jumma

ජුම්මා පල්ලියේ වීශේෂ යාඥණාවක්

ශ්‍රි ලංකාවෙන් කොවිඩ් 19 වසංගය දුරුවේවායි ප්‍රාර්ථනා කරමින් හැටන් ජුම්මා මුස්ලිම් දේවස්ථානයේදි වීශේෂ යාඥණාවක් 08වන දින සවස 6.00ට පමන පවත්වන ලදි. මුස්ලිම් සංස්කෘතික දෙපාර්ථමේන්තු විසින් කරන ලද දැනුම් දිමක් මත මෙම වීශේෂ යාඥණාව පැවති අතර මෙහිදි දික්ඔය අරාබි පාසලේ විදුහල්පති මවුලවි අයි. එම්. මුබාරක් පුජක තුමන් විසින් එම වීශේෂ යාඥණාව පවත්වන ලදි. මෙම අවස්ථාවට හැටන්…

diwali 2020 india

දිපවාