badweather

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැස්ස වැඩිවෙයි

ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයින පුරා අහස වලාකුළින් බරව පවතිනු ඇත. දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැක. උතුරු සහඋතුරු–මැද පළාත් හරහා සුළගේ වේගය විටින්විට පැ.කි.මී. (40-50)දක්වා වැඩිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවියහැකි තාවකාලික තදසුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Corona virus outbreak in Ukraine on the rise

යුක්‍රේනයේ කොරෝනා වෛරස ව්‍යාප්තිය ඉහළට

යුක්‍රේනය ඊයේ(8) දිනයේ සිට ලබන ජනවාරි 24 වන දා දක්වා රට පුරා පාසල්, ආපනශාලා සහ කාය වර්ධන මධ්‍යස්ථාන වසා දමමින් නව සීමා කිරීම් පැනවීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. යුක්‍රේනයෙන් මේ වනවිට වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 11 ඉක්මවා ගොස් ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 19,588කි.

විපක්ෂ නායක මල්වතු මහා විහාරයට

විපක්ෂ නායක මල්වතු මහා විහාරයට

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (09) මහනුවර ඓතිහාසික මල්වතු මහා විහාරය වෙත පැමිණ මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාදය ලබා ගත්තේය. සමගි ජන බලවේගය මගින් ක්‍රියාත්මක ‘දිනමු’ කමිටු පිහිටුවීමේ වැඩසටහනට සමගාමීව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහනුවර දිස්ත්‍රික්කයේ විහාරථානවල මහා…

ත්‍රිරෝද රථයක් පෙරලීමෙන් තිදෙනකු රෝහලට

ත්‍රිරෝද රථයක් පෙරලීමෙන් තිදෙනකු රෝහලට

කොළඹ සිට ආගරපතන දක්වා ධාවනය වෙමින් තිබු ත්‍රිරෝද රථයක් ලිදුල ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් එහි රියදුරු ඇතුළු තිදෙනකු තුවාල ලබා ලිදුල රෝහලට ඇතුලත් කර ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු ලිදුල පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ කොළඹ සිට ආගරපතන දක්වා ධාවනය වෙමින් තිබු එම ත්‍රිරෝධ රථය ලිදුල රෝහල අසල අඩි 100ක පමන ප්‍රපාතයකට…

death

එලවලු කොටුව ඌරන්ගෙන් බේරාගැනීමට ගොස් පුද්ගලයකු මරුට

එලවලු කොටුවට පැමිනෙන වල් ඌරන් දඩයම් කිරිම සදහා ඇද තිබු විදුලි රැහැනක පැටලි බගවන්තලාව ප්‍රදේශයේ පුද්ගලයකු මිය ගොස් ඇති බව බගවන්තලාව පොලිසිය පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු බගවන්තලාව පොලිසියේ නිලධාරියක් පවසන ලද්දේ 08වන දින සවස විදුලි රැහැනක පැටලි අවුරුදු 62ක් වයැසැති බගවන්තලාව කිවු වතුයායේ පුද්ගලයකු මිය ගොස් අති බවත්ය. මේ පිලිබදව කරන ලද…

වෛද්‍ය වෘත්තිකයන්ගේ උපදෙස්වලට සවන්දී කොවිඩ්-19 ආසාදිතව මළවුන් භූමදානයට අවසර දිය යුතුයි

වෛද්‍ය වෘත්තිකයන්ගේ උපදෙස්වලට සවන්දී කොවිඩ්-19 ආසාදිතව මළවුන් භූමදානයට අවසර දිය යුතුයි

පහත අත්සන් කරන සිවිල් සමාජ සංවිධාන සහ පුද්ගලයන් වන අපි ශ්‍රී ලංකා වෛද්‍ය ක්ෂේත්‍රයේ සුප්‍රකට බලධාරී පුද්ගලයන් හා සංවිධාන විසින් කොවිඩ් 19 ආසාදිතයන්ගේ මෘතදේහ භුමදානය කිරීම අනුමත කරමින් පසුගියදා කරන ලද ප්‍රකාශය සාදරයෙන් පිළිගනිමු . එබැවින් එකී උපදේශ අනුව ක්‍රියා කරමින් දැනට අනුගමනය කරන බලහත්කාරයන් ආදාහනය කිරිමේ පිළිවෙත වහාම නවත්වන ලෙස රජයෙන් ඉල්ලා සිටින්නෙමු.  …

යුක්ක්‍රේන් රැලි

යුක්ක්‍රේන් රැලි

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නැවත ඇරඹීම සදහා ‘සංචාරක බුබුල’ (Travel Bubble) සංකල්පය යටතේ රුසියානු සමූහ ආණ්ඩුවට අයත් රටක් වන යුක්ක්‍රේනයෙන් සංචාරකයින් ගෙන්වීම පසුගිය දෙසැම්බර් 28 වනදා සිට ආරම්භ කරනු ලැබීය. පළමු කණ්ඩායමට යුක්රේන සංචාරකයින් 186ක් පැමිණ තිබූ අතර, ඉන් පසුව පැමිණ පිරිසත් සමග එම ප්‍රමාණය 240ක් බව වාර්තා විය. සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ…

පොලිස් නිලධාරීන් ආකල්පමය වශයෙන් ශක්තිමත් කිරීමට විශාල වැඩ පිළවෙලක් අවශ්‍යයයි!

ඉන්දීය විදේශ ඇමති හිටපු එක්සත් ජාතික පක්ෂ නායකයා හමුවට

ඉන්දීය විදේශ ඇමති හිටපු එක්සත් ජාතික පක්ෂ නායකයා හමුවට

කොවිඩ් වසංගතය හමුවේ කලාපයේ සියලු රටවල් දැඩි අර්බුදයකට මුහුණ පාමින් සිටින මේ අවස්ථාවේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් දැඩි සමීපතාවයකින් කටයුතු කිරීම අවශ්‍යව ඇතැයිද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතාට   පැවසුවේය. එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා මේ කරුණු සඳහන් කළේ දිවයිනට පැමිණ සිටින…

අහංගම පොලිසිය සිදුකළ මීටර් 500 රිවස් කතාන්දරය

අහංගම පොලිසිය සිදුකළ මීටර් 500 රිවස් කතාන්දරය

අහංගම පොලිසියේ රාත්‍රි මුර සේවයේ ගමන් කල ජංගම පොලිස් ජිප් රථය මීටර් 500ක් රිවස් කර (පසු පසට ධාවනය කර) අපුරු සත් කටයුත්තක් සිදු කළේය. මේ නිසා පාසල් ළමුන් හා ගුරුවරු පිරිසක් ගමන් කළ වාහනය මහා අනතුරකින් වලක්වා ගන්නට හැකි විය. පසුගිය ජනවාරි මස 01 දින මෙම සිද්ධිය සිදුව තිබේ. වාහනයේ ගමන් ගත් පාසල් ළමුන් හා…