යතුරුපැදි ජීප් රථ ගැටුමෙන් අයෙකු මරුට

යතුරුපැදි ජීප් රථ ගැටුමෙන් අයෙකු මරුට

හොරණ කොළඹ ප්‍රධාන බස් මාර්ගයේ පිලියන්දල, කැස්බෑව 14 කනුව ප්‍රදේශයේදී යතුරුපැදියක් හා ජීප් රථයක්  මුහුණට මුහුණ ගැටීමෙන් බරපතළ තුවාල ලැබූ යතුරු පැදිකරු මියගිය බව පිළියන්දල පොලිසිය පැවසීය. අනතුරින් මියගොස් ඇත්තේ පිළියන්දල හොන්නන්තර ප්‍රදේශයේ පදිංචිව සිටි  ලින්ටන් ජයකොඩි (68) වියේ පසුවන පුද්ගලයෙකි. හොරණ  දෙස සිට  කැස්බෑව දෙසට පැමිණෙමින් සිටි යතුරුපැදිකරු 14 කණුව ප්‍රදේශයේදී  එකවරම යතුරුපැදිය කුඩමාදුව…

සමහර පිරිස් සෞඛ්‍ය උපදෙස් පිලි පැදිමකින් තොරව කටයුතු කිරීමෙන් කොරෝනා අවදානම වැඩිවේ

සමහර පිරිස් සෞඛ්‍ය උපදෙස් පිලි පැදිමකින් තොරව කටයුතු කිරීමෙන් කොරෝනා අවදානම වැඩිවේ

හැටන් නගරයේ සමහර පිරිස් නිසි ලෙස සෞඛ්‍ය උපදෙස් පිලි පැදිමකින් තොරව කටයුතු කිරිමත් සමග හැටන් නගරය තුල කොවිඩ් 19 වසංගතය හිස එසවිමේ අවදානමක් පවතින බව ප්‍රදේශයේ සමහර පිරිස් පවසති. හැටන් නගරයේ සමහර පදික වෙලදුන් ඇතුළු සමහර පිරිස් මුඛ ආවරණ නොමැතිව සෞඛ්‍ය උපදෙස් පිලි පැදිමකින් තොරව කටයුතු කිරිමත් සමග මෙම තත්වයන් උදාවි ඇත. හැටන් දික්ඔය නගර…

dead

මෙරට කොරෝනා මරණ ගණන 211ක් දක්වා ඉහළට

ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 502 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර වෛරසය ආසාදනය වීමෙන් පුද්ගල මරණ 03ක් ද වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. පුද්ගල මරණ 03ක් ද වාර්තා විමත් සමග  මෙරට කොරෝනා මරණ ගණන 211ක් දක්වා ඉහළ යයි අද දිනය වන විට මෙරටින් වාර්තා වී ඇති…

sanitizer

ලියාපදිංචිය නොමැති සැනිටයිසර් ආනයනය තහනම්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොමැති විෂබීජනාශක දෑත් සේදුම් ද්‍රව්‍ය (sanitizer) ආනයනය තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබේ. ලබන පෙබරවාරී මස 01 වන දා සිට මෙම තහනම බලාත්මක වන බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වේ. ඒ අනුව, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති විෂබීජනාශක දෑත් සේදුම් ද්‍රව්‍ය (sanitizer) ආනයනය, තොග තබා…

සෞරව් ගංගුලි හදිසියේ රෝහල් ගත කරයි

සෞරව් ගංගුලි හදිසියේ රෝහල් ගත කරයි

ඉන්දීය හිටපු ක්‍රිකට් නායකයෙකු සහ ඉන්දීය ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති සෞරව් ගංගුලි හදිසි රෝගී තත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. හෘදයාබාධයක් හේතුවෙන් ඔහු කොල්කටා නුවර රෝහලකට ඇතුලත් කර ඇති බව සදහන් වේ. ඔහු අද සිය නිවසේ කායවර්ධන මධ්‍යස්ථානයේ සිටියදී ඇති වූ අසනීප තත්ත්වයක් මත රෝහල් ගත කිරීම සිදු කර ඇත.

