covid infections and deaths

බගවන්තලාවෙන් කොවිඩ් ආසාදිතයන් මතුවේ

බගවන්තලාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 27වන දින කොවිඩ් 19 ආසාදිතයන් හය දෙනකු (06) හමුවිමත් සමග එම බල ප්‍රදේශයෙන් කොවිඩ් 19 ආසාදිතයන් දහාතුන් දෙනකු (13) දක්වා ඉහල ගොස් ඇති බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂක කදිරවේල් ගනේස් මහතා පවසයි. බගවන්තලාව ප්‍රදේශයේදි 24වන දින කරන ලද පි. සි. ආර්. පරික්ෂාවලදි මෙම කොවිඩ් 19 ආසාදිතයන් හමුව ඇති බවත්…

lockdown news today

හලාවත ග්‍රාම නිලධාරී වසම් පහකට සංචරණ සීමා

හලාවත පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් 05 ක සංචරණ සීමා පැනවීමට තීරණය කළ බව හලාවත පොලීසිය පවසයි. ඒ අනුව හලාවත නගර සීමාවට අයත් උතුරු වෙරළබඩ , කුරුසපාඩුව, දකුණු වෙරළ බඩ , එගොඩවත්ත සහ වෙරළබඩ යන ග්‍රාම නිලධාරී වසම් වලට සංචරන සීමා පනවා තිබේ. මේ ග්‍රාම නිලධාරී වසම් වල පවුල් 2356 ක් ජීවත් වේ. පසුගිය දින…

දෙමාපියන්  මහවිලච්චිය ගාමිණි විද්‍යාලය වටලයි

දෙමාපියන් මහවිලච්චිය ගාමිණි විද්‍යාලය වටලයි

පාසලින් අස්වීම් සහතිකය ලබාගැනීමට ළමුන් දෙදෙනෙකුට ඉඩ ලබාදෙන ලෙස ශ්‍රීලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මගින් ලබාදුන් තීන්දුවකට අනුව අනුරාධපුර මහ විලච්චිය කොට්ඨාශයේ පිහිටි දුෂ්කර පාසලක් වන මහවිලච්චිය ගාමිණි විද්‍යාලයේ දරුවන් 18 දෙනෙකු වහාම ඉවත්කර ගැනීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලමින් ඊයේ (25දා) උදෑසන දෙමාපියන් පිරිසක් විද්‍යාලයේ විදුහල්පති කාර්යාලය වටලා තිබේ. සිසු සිසුවියන් 136 දෙනෙකු ඉගෙනුම ලබන…

බන්ධනාගාරගතව සිටි නිර්දෝෂි පුද්ගලයාව වහාම මුදාහරියි
|

බන්ධනාගාරගතව සිටි නිර්දෝෂි පුද්ගලයාව වහාම මුදාහරියි

සිය නිවසට වතුර වීදුරුවක් ඉල්ලාගෙන පැමිණි පුද්ගලයෙකු තමන් කෙලෙසීම නිසා ගැබිණියක්වු බවට බාලවයස්කාර පාසල් සිසුවියක සිදුකල චෝදනාවකට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි තිදරු පියෙකු වහාම නිදහස්කර මුදාහරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසාවිනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා පෙරේදා (24දා) සවස අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරිවරයාට නියෝග කළේය. වහාම නියෝගය ක්‍රියාත්මක කර මුදාහරින ලෙස නියෝග කරණු…

මල්ලි අප්පුව මංසන්ධියේ සිට එම්. ආර්. නගරය දක්වා අඩි 40ක් පලල මාර්ගයක්

මල්ලි අප්පුව මංසන්ධියේ සිට එම්. ආර්. නගරය දක්වා අඩි 40ක් පලල මාර්ගයක්

හැටන් නගරය සංවර්ධන කිරිමේ වැඩ සටහන යටතේ හැටන් මල්ලි අප්පුව මංසන්ධියේ සිට හැටන් එම්. ආර්. නගරය දක්වා අඩි 40ක් පලල මාර්ගයක් ඉදිකිරිමට මාර්ග සංවර්ධන අධිකාරිය මගින් පියවර ගෙන ඇත. හැටන් නගරය සංවර්ධන කිරිම පිලිබදව හැටන් නගරයේ වෙළද ප්‍රජාව සමග 25වන දින හැටන් නගර ශාලාවේදි පැවති හමුවකදි වතු නිවාස සංවර්ධන ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන්…

මැරඩෝනා මිය යයි

මැරඩෝනා මිය යයි

ලොව ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙකු වන 1986 පාපන්දු ලෝක කුසලානය ආර්ජන්ටිනාවට දිනා දුන් ඩියගෝ මැරඩෝනා අභාවප්‍රාප්ත වී ඇත. නිවසේ සිටියදී ඇතිවූ හෘදයාබාධයකින් ඔහු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය 11 වනදා ඔහු ශල්‍යකර්මයකට භාජනය කර තිබේ.මිය යන විට ඔහු 60 හැවිරිදි වියේ පසුවිය.

police

කොල්ලුපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපති අභාවප්‍රාප්ත වෙයි

හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් කොල්ලුපිටිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක ජේ.එම් නිලන්ත යන නිලධාරියා ගාලු මුවදොර පිටියේ ව්‍යායාම් කරමින් සිටියදී හදිසියේ ඇදවැටී (26) වන දින උදෑසන මියගොස් ඇති බව කොල්ලුපිටිය පොලිසිය පැවසීය. මියගිය, පොලිස් නිලධාරියා (42) හැවිරිදි දෙදරු පියෙකු වන අතර පස්සර, මාඋස්සාගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් පොලිසිය පැවසීය. මෙම…

weather satellite view

නිවාර් තමිල්නාඩුවට

නිවාර් සුළි කුණාටුව ඉන්දියාවේ, ‍තමිල්නාඩු ප්‍රාන්තයට කඩා වැදී තිබේ. ඉන්දීය කාලගුණ විද්‍යා බලධාරීන් සඳහන් කළේ, පැයට කිලෝමීටර් 135 ක සුළං වේගයකින් පුදුචේරි සහ තමිල්නාඩු වෙරළ හරහා හමාගිය නිවාර්හි ප්‍රබලත්වය මේ වනවිට දුර්වලව ඇති බවයි. එය ඉදිරි පැය 6 තුළ ඉන්දියාවේ උතුරු සහ වයඹදිග ප්‍රදේශ කරා හමායමින් තවදුරටත් ප්‍රබලත්වයෙන් අඩු වනු ඇතැයි ඉන්දීය කාලගුණ විද්‍යා බලධාරීන්…

online

අද කෝප් කමිටුව Online එයි

පළමුවරට Online තාක්ෂණය ඔස්සේ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව රැස්වීම අද පැවැත්වේ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය පැවසුවේ, කැලණි ගගේ ජල දූෂණය සම්බන්ධයෙන් Online තාක්ෂණය ඔසේ කෝප් කමිටු රැස්වීම පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එස්. එච්. මුණසිංහ, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. ඒ. චූලානන්ද පෙරේරා, රාජ්‍ය සේවා, පළාත්…

Climate change heat index advisory doh heat index advisory deped advisory heat index heat index temperature heat index danger levels high heat index advisory is there a heat advisory today what is a heat advisory heat index factors heat index explained heat index for food heat index today

නිවාර් උතුරේ හා වය‌ඹේ සුළඟේ වේගය වැඩි කරයි

නිවාර් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ඉදිරි පැය 12 තුළ උතුරු සහ වයඹ දෙසින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. තද වැසි, තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම මුහුදු ප්‍රදේශවල…