death

21වන කොවිඩ් මරණය මහරින් වාර්තා වෙයි

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 21වැනි කොවිඩ් -19 මරණය සිදු වී තිබේ.එසේ මියගොස් ඇත්තේ 40 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු වැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පිරිමි අයෙකි.ඔහු කඩවත, මහර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පළමු PCR පරීක්ෂණයෙන් ඔහු ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන නොමැත. නමුත් ඊයේ (31) දින ඔහු මිය යෑමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණයේදී කළ දෙවැනි PCR පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිතයෙක්…

ඇඳිරි නීතිය පිළිබඳ යුධ හමුදාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ඇඳිරි නීතිය පිළිබඳ යුධ හමුදාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දින 07ක කාලයක් එනම් නොවැම්බර් මස 09 වෙනිදා පෙරවරු 5.00 දක්වා බලපැවැත්වෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. මිට අමතරව හෙට පෙරවරු 5 සිට රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ පොලිස් බලප්‍රදේශයට, කුරුණෑගල පොලිස් බලප්‍රදේශයට සහ කුලියාපිටිය පොලිස් බලප්‍රදේශයට ද නොවැම්බර් 09 වෙනිදා පෙරවරු 5.00 දක්වා…

telephone

රෝග ලක්ෂණ ඇත්නම් දැනුම්දීමට දුරකථන අංකයක්

ඇඳිරිනීතිය පනවා ඇති කාලය තුළ යම් රෝග ලක්ෂණයක් ඇති වුවහොත් දැනුම්දීමට නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ. අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා පවසා සිටියේ, එහිදී රෝගියාට සිදුවන අපහසුතාවය අවම කර ගත හැකි බවය. දුරකථන අංකය – 0117 966 366 මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය සංජීව…

ශලනි තාරකා නිරෝධායනයට

ශලනි තාරකා නිරෝධායනයට

නිරෝධායන ඇඳිරි නීති සමයේ ටෙලි නාට්‍ය රූගත කිරීමක් සඳහා කොළඹ සිට බණ්ඩාරවෙල ප්‍රදේශය වෙත ගොස් රූගත කිරීමක් සඳහා සහභාගී වෙමින් සිටියදී ප්‍රදේශවාසීන් විසින් සිදු කළ පැමිණිලි මත ටෙලි නිළි ශලනි තාරකා ඇතුළු නළු නිළියන් පිරිසක් බණ්ඩාරවෙල ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ට හසුවීමෙන් පසු ඒම ප්‍රදේශයේ දින 14 ක නිරෝධායනයකට යටත්ව සිටින ලෙස දන්වා ඇතැයි වාර්තාවේ.

bond

ජේම්ස් බොන්ඩ් මිය යයි

සුප්‍රකට ජේම්ස් බොන්ඩ් චරිතය රගපෑමෙන් ලොව පුරා සිනමා රසික සිත් දිනාගත් බ්‍රිතාන්‍ය නළු ශ්‍රීමත් ශෝන් කොනරි අද මිය ගොස් ඇත. ඔහු මිය යන විට 90 වියේ පසුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ස්කොට්ලන්තයේ උපත ලැබූ ශෝන් කොනරි වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ ජේම්ස් බොන්ඩ් රහස් ඒජන්තවරයා ලෙසය. ඔහු බොන්ඩ් චිත්‍රපට 07කට රංගනයෙන් දායක වී තිබේ. 2000 වසරේ…

coronavirus news

කොරෝනා වෛරසයේ පැතිරීම වේගවත් වෙයි

මෙරටින් වාර්තා වන නව කොරෝනා වෛරස ප්‍රභේදය ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත් එය මිට පෙර අවස්ථාවේදී රටේ ව්‍යාප්ත වෙමින් තිබු කොවිඩ් වෛරස ප්‍රභේදයට වඩා හාත්පසින්ම වෙනස් එකක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජිව මුණසිංහ ප්‍රකාශ කර සිටිනවා. පැතිරෙමින් පවතින මෙම කොවිඩ් වෛරසයේ ප්‍රභේදය සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාඥවරියක් වන මහාචාර්ය නිලීකා මලවිගේ…