විදේශගත ශ්‍රමිකයන්ගේ පැමිණලි අන්තර්ජාලය ඔස්සේ යොමු කිරිමේ පහසුකම්
|

විදේශගත ශ්‍රමිකයන්ගේ පැමිණලි අන්තර්ජාලය ඔස්සේ යොමු කිරිමේ පහසුකම්

රටේ පවතින වත්මන් තත්වය හේතුවෙන් විදේශ රැකියාවල නියුතු වු වන්ගේ පැමිණිලි අන්තර්ජාලය ඔස්සේ යොමු කිරිමට පහසුකම් සලසා ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. ඒ අනුව විදේශ ගත ශ්‍රමිකයාට හෝ ඔහුගේ පවුලේ ඥාතියෙකුට අදාල විදේශගත ශ්‍රමිකයාගේ පැමිණිල්ල විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිස Online Complain මෙනුව හරහා යොමු කිරිමට හැකිවේ….

post-office

බොරැල්ල තැපැල් ස්ථානාධිපතිට කොවිඩ්

බොරැල්ල තැපැල් ස්ථානාධිපතිවරයාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබේ. බොරැල්ල තැපැල් ස්ථානයේ තවත් සේවකයින් තිදෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කරයි. ආසාදිතයින් හඳුනා ගැනීමත් සමඟ බොරැල්ල තැපැල් ස්ථානය තාවකාලිකව වසා දමා ඇති අතර විෂබීජහරණය කිරීමෙන් අනතුරුව ලබන සඳුදා දිනයේ තැපැල් ස්ථානය විවෘත කිරීමට සැලසුම් කර තිබේ.

පොලොන්නරුවට කලා ගම්මානයක්

පොලොන්නරුවට කලා ගම්මානයක්

නව තාක්ෂණයත් සමග ඉපැරණි හෙළ කලා ශිල්ප හා සංස්කෘතිකාංග නැතිව යාම වලක්වා ගැනීම සඳහා පොලොන්නරුව ට ආවේණික හෙළ කලා ගම්මානයක් බිහි කිරීම ඉතාම විශිෂ්ට පියවරක් බවත් පොලොන්නරුව රාජධානියේ  නැතිවී යමින් තිබෙන ශිල්පීය ඥානය හා  අනන්‍යතාව යලි ගොඩනැගීමට ක්‍රියා කිරීමත් අත්‍යවශ්‍ය බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව මහ නගර…

මස්කෙලියේ රිලා හොරු

මස්කෙලියේ රිලා හොරු

රිළා රංචුවක් හේතුවෙන් මස්කෙළිය නගරයේ ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු නගරවාසීහු දැඩි අසීරුතාවකට පත්ව සිටිති. මස්කෙළිය නගරයේ ඉන්ධන පිරවුම්හල අසල පදිංචි ව්‍යාපාරිකයෝ රිළා උවදුර පිළිබඳ මෙසේ පැවැසීය. ‘‘රිළවුන් 20 කින් පමණ සමන්විත රංචුව දෛනිකව දිවා කාල​යේදී වෙළෙඳසල්වලට හා නිවාසවල මුළුතැන්ගෙයට එනවා. ඇවිල්ලා පිසූ හා වියළි ආහාර ද්‍රව්‍ය රැගෙන යනවා. ආපන ශාලා තුළට කිසිදු බියක් නොමැතිව සමූහයක් ලෙස…

රාජ්‍ය ආයතන වටලන්න වෙස් වලාගත් කණ්ඩායම්

රාජ්‍ය ආයතන වටලන්න වෙස් වලාගත් කණ්ඩායම්

මහජනතාවට රාජ්‍ය ආයතනවලදී දෛනිකව මුහුණ දීමට සිදු වන අපහසුතා අවම කිරීම සඳහා නව වසරේ සිට වෙස්වලාගත් කණ්ඩායම් යොදවා පරීක්ෂණ පැවැත්වීමට සැලසුම් කර ඇත. ප්‍රාදේශීය සභා, නගර සභා, මහනගර සභා, විදුලිබල මණ්ඩලය, ජල සම්පත් මණ්ඩලය, ගොවිජන සේවා, නාගරික සංවර්ධන අධිකාරිය, භූවිද්‍යා හා පතල් කාර්යාංශ, ඉඩම් ගොඩ කිරීමේ දෙපාර්තමේන්තුව, ආදායම් බදු දෙපාර්තමේන්තුව ආදී ආයතනවලදී ජනතාවට එහි සේවකයන්ගෙන්…