ජෝ බයිඩන් – මම ජයග්‍රාහී මාවතේ
|

ජෝ බයිඩන් – මම ජයග්‍රාහී මාවතේ

අමෙරිකානු ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් මීට සුළු වේලාවකට ප්‍රථම සිය පාක්ෂිකයින් ඇමතීය. “අපි විශ්වාස කරනවා අපි මේ මැතිවරණය ජයගන්නා මාවතේ ඉන්නා බව” මේ වනවිට ප්‍රාන්ත 39ක ප්‍රතිඵල නිකුත් වී ඇති අතර  බයිඩන් කොට්ඨාස 237ක් ලබාගෙන ඇති අතර ඩොනල්ඩ් ට්‍රම්ප් හිමිකරගෙන ඇති කොට්ඨාස ගණන 210කි.

coronavirus tips

කොරෝනා මඩින්න පොලනොන්නරුවට ප්‍රමාණවත් පහසුකම් නෑ

නව කොරෝනා වෛරසය ආසාධිතයින් 1500 ද ඉක්මවා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පවත්වාගෙන යනු ලබන ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඊට සරිලන සේ  වෛරස් සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ සේවවාව ඇතුළු වෛද්‍යවරුන් , සෞඛ්‍ය කාර්ය මණ්ඩල හා පී.සී.ආර්.යන්ත්‍ර හෝ පර්යේෂණාගාර ඇතුළ අවශ්‍ය පහසුකම් සැපයීමේ අඩුවක් නිසා අවදානම් සහගත තත්ත්වයක් පවතින බවත් සෞඛ්‍ය අංශ අනතුරු අගවති. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ…

ආර්ථික මධ්‍යස්ථාන තුනක් අද විවෘත වේ

ආර්ථික මධ්‍යස්ථාන තුනක් අද විවෘත වේ

නාරාහේන්පිට, රත්මලාන සහ බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථාන අද සිට තොග වෙළඳාම සඳහා පමණක් විවෘත කෙරෙනවා. කෙසේවෙතත්, වැලිසර ආර්ථික මධ්‍යස්ථානය 09 වන සඳුදා විවෘත කෙරෙන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ ප‍්‍රකාශ කළේ. නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳාම් කටයුතු අද පෙරවරු 06 සිට පස්වරු 06 දක්වා කි‍්‍රයාත්මකයි. සෞඛ්‍ය ක‍්‍රමවේදයන්ට අනුව ආර්ථික මධ්‍යස්ථානවල කටයුතු සිදු කිරීමට වග බලාගන්නා ලෙස…

ජෝ බයිඩන් ඉදිරියෙන්

ජෝ බයිඩන් ඉදිරියෙන්

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව මැතිවරණ ගණ (ඡන්ද සමූහ) 209 ක බලය තහවුරු කරගැනීමට හිටපු උප ජනාධිපති සහ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් සමත්ව ඇත. ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වීමට නම් ඉලෙක්ටෝරල් කොලේජ් යන ඉංග්‍රීසි වදනින් හඳුන්වන මැතිවරණ ගණ 270ක බලහ හිමි කරගත යුතුය. ඇමෙරිකානු මැතිවරණ ක්‍රමය තුළ තිබෙන…

Coronavirus3

වසංගතය පාලන තීරණ ගැනීමේ බලය දිස්ත්‍රික් ලේකම්වරුන්ට

කොවිඩ් -19 වසංගතය පාලනය කිරීම සඳහා උපරිම ක්‍රියාමාර්ග ගැනීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට උපදෙස් ලබාදී තිබේ. එමෙන්ම දිස්ත්‍රික්කවල ආර්ථික මට්ටම සහ ජන ජීවිතය අඛණ්ඩව පවත්වාගෙනයාම සඳහා තීරණ ගැනීමේ බලය දිස්ත්‍රික් ලේකම්වරුන්ට පවරාදීමට ද අවශ්‍ය පියවරගෙන ඇති බව සඳහන් වෙයි. කොවිඩ් -19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම…

ජනපතිගෙන් නියෝගයක් පැය 48ක් තුල කළ යුතුයි

ජනපතිගෙන් නියෝගයක් පැය 48ක් තුල කළ යුතුයි

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සෞදි අරාබියේ ආරක්ෂිත නිවාසවල රැඳීසිටින පිරිස් ඉදිරි පැය 48ක කාලය තුළ දිවයිනට ගෙන්වාගැනීමට රජය සැළසුම් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයකට අනුව සෞදි අරාබියේ රැඳීසිටින පිරිසක් මෙලෙස දිවයිනට ගෙන්වාගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. අදාළ පිරිස් මෙරටට ගෙන්වාගැනීම…

kiri hodi

හොදි කෑවාම වෙන දේ දන්නවාද?