coronavirus news

සුපර් මාර්කට්වලටත් කොරෝනා ඇතුළුවේ

සොෆ්ට්ලොජික් සමූහයට අයත් ‘ග්ලෝමාර්ක්’ සුපිරි වෙළෙදසැල් සමූහයේ සේවකයන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. අහඹු ලෙස කරන ලද පීසීආර් පරීක්ෂණවලදී මේ බව හදුනාගෙන තිබුණා. මෙසේ ආසාදිත වූ දෙදෙනා කොට්ටාව සුපිරිවෙළෙදසැලේ සේවය කර ඇති බව එම සමාගම නිකුත් කළ නිවේදනයේ සදහන්.

සීගිරිය සංචාරක පොලිසියේ ස්ථානාධිපතිවරයාත් හදිසියේ මිය යයි

සීගිරිය සංචාරක පොලිසියේ ස්ථානාධිපතිවරයාත් හදිසියේ මිය යයි

සීගිරිය සංචාරක පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රාජකාරී කටයුත්තක් සඳහා සීගිරිය ගලතරණය කරමින් සිටියදී හදිසියේ අසනීප තත්ත්වයක් පත්ව රෝහල් ගත කිරීමෙන්  මිය ගොස් ඇතැයි ගලේවෙල පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ සීගිරිය සංචාරක පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච් .එම් .උපාලියි කරුණාතිලක නම් 58 හැවිරිදි තිදරු පියෙකි . මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතා සීගිරිය පොලිසිය හා සීගිරිය…

ඇඳිරි නීති බලපත්‍ර වෙනුවට හැඳුනුම්පත යොදා ගත හැකි ආයතන 80ක් ප්‍රකාශ කෙරේ

ඇඳිරි නීති බලපත්‍ර වෙනුවට හැඳුනුම්පත යොදා ගත හැකි ආයතන 80ක් ප්‍රකාශ කෙරේ

ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල රාජකාරී සේවා ස්ථාන කරා ගමන් කිරීමේදී හා පිටවීමේදී ඇඳිරි නීති බලපත්‍ර ලෙස සිය සේවා හැඳුනුම්පත භාවිතා කළ හැකි රාජ්‍ය ආයතන ඇතුළු ආයතන 80 කට අධික සංඛ්‍යාවක් පිළිබඳ විශේෂ චක්‍රලේඛයක් පොලිසිය නිකුත් කර තිබේ. මේ අයට රාජකාරී සඳහා ගමන් කිරීමකදී පොලිසියට ගොස් අමතර බලපත්‍ර ලබාගැනීම වෙනුවට සිය හැඳුනුම්පත පිළිගත් ඇඳිරිනීති බලපත්‍රයක්…

7.0 ක ප්‍රභලත්වයකින් යුත් භූ කම්පනයෙන් සුනාමි තත්ත්වයක්

7.0 ක ප්‍රභලත්වයකින් යුත් භූ කම්පනයෙන් සුනාමි තත්ත්වයක්

භූ කම්පනයකින් තුර්කියට සහ ග්‍රීසියට දැඩි හානි සිදුව තිබේ. ඒජියන් මුහුදේ  සිදුවූ රිච්ටර් මාපාංක 7.0 ක ප්‍රභලත්වයකින් යුත් භූ කම්පනයකින් ග්‍රීසියේ සහ තුර්කියේ 22 කට වැඩි පිරිසක් මියගොස් බොහෝ අලාභ හානි සිදුවී තිබුණි. වෙරළබඩ ප්‍රදේශවල සුළු සුනාමි තත්ත්වයක් ද හටගෙන ඇති අතර ඊට බියවූ ජනතාව වීදි දිගේ දිවගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තුර්කියේ ඉස්මිර්…