coronavirus news

ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා රෝගින් 121ක්

ගාල්ල දිස්ත්‍රික්කයේ  මේ දක්වා කාලය තුලදි වැඩිම කොරෝනා රෝගින් සංඛ්‍යාවක් වාර් තා වී ඇත්තේ  බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් බවත් එම සංඛ්‍යාව 44ක් බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි. ඒ අනුව මේ දක්වා කාලය තුළදී ගාල්ල නගර සභා බල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 13 දෙනෙකු, කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි…

Quarantine

නිරෝධාන නිති නොතකා වෙළෙන්දන් ව්‍යාපාර කරයි

හැටන් නගරයේ සමහර වෙළද ව්‍යාපාරිකයන් සෞඛ්‍ය උපදෙස් මෙන්ම නිරෝධාන නිති නොතකා තම ව්‍යාපාර කටයුතු පිලිබදව කටයුතු කිරිමත් සමග හැටන් නගරයේ කොවිඩ් 19 වසංගතය වර්ධනය විමේ අවදානමක් හට ගෙන ඇත. හැටන් ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයන් 15 දෙනකු පමන හදුනා ගැනිමත් සමග හැටන් මුලස්ථාන පොලිසියේ නිලධාරින් මෙන්ම හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරින්ද වරින් වර සමාජ දුරස්ථබාවය තබා ගැනිමත්…

deathbody

දවස් 27කට පස්සේ ගොඩගත්ත මළ සිරුරේත් කොරෝනා

කොවිඩ්-19 ආසාදිතව මියගිය පුද්ගලයකුගේ මෘත දේහයක දින 27කට පසුවත් එම වෛරසය තිබුණු බවට ඔ්ස්ට්‍රෙලියාවේ පර්යේෂක කණ්ඩායමක් විසින් සොයාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පවසයි. ඒ අනුව කොවිඩ්-19 වෛරසය මළ සිරුරක හෝ මතුපිටක වුවද දීර්ඝ කාලයක් වෛරසය පැවතිය හැකි බව ඇය සදහන් කරයි. මෙම කරුණු අනාවරණය කරමින් මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය විසින් සිදුකළ…

Court clerk who killed Manila judge

පිලිපීන විනිසුරුවරියක් ඝාතනය කෙරේ

පිලිපීනයේ මැනිලා අගනුවරදී විනිසුරුවරියක් වෙඩි තබා ඝාතනය කර ඇත. එම විනිසුරුවරියගේ කාර්යාලය තුළදී වෙඩි තැබීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඇයගේ අධිකරණ ලිපිකරු (නීතීඥවරයෙක්) විසින් එම වෙඩි තැබිම සිදුකර ඇති බව අනාවරණය වී ඇති අතර ඉන් අනතුරුව ඔහු ද වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ.    

covid infections today

තවත් උසස් පෙළ සිසුවියක් ආසාධිතවෙයි

කුඩාවැල්ල ප්‍රදේශයේ වයස අවුරුදු 17ක් වූ උසස් පෙළ සිසුවියකට කොවිඩ් 19 ආසාධනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඉකුත් 11 දින තංගල්ල මූලික රෝහලේදී ඇයට සිදු කරන ලද දෙවැනි පී.සී.ආර්. පරීක්ෂණයෙන් අනතුරුව සිසුවියට කොවිඩ් 19 ආසාධනය වී ඇති බවට තහවුරු වී තිබේ. කොවිඩ් ආසාධිත සිසුවිය කඹුරුගමුව රෝහල වෙත යොමු කිරීමට නියමිතව තිබුණි. මීට ප්‍රථම කුඩාවැල්ල ප්‍රදේශයේ…

colombo university bit

කොළඹ විශ්ව විද්‍යාලයේ ඉඩම් පවරා ගැනීමට ආචාර්යවරුන්ගේ විරෝධය අගමැතිට දන්වයි

කොළඹ විශ්ව විද්‍යාලයට අයත් මුත්තයියා නේවාසිකාගාරය පිහිටි අක්කර දෙකක පමණ ඉඩම අත්‍යවශ්‍ය සංවර්ධන කටයුත්තක් සඳහා යැයි පවසමින් නාගරික සංවර්ථන අධිකාරියට පවරා ගැනීම පිළිබඳ දැඩි ලෙස විරෝධය දක්වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් කොළඹ විශ්ව විද්‍යාල ශාස්ත්‍ර පීඨ ආචාර්ය සංගමය දන්වයි. මාධ්‍ය වෙතද නිකුත් කර ඇති එම ලිපියෙහි දක්වන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ කාන්තා සිසුන්…

death

ඇද වැටී තවත් පුද්ගලයෙකු මරුට

පානදුර , බණ්ඩාරණායක මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු ඇද වැටී ඊයේ (12) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ පස්වරු 2.00 ට පමණ අදාළ පුද්ගලයා ඇද වැටී මිය ගොස් ඇති අතර ඔහු පානදුර, තන්තිරිමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට අනාවරණය කරගෙන තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ 63 හැවරිදි පුද්ගලයෙක් ය.

army background

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඩ්‍රෝන රෙජිමේන්තුව ආරම්භ කෙරේ

අනාගත අභියෝගයන්ට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව වැදගත් සංධිස්ථානයකට අවතීර්ණ වෙමින් යුද හමුදා ඩ්‍රෝන රෙජිමේන්තුව අද දින ( 12) ආරම්භ කරන ලදි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් යුද හමුදා මූලස්ථානයෙදී මෙහි සමාරම්භය සනිටුහන් කරන ලදි. නවීන ඩ්‍රෝනවලින් සමන්විත මෙම රෙජිමේන්තුව ශ්‍රි ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව හා සහ සම්බන්ධතාවයකින් ක්‍රියාත්මක වන…

school bags in sri lanka

3 වන වාරයේ ඉගැන්වීම් රූපවාහිනි නාලිකා ඔස්සේ

3 වසරේ සිට 13 වසර දක්වා තුන්වන පාසල් වාරයට අදාළ ප්‍රධාන විෂය නිර්දේශ රූපවාහිනි නාලිකා ඔස්සේආවරණය කිරීමට සැළසුම් කර ඇතැයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ‍, විවෘත විශ්වවිද‍්‍යාල හා දුරස්ථ අධ්‍යාපනප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අද (12) පෙරවරුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේබව ප්‍රකාශ කළේය. මේ වන විට වැඩසටහන් නිෂ්පාදනය වෙමින් පවතින බවත් පැවසු…

parliament-of-sri-lanka

2020 විසර්ජන පනත් කෙටුම්පත සම්මතයි

2020 විසර්ජන පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව අද (12) පාර්ලිමේන්තුවේදී සම්මත විය. අද උදෑසන අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය, මහින්ද රාජපක්ෂ මහතා විසින් 2020 විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අයවැය විවාදය පැවැත්විණි. විපක්ෂයේ විරෝධය සටහන් කරගැනීමෙන් අනතුරුව දෙවනවර කියවීම ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. අනතුරුව 2020 විසර්ජන කෙටුම්පත තෙවනවර කියවීම ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.