death

කොරෝනා මරණ 44 ට නගී

තවත් කොවිඩ් ආසාදිත මරණ හතරක් වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මෙරටින් වාර්තා වන කොවිඩ් – 19 ආසාදනය හේතුවෙන් මියගිය මුළු රෝගීන් සංඛ්‍යාව 44ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දෙයි. එක් පුද්ගලයෙක් කොළඹ 11 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක පිරිමි අයෙකි. ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී මියගොස් සිට ඇත. අනෙක්…

breakingnews

ජනපතිගෙන් නියෝගයක්

වහාම ක්‍රියාත්මක වන පරිදි  බස්නාහිර පළාතේ සිට සෙසු පළාත් වෙත පුද්ගලයන්ට සංචරණය කිරීම වැළැක්වීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ලබන 15 වන දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මෙම තහනම ක්‍රියාත්මක බවය.

muthurajawela wetland park

මුතුරාජවෙල හරිත හදවත ලොක් ඩවුන් වෙයිද?

මුතුරාජවෙල මුතු නොවන අමුතු කතාන්දරය සත්තකින්ම අගනේය. අතීතයේ සරු කුඹුරු යායක් ලෙස ප්‍රචලිත වූ මෙය මුතු මෙන් වටිනා සහල් ලබා දුන් රජුට අයත් වෙල් යාය නිසා මුතුරාජවෙල නම් වූ බව ජනශැති වල සඳහන් වේ. මෙහි සත්‍යය කතාන්දරය ද මුතු මෙන් අගනේය. එය සත්තකින්ම තිත්ත වුවද නමුත් පෙන්වා දියයුතුව ඇත. සමහර පිරිසකට සමහර දෙනාට මෙය රිදෙන්නට…

corona death benefits

කොවිඩ් මරණ භූමදානය නුසුදුසු බවට විශේෂඥයින් කියයි

කොරෝනා වෛරසයෙන් මියයන පුද්ගලයින් භූමදානය කිරීමෙන් එම වෛරසය භූ ගත ජලයට එක්වීමේ අවදානමක් ද පැවතිය හැකි බවට විශේෂඥයින් මත පළ කරනවා. මෙම වෛරසය අප ජලයේ ඇති බවට ලොව පුරා සිදුකළ පරීක්ෂණවලදි දැනටමත් තහවුරු වී ඇති බවයි ඔවුන් පවසන්නේ. කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින්ගේ මළ සිරුරු භූමදානය කිරීමෙන් සිදුවිය හැකි තත්ත්වයන් පිළිබඳ ශ‍්‍රී ලංකාව තුලදී ද, විශේෂ…

sea

යාපනය ප්‍රදේශයෙන් මුහුදු ජලය ගොඩට

යාපනය මහ නගර සභා බල ප්‍රදේශය තුළ මුහුදු ජලය ගොඩට පැමිණීම හේතුවෙන් වෙරළ ආසන්නයේ ජීවත් වන පවුල් 85 ක පමණ ජනතාව පීඩාවට පත්ව තිබේ. ඒ අනුව යාපනය දිස්ත්‍රීක්කයේ පිහිටි ජේ 161 ග්‍රාම නිලධාරී වසමේ එලිලුර් හා මහේන්ද්‍රපුරම් යන ගම්මාන දෙකෙහි පවුල් 50 ක් පමණ නිවෙස් වලට මුහුදු ජලය ගොඩ ගැලීම හේතුවෙන් පීඩාවට පත්ව සිටී. ජේ…

corona task force

ජෝ කොරෝනා පාලන කාර්ය සාධක බළකායට

ඇමෙරිකාවේ තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන්, මහජන සෞඛ්‍ය විශේෂඥයන් දෙදෙනකු ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා පත් කෙරෙන කාර්ය සාධක බලකාය සඳහා තෝරාගෙන ඇතැයි ඇමෙරිකානු පුවත් සේවා වාර්තා කරයි. ජෝ බයිඩන්  ‘කොවිඩ්-19’ කාර්යසාධක බලකාය මේ සතියේදී පත් කරනු ඇතැයි ද ඇමෙරිකානු වාර්තා සඳහන් කරයි. නව කොරෝනා වයිරසය පාලනය කිරීමට කඩිනම් පියවර ගන්නා බව…

joe biden biography

බයිඩන්ගෙන් වාර්තා රැසක්

ජෝ බයිඩන් 1942 නොවැම්බර් 20 වැනිදා පෙන්සිල්වේනියාවේදී උපත ලැබූ අතර ඔහු සිය මව් පිය දෙපාර්ශ්වයෙන් බ්‍රිතාන්‍ය-ප්‍රංශ සම්භවයක් සහිත පුද්ගලයකු ද වෙයි. 1968 වසරේදී රිපබ්ලිකන් පක්ෂ සාමාජිකත්වය ලබා ගෙන දේශපාලනට පිවිසෙන ලදි. ඔහුගේ ගමනේ කූඨප්‍රාප්තිය වූයේ  ජනාධිපති බැරක් ඔබාමා යටතේ එක්සත් ජනපදයේ උප ජනාධිපති ධුරය හෙබවීමය. ඔහු ජනාධිපතිධුරයට පත්වන්නේ 77 වැනි වියේදී වන අතර ඒ අනුව…

world health organization latest news

ශ්‍රී ලංකාව අවධානම් – WHO

ශ්‍රී ලංකාව තුළ නැවත වතාවක් කොරෝනා ව්‍යාප්තියක් ඇති වී තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරනවා. වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ මහත්මිය පවසන්නේ ශ‍්‍රී ලංකාව අද වන විට ඇත්තේ අවදානම් තත්ත්වයක බවයි. ජනතාව අද හැසිරෙන සහ ක්‍රියාත්මක වන ආකාරය මත රෝගයේ අනාගත ගමන් මග තීරණය වනු ඇතැයි ද ඇය සඳහන් කළා. නිතර අත් සේදීම, මුඛ ආවරණයක් පැලදීම,…

dead

කොරෝනා මරණ 5ක්

අද දිනයේ කොවිඩ් ආසාදිත මරණය 05ක් වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 41 ක් දක්වා ඉහළ ගොස් ඇත.

lockdown areas in sri lanka today

ගලගෙදරින් ගම් 3 කට සංචරණ සීමා

ගලගෙදර පොලිස් බල ප්‍රදේශයට අයත් කුඹුරේගම ආශ්‍රිත ප්‍රදේශයෙන් කොවිඩ් 19 ආසාදිතයින් පස් දෙනෙකු වාර්තා වීමත් සමඟ එම ප්‍රදේශයේ ග්‍රාම නිළධාරි වසම් තුනක් සඳහා  සංචරණ සීමා පනවනු ලැබ තිබේ. ගලගෙදර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට  අයත් කුඹුරේගම, දිපලාගොඩ සහ ඈතමුල්ල යන ග්‍රාම නිළධාරි වසම් සඳහා මෙලෙස සංචරණ සීමා පනවනු ලැබ තිබේ. මහනුවර බොක්කාවල  හරංකහව  මාර්ගයේ ගමන් ගන්නා  බස් රථ ඇතුළු වාහන මෙම සංචරණ…