death

බියගම OIC හදිසියේ මිය යයි

බියගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ. ඒ.සි.ඵල්. අමරසේකර මහතා (29දා) පස්වරුවේ හදිසියේ රෝගාතුර වී කිරිබත්ගොඩ රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත. පොලිස් ස්ථානාධිපතිවරයා රාජකාරී කටයුත්තකට සහභාගී වී පොලිස් ස්ථානය වෙත පැමිණෙමින් සිටියදී මෙසේ රෝගාතුර වී ඇත . ස්ථානාධිපති රයාගේ දේහය මෙ වනවිට කිරිබත්ගොඩ රජයේ රෝහලේ තබා ඇති අතර මරණ පරික්ෂණය පැවැත්වීමට නියමිතය.

තවත් බ්‍රැන්ඩික්ස් කම්හලකින් කොරෝනා රෝගීන් මතුවෙයි

තවත් බ්‍රැන්ඩික්ස් කම්හලකින් කොරෝනා රෝගීන් මතුවෙයි

කොග්ගල ප්‍රදේශයේ පිහිටා ඇති බ්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන සේවිකාවකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයකින් තහවුරු වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා ප්‍රකාශ කර සිටිනවා. එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන සේවිකාවන් දෙදෙනෙකුට උණ, කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග…

poya

වප් පුර පසළොස්වක පෝය අදයි – කඨින පූජෝත්සව සීමා කරන්න

බුදුරජාණන් වහන්සේ තව්තිසා දිව්‍යලෝකයේ සිට වස් පවාරණය කර දඹදිව සංකස්ස පුරයට වැඩම කළේ, අද වැනි පුර පසළොස්වක පොහොය දිනකදී ය. වස් සමාදන් වූ භික්ෂූන් වස් පවාරණය කරන්නේ ද අද දිනයේ ය. කොරෝනා තත්ත්වය හමුවේ අවම පිරිසකගේ සහභාගීත්වයෙන් කඨින පූජෝත්සවය පවත්වන්නැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව දිවයිනේ සියලු විහාරස්ථාන වෙත දැනුම් දෙයි. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත…

coronaupdates

ගත වූ පැය 24 තුල කෙරෝනා ආසාදිතයින් 582ක්

ගත වූ පැය 24 තුල තවත් කෙරෝනා ආසාදිතයින් 582 දෙනෙකු හඳුනා ගැනුණි. මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තාවන මුලු ආසාදිතයින් ගණන 6313 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 9791 ක් ලෙස වාර්තා වන බවයි. කොරෝනා ආසාදිත පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබේ.

හැටන් තුන්වන දිනටත් හුදකලා වෙයි – තව දුරටත් විෂබීජහරනයට

හැටන් තුන්වන දිනටත් හුදකලා වෙයි – තව දුරටත් විෂබීජහරනයට

හැටන් ප්‍රද්ශයෙන් කොවිඩ් 19 අසාධිතයන් 11 දෙනකු වාර්ථාවිමත් සමග තුන්වන දිනටත් හුදකලා වු  හැටන් නගරය තව දුරටත් විෂබීජහරනයට ලක් කිරිමට පියවර ගන්නා බව හැටන් දිකඔය නගර සභාපති එස්. බාලචන්ද්‍රන් මහතා පවසයි. හැටන් නගරයට පැලියගොඩින් මාළු රැගෙන පැමිනි මාළු ව්‍යාපාරියකුට කොවිඩ් 19 වැලදිමත් සමග ඔහුගේ සමිපතයන් පි. සි. ආර්. පරික්ෂාවට ලක් කිරිමෙන් පසු 11 දෙනකු කොවිඩ්…

SRI LANKA-POLITICS-VOTE
|

20 බලාත්මකයි

කෙටුම්පත්කරණය සඳහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමුකළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත යළි අද දිනයේ පාර්ලිමේන්තුව වෙත ලැබීමෙන් අනතුරුව තානායකවරයා විසින් ඊට අත්සන යොදා සහතික කර තිබෙනවා. තුනෙන් දෙකක බහුතර බලයකින්, 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගිය 22 වන දා පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

පොම්පියෝ දිනේෂ් සමග සිටියට වඩා වැඩි වෙලාවක් ඉන්දීවරී එක්ක ඉඳලා

පොම්පියෝ දිනේෂ් සමග සිටියට වඩා වැඩි වෙලාවක් ඉන්දීවරී එක්ක ඉඳලා

දිවයිනට පැමිණි අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෙරට විදේශ ඇමතිවරයා සමග ගතකල කාලයට වඩා වැඩිකාලයක් ‘දෙරණ’ නාලිකාව වෙනුවෙන් වෙන්කර තිබීම හෙළිවීම මාධ්‍ය හා දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහකට ලක්වෙමින් තිබේ. එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම්වරයා මාධ්‍යවේදීන් පිරිසක් කැඳවා පැවැත්වූ හමුව ප්‍රශ්න දෙකකට පමණක් සිමාව තිබිය දී දෙරණ නාලිකාවේ මාධ්‍යවේදීනී ඉන්දීවරී අමුවත්තට ප්‍රශ්න ගණනක් ඇසීමේ වරම…

පිටසක්වලයින්ට එදිරිව විලෝපිකයා
|

පිටසක්වලයින්ට එදිරිව විලෝපිකයා

සිය අදහස් පළ කිරීමේදී චීනය හා ශ්‍රී ලංකාව අතර ඇති සබඳතාව කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ රාජ්‍ය ලේකම් පොම්පියෝ, චීන කොමියුනිස්ට් පක්ෂය “කොල්ලකාරයකු නැතහොත් විලෝපියකු” ලෙස හදුන්වා දුන්නේය. චීනය මෙන් නොව ඇමරිකාව ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරකු බවත් ඇමරිකාව සැම විටම රටේ ප්‍රජාතන්ත්‍රවාදය, ස්වෛරීභාවය සහ නිදහස රැකීමට කටයුතු කරන බව ද කීය. “ශ්‍රී ලංකාවේ ජනතාව ස්වෛරීත්වය…

isolated areas in colombo

ඇහැලියගොඩට සංචරණ සීමා

ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශය තුළ අද  (29) රාත්‍රි 12 සිට ලබන 02 වනදා එනම් සදුදා උදෑසන පහ දක්වා සංචරණ සීමාවන් පැනවිමට ඇහැලියගොඩ ප්‍රාදේශීය කොරොනා මර්දන කමිටුව තීරණය කළේය . රත්නපුර දිස්ත්‍රික්කයේ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් එනම් ආසාදිතයින් අටදෙනෙකු ඇහැලියගොඩ කොට්ටාසයේ වාර්තාවිම නිසා මෙම තීරණය ගත් බව ඇහැලියගොඩ ප්‍රාදේශීය  සෞඛ්‍ය වෙද්‍ය නිලධාරී නන්දන කුමාරසිංහ මහතා පැවසීය….

අද වෙළෙඳෙසැල් සහ ඖෂධසැල් විවෘත වෙන හැටි

අද වෙළෙඳෙසැල් සහ ඖෂධසැල් විවෘත වෙන හැටි

ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල අද (29) උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා වෙළෙඳෙසැල් සහ ඖෂධසැල් විවෘතව තැබීමට පියවර ගෙන තිබෙනවා. මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයටම නිරෝධායන ඇඳිරිනීතිය බලපැවැත් වේ. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ 21 කට හා කළුතර දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ 5කට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත්…