සමහර අය බත් එක්ක හොදි කන්න හරිම ආසයි. හොදි කන අය හොදි දීසි පිටින් කද්දී තව සමහරුන්ට හොදි පේන්න බෑ. එයාලා කැමති හින්දපු ව්‍යාංජන එක්ක බත් කන්න. ~ අපේ අත්තම්මලා සීයලා නම් – හොදි වලෆෑන්ස් ලා. මම දවසක් ඇයි හොදි වලට ඔච්චර ආස කියලා ඇහුවම එයාලා කීවේ අපිට ඉතින් උඹලට වගේ හයියට හපන්න දත් නෑනේ…

වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් අනුන්ගේ වාහන පෙන්වා මුදල් ගැරූ තරුණයා

වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් අනුන්ගේ වාහන පෙන්වා මුදල් ගැරූ තරුණයා

ඔහු හොරණ අධිකරණයේ සේවය කරන නීතිඥවරයෙකි. ඔහුට හොඳ තත්ත්වයේ මොටර් රථයක් ගැනීමට අත්‍යවශ්‍ය වී තිබුණි. මේ සඳහා පෙරමුණ ගත්තේ ඔහුගේ සහෝදරියකි. ඇය ප්‍රසිද්ධ වෙබ් අඩවියකින් රුපියල් ලක්ෂ 29 ට විකිණිමට පළ කර තිබු  ටොයොටා කොරෝල්ලා 1219- 2005 මොටර් රථයක් තෝරා ගත්තාය. ඇය ඒය තෝරා ගැනීමට හේතු වුයේ වර්තමානයේ මෙම මොටර් රථයක මිල රුපියල් ලක්ෂ 32…

ඉසඩ් ඩී ඇලේ පැය7ක මෙහෙයුම සාර්ථක වෙයි (පින්තූර)

ඉසඩ් ඩී ඇලේ පැය7ක මෙහෙයුම සාර්ථක වෙයි (පින්තූර)

වැලිකන්ද කාසන් වැවේ සිට ඕමාඩියා මඩු දක්වා දියවර ගෙනයන ඉසඩ් ඩී ඇළට අද (03) අලුයම වැ‍ටුණු අලියෙකු ගොඩ ගැනීමේ මෙහෙයුම පැය 7කට පසු සාර්ථක කර ගත් බව පොලොන්නරුව වනජීවී කාර්යාලය පවසයි. එහි ප්‍රකාශකයෙකු පැවසුවේඅද (03) අලුයම 3.00 ට පමණ වැලිකන්ද නාගස්තැන්න ප්‍රදේශයේ දී මෙම අලියා ඉසඩ් ඩී ඇලට වැටී ගොඩ ඒමට නොහැකිව සිට ඇති බවට…

පානදුර වෙරළට ගොඩගැසූ තල්මසුන් සාගරයට මුදාහැරේ

පානදුර වෙරළට ගොඩගැසූ තල්මසුන් සාගරයට මුදාහැරේ

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව පානදුර වෙරළ තීරයට ගොඩගැසූ තල්මසුන් රංචුවක් නැවත නිරුපද්‍රිතව සාගරය වෙත මුදා හැරීමේ මෙහෙයුමක් 2020 නොවැම්බර් 02වන දින සිදු කෙරිණි. ඒ අනුව, මෙලෙස පානදුර වෙරළ තීරය වෙත ගොඩගසා තිබූ තල්මසුන් 100කට ආසන්න ප්‍රමාණයක් නිරුපද්‍රිතව නැවතත් ගැඹුරු මුහුද වෙත රැගෙන යාම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළ ආරක්‍ෂක…