keheliya
|

වෙබ් අඩවි නියාමනය ඉදිරි සති 02ක තුළ – ජනමාධ්‍ය විද්‍යාලයක්

වෙබ් අඩවි නියාමනයට පාලනයක් අවශ්‍ය බවත්, ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් ඉදිරි සති 02 තුළ ක්‍රියාත්මක කරන බවත් ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට පාර්ලිමේන්තුවේදී එක් වෙමින් පැවසීය. පුරවැසියන්ගේ ආත්ම ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම වෙනුවෙන් පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කළ යුතු බව අමාත්‍යවරයා උපදේශක කාරක සභාවේදී අවධාරණය කළේය….

කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබදව ලෝක බැංකුවෙන් පැසසුම්

කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබදව ලෝක බැංකුවෙන් පැසසුම්

වර්තමානයේ මුළු ලෝකයම මුහුණ දී තිබෙන කෝවිඩ් වසංගත තත්වය හමුවේ ශ්‍රී ලංකාව කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගනිමින් ඔවුන්ගේ සුබසාධනය සඳහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ලෝක බැංකුවේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත චියෝ කන්ඩා (Chiyo Kanda) මහත්මිය සිය ප්‍රශංසාව පළකරයි. එසේම ඉදිරියේදී ඇතිවන තත්ත්වයන් හමුවේ වුවද මතු වන අර්බුදයන්ට මුහුණ දී ඒවාට විසඳුම් දී රටේ ආර්ථිකය පවත්වා ගෙන…

coronavirus news

කොරෝනා අවධානම කොළඹට

කොළඹ දිස්ත්‍රික්කය තවමත් අවධානම් තත්ත්වයේ පසුවන බැවින් එම දිස්ත්‍රික්කයේ වෙසෙන ජනතාව අවධානයෙන් පසුවන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා. මේ අතර මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ දිනය වන විට 20,000 සීමාව ඉක්මවා ගියා. ඒ, ඊයේ දිනයේදී මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 391 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. එලෙස හඳුනා ගැනුණු ආසාදිතයින්…

advanced level

පාසල් 5100ක් අද විවෘත වෙයි

පුර්ණ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රවේද යටතේ බස්නාහිර පළාත සහ හුදකලා කරන ලද පොලිස් බලප්‍රදේශවල පිහිටි පාසල් හැර අනෙක් ප්‍රදේශවල පිහිටි සියලු රජයේ පාසල් 6 සිට 13 වන ශ්‍රේණි දක්වා අද (23) දිනයේ සිට විවෘත කෙරෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ, සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ සහ…

lockdown news today

පොලිස් වසම් කිහිපයක හෙට අගුලු අරී

කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල හුදෙකලා කර ඇති පොලිස් වසම් කිහිපයක් හෙට(23) අලුයම 5.00 සිට අගුලු ඉවත් කරන  බව කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ධානය දැනුම් දෙයි. හුදෙකලා කිරීම ඉවත්කරන සහ තවදුරටත් හුදෙකලා කරමින් තබන එම පොලිස් වසම් පහත නිවේදනයේ දැක්වේ.  

බේරුවල උණුසුම් තත්ත්වයක්

බේරුවල උණුසුම් තත්ත්වයක්

බේරුවල ධීවර වරාය තුළ සිල්ලරට මාළු වෙළදාම් සිදුකිරීමට අවසර ලබා නොදීම හේතුවෙන් ධීවරයින් පිරිසක් ඊයේ (21) පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වී තිබේ. බේරුවල ධීවර වරාය පරිශ්‍රය තුළ සිල්ලරට වෙළෙඳාම තහනම් කළ ද නගරය ආශ්‍රිතව මාළු වෙළෙඳාම සිදුවන බව උද්ඝෝෂකයින් සඳහන් කළේය. ධීවරයින්ගේ ඉල්ලීමට අනුව සෞඛ්‍ය නීතිරීති අනුගමනය කරමින් අද (22)  සිට බේරුවල ධීවර වරායේ සිල්ලරට මාළු…

dead

තවත් කොවිඩ් මරණ 9ක්

කොවිඩ් රෝගීන් 9 දෙනෙකුගේ මරණ ඊයේ (21) දින වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. ඒ අනුව මෙරටදී වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 83කි.

pcr-machine
|

කළුතරට පී.සී.ආර්. යන්ත්‍රයක් ගැනිමට සතියක් ඇතුලත ලක්ෂ 27 ක්

කළුතරට පී.සී.ආර්. යන්ත්‍රයක් මිළදී ගැනීමේ කළුතර දිස්ත්‍රික් සුව සරණ සෞඛ්‍ය අරමුදල සදහා සතියක් ඇතුලත රුපියල් ලක්ෂ විසිහතක මුදලක් පරිත්‍යාගකරමින් ජනතාව හැකි අයුරින් මිනිස් ජීවිත බේරිගැනීමට උරදෙමින් සිටිති. කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්ව සිටින කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ රෝග පරික්ෂාවට විශාල අඩුවක්ව පවතින පී.සී.ආර්. යන්ත්‍රයක් කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යයතනයට ලබාදිම සදහා ආරම්භකල සුව සරණ සෞඛ්‍ය අරමුදල මේවන විට…

lockdown news today

අටළුගමත් හුදෙකලා වෙයි

නව කොරෝනා ආසාදිත පුද්ගලයින් පිරිසක් හමුනීමත් සමග බණ්ඩාරගම, අටළුගම ගම්මානය හුදෙකලා කිරීමට පියවර ගෙන තිබෙන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. අටළුගම ගම්මානයෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 17 දෙනෙකු වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

coronavirus news

ඊයේ දිනයේත් ආසාදිතයන් 435 ක්

ඊයේ දිනය තුළදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 435 ක් දක්වා ඉහළ ගියේය. ඊයේ රාත්‍රියේදී හඳුනාගත් ආසාදිතයන් සියලු දෙනා පෑලියගොඩ කොරෝනා පොකුරෙහි ආශ්‍රිතයෝ වෙති. මේ දක්වා මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙහි සමස්ත ආසාදිතයන් ගණන 15,550 ක් වූ අතර අද රාත්‍රියේදී හඳුනාගත් පිරිස සමග එම අගය 15,765 ක් විය.‍