
පොලොන්නරුව වන ජීවී කලාපය තුළ 43 වන අලි මරණය වාර්තාවෙයි
පොලොන්නරුව වන ජීවී කලාපය තුළ මෙම වසරේ සිදු වූ 43 වන අලි මරණය අද (17) බකමූණ 504 ගම්මානයෙන් වාර්තා වූ බව වනජීවී නිලධාරීහු පවසති. මෙම අලියා කුඹුරු යායක් ඉදිරිපිට ඇළක හදිසියේ මියගොස් තිබෙන බවත් මිය යාමට හේතුව පශ්චාත් මරණ පරික්ෂණයෙන් පසු අලියාගේ මරණයට හේතුව අනාවරණය වනු ඇති බවත් පොලොන්නරුව වනජීවී කලාප කාර්යාලය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන්…

පෞද්ගලික අංශයේ 50% වැටුප සේවයට නොපැමිණෙන අයට පමණයි
කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා වැටුපෙන් 50% හෝ රු.14,500 යන දෙකෙන් වැඩි මුදල ගෙවීම අදාල වන්නේ ඒ ඒ ආයතනවල සේවයට නොපැමිණෙන සේවකයන් සඳහා පමණක් බව කම්කරු අමාත්‍යංශයේ ස්ථාපිත කොවිඩ් 19 ත්‍රෛපාර්ශවික කාර්ය සාධක බලකාය තීරණය කර ඇත. කොවිඩ් 19 තත්වය තුළ පෞද්ගලික අංශයේ රැකියා සඳහා සේවකයන්ට වාර්තා කිරීමට නොහැකිවීම සහ එම…

කොළඹ විශ්ව විද්‍යාලයේ ඉඩම් පවරා ගැනීමට සිසුන්ගේත් දැඩි විරෝධයක්
කොළඹ විශ්ව විද්‍යාලයේ මුත්තයියා කාන්තා නේවාසිකාගාරය පිහිටි ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමටතීරණය කිරීමත් සමග ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් ආචාර්යවරුන්ගෙන් මෙන්ම සිසුන්ගෙන්ද එල්ල වෙමින් තිබේ. විශේෂයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පෙන්වා දෙන්නේ මුත්තයියා නේවාසිකාගාරය පිහිටි බිම මේ වන විටත් පවරා ගැනීමට තීරණය වී ඇති බවත් එමෙන්ම කොළඹ විශ්ව විද්‍යාලය තුළ පිහිටි ග්‍රහලෝකාගාරය සහිත…

ඔස්ට්‍රේලියාව ලොව විශාලතම වෙළද ගිවිසුමට අත්සන් තබයි
ඔස්ට්‍රේලියාව ලොව විශාලතම වෙළෙඳ ගිවිසුමට එක්වීමට නියමිත අතර එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සහ වෙළෙඳ අමාත්‍ය සයිමන් බර්මින්ග්හැම් ඊට අත්සන් තැබීමට නියමිතය. රටවල් 15 ක් මෙම වෙළෙඳ ගිවිසුමට එක්වීමට නියමිත අතර ඒ අනුව මෙය ලොව විශාලතම නිදහස් වෙළෙඳ ගිවිසුම වනු ඇතැයි ද පැවසේ. මෙම ගිවිසුමට එක්වන රටවල් 15 ගෝලීය ආර්ථිකයෙන් තුනෙන් එකකට හිමිකම් කීම ද විශේෂත්වයකි….

බ්‍රිතාන්‍ය අගමැති යළිත් ස්වයං නිරෝධායනයට
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් යළිත් ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. අගමැතිවරයා සමග සාකච්ඡා පැවැත්වු මන්ත්‍රීවරයෙකු කොවිඩ් ආසාදිතයෙකු බවට හදුනාගැනීම හේතුවෙන් මෙසේ ස්වයං නිරෝධනයනයට යොමු කර ඇත. ඔහු පසුගිය අප්‍රේල් මාසයේද කොරෝනා ආසාදනය වී රෝහල් ගත කෙරුණු අතර එහිදී දින 03 ක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබිණි.

ඉන්දීය ජනප්‍රිය නළු සෞමිත්‍රා චැටර්ජි කොරෝනා වැළදීමෙන් ජිවිතක්ෂයට
ඉන්දීය ජනප්‍රිය රංගන ශිල්පියෙකු වූ සෞමිත්‍රා චැටර්ජි කොවිඩ් ආසාදිතව ඇති වඋ සංකූලතා හේතුවෙන් ජිවිතක්ෂයට පත් වී තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. මිය යන විට ඔහු 85 වන වියේ පසු වු අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය බලවත් ශෝකය ඔහු වෙනුවෙන් පළ කර ඇත 1959 සිට 1990 දක්වා කාලය තුළ ඔහු සත්‍යජිත් රායිගේ චිත්‍රපට…

ගිනි අවි සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් ඊයම් බොල් වෙඩි බෙහෙත් සමග සැකකරුවන් දෙදෙනෙක් නෙළුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව නෙළුව පොලිසිය පවසයි. නනළුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත 2020.11.16 වන දින සිදු මෙහෙයුමක දී බටහිර මිල්ලව ප්‍රදේශයෙන් මෙරට නිෂ්පාදිත ගිනි අවි 02ක් ඊයම් බෝල හා වෙඩි බෙහෙත් ග්‍රැම්ස් 03ක් සමග සැකකරුවන් දෙදෙනෙක් පොලිසිය විසන්…

හබරාදුව ප්‍රාදේශිය සභාවට කොරෝනා ආක්‍රමණය කරයි
හබරාදුව ප්‍රාදේශිය සභාවේ සේවිකාවකගේ සැමියා කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනිම නිසා හබරාදුව ප්‍රාදේශිය සභා කාර්යාලය ඊයේ (16) තාවකාලිව වසා විෂ බිජ හරණය කොට සේවකයින් දස දෙනෙකු නිරෝධායනය කිරිමට පියවර ගත් බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ හබරාදුව ප්‍රධාන සංවිධායක, හබරාදුව ප්‍රාදේශිය සභාවේ සභාපති දිල්ශාන් විදානගමගේ මහතා පැවසිය. ඉමදුව කනංකේ ප්‍රදේශයේ පදිංචි මෙම සේවිකාව ආයුර්වේද අංශයේ…

මෙරට කොවිඩ් ආසාදිතයින් 17,674ක් දක්වා ඉහළට
මෙරට සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 17,674ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනයේ වාර්තා වු නව ආසාදිතයින්ගෙන් 231ක් දෙනෙක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 42ක් හා කළුතරින් 20ක් ලෙස ද ආසාදිතයින් වාර්තා වී ඇත. කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් ගණන 5,899ක් දක්වා…