංගත තත්ත්වය මත සෞඛ්‍ය අංශ විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කරනු ලැබූ සෞඛ්‍ය උපදෙස්මාලාවට අනුව අධි අවදානම් ක්‍රීඩාවක් ලෙස රග්බි ක්‍රීඩාව නම් කර තිබෙන බැවින් ඊට අවසර දිය නොහැකි බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ශාරීරික හා ක්‍රීඩා අධ්‍යක්ෂ…

වාර්තාකාරිනියකට තර්ජනය කළ ධවල මන්දිරයේ නි. මාධ්‍ය ලේකම් ඉල්ලා අස්වෙයි

වාර්තාකාරිනියකට තර්ජනය කළ ධවල මන්දිරයේ නි. මාධ්‍ය ලේකම් ඉල්ලා අස්වෙයි

වාර්තාකාරිනියකට තර්ජනය කිරීමේ චෝදනාව මත ධවල මන්දිරයේ නියෝජ්‍ය මාධ්‍ය ලේකම් ටී. ජේ. ඩුක්ලෝ පඩි රහිතව තනතුරෙන් ඉවත් කිරීමෙන් අනතුරුව ඔහු සේවයෙන් ඉල්ලා අස්වී තිබේ. තමන්ගේ පෞද්ගලික ජීවිතය ගැන ප්‍රශ්න නැඟීමේ දී තාරා පැල්මෙරී නම් දේශපාලන ජනමාධ්‍යවේදිනීයට ඇයව විනාශ කරන බවට ඩුක්ලෝ තර්ජනය කර ඇතැයි වාර්තාවේ. 32 හැවිරිදි ඩුක්ලෝ ට්වීටර් පණිඩුවයක් නිකුත් කරමින් මෙසේ පවසා ඇත,…

හිටපු කථානායක විජමු කොරෝනා ආසාදිතව මියයයි
|

හිටපු කථානායක විජමු කොරෝනා ආසාදිතව මියයයි

කොවිඞ් 19 වෛරසය ආසාදිතව අයිඞීඑච් රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි හිටපු කථානායකවරයකු මෙන්ම කෘතහස්ත දේශපාලඥයකුවූ විජමු ලොකුබණ්ඩාර මහතා ඊයේ (14දා) සවස අභාවප‍්‍රාප්ත විය. මියයන විට ඒ මහතා 81 වැනි වියේ පසුවිය. කොවිඞ් වෛරසය ආසාදනය වීම නිසා ජයවර්ධනපුර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා රෝගය උත්සන්න වීමත් සමග අයිඞීඑච් රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඉකුත් 07 වැනිදා…

lockdown areas in sri lanka today

වෛරස ව්‍යාප්ති වේගය 50% කින් වැඩිවෙයි. යළිත් රට ලොක් ඩවුන් වෙයිද?

අධික ව්‍යාප්තියක් සහිත කොරෝනා නව ප්‍රභේදය රට තුළින් වාර්තා වීමත් සමග, ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡා කිරීම සදහා, කෝවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. කොරෝනා නව ප්‍රබේධයට මුහුණ දීම සදහා රට යළි ලොක් ඩවුන් කළ යුතු යැයි ඇතැම් පාර්ශ්ව අදහස් දක්වා තිබේ. කොරෝනා නව ප්‍රභේධය ආසාදනය වූ…

පිරිවෙන් මූල්‍යාධාරය වැඩි කිරීමට යයි

පිරිවෙන් මූල්‍යාධාරය වැඩි කිරීමට යයි

පිරිවෙන් අධ්‍යාපනය ලබන සාමනේර හිමියන් සඳහා ලබා දෙන පිරිවෙන් මූල්‍යාධාරය මෙම වර්ෂයේ සිට තවත් වැඩි ප්‍රමාණයකට ලබාදීමට සැලසුම් කර ඇතැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම් මහචාර්ය කපිල ගුණවර්ධන මහතා පවසයි. මේ වන විට එම දීමනාව හිමිවන්නෙ දහසක් පමණ හිමිවරුන් ප්‍රමාණයකට වන බැවින් එම ප්‍රමාණය ඉහළ නංවන ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇතැයි හන්තාන සිරි ධම්මරතන…

jiniwa

ජීනිවා යෝජනා ක්‍රියාත්මක නොකළහොත් අන්තර් ජාතික යාන්ත්‍රණයක් ?

තව දින 10 කින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලියේ 46 වන සැසිවාරය ආරම්භ වන අතර මේ සැසිවාරය කරුණු 02 ක් නිසා ලංකාවට වැදගත් වන බව මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා පවසයි. පළමු කරුණ නම් ඒ් මේ සැසිවාරයට මහ කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කරන වාර්තාවය. ඒ් වාර්තාව මඟින් ශ්‍රි ලංකාව කවුන්සලය විසින් සම්මත  කර ඇති යෝජනා කොයි තරම්…

පුවත්පත් මණ්ඩල පනත් සංශෝධනය එන්නේ මොකටද?

පුවත්පත් මණ්ඩල පනත් සංශෝධනය එන්නේ මොකටද?

හැත්තෑව දශකයේදී පුවත්පත් මණ්ඩල පනත ඉදිරිපත් කරනු ලැබුවේ එම වකවානුවේදී ජාත්‍යන්තර වශයෙන්ම පැවති මාධ්‍ය නියාමනය කළ යුතුය කියන ප්‍රවණතාව අනුවයි. ස්වීඩනයෙන් ආරම්භ වී බොහෝ රටවල පුවත්පත් මණ්ඩල හැදී තිබුණා. ලංකාවේ පැවතුණු තත්වය තමයි, පුවත්පත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා වාමාංශයට පක්ෂපාතී නොවන බවට අදහසක් පැවතීම. 1960 දශකයේ පටන්ම පුවත්පත් නියාමනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය…

astrazeneka

ඇස්ට්‍රාසෙනෙකා වගේ ද අපේ බඩු

වසරකට ආසන්න කාලයක් තිස්සේ ඉතා සීග්‍රයෙන් මුලු ලොව පුරා පැතිරුණු කෝවිඩ් 19 වසංගත තත්ත්වය යම් දුරකට පාලනය වන බවක් පසුගිය සතියේ සංඛ්‍යා ලේඛන අනුව බලද්දී පෙනෙන්නට තිබේ. ඒ් රටවල් කිහිපයක් විසින් කෝවිඩ් මර්ධන එන්නත් කිහිපයක් නිපදවා තිබීමත් ඒවා මහජනතාවට ලබාදීමට කටයුතු කිරීමත් නිසාවෙනි. වර්තමානයේ මෙම වසංගතයෙන් දරුණුම ලෙස පීඩාවට පත්වූයේ අප දියුණු යැයි හදුන්වනු ලැබූ…