හිමිනමගේ අපවත් වීම ඝාතනයක් දැයි සැකයක්
රත්ගම, කටුදම්පේ, පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගීව වැඩ විසූ නෙදර්ලන්ත ජාතික ජිනවංස හිමියන්ගේ හදිසි මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් ඇතුළු පොලිස් කණ්ඩායම් හතරක් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. උන්වහන්සේගේ මරණය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ ආරම්භ කරන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ලබා දුන් උපදෙස් පරිදි මේ පරීක්ෂණ කටයුතු පුළුල්ව ක්‍රියාත්මක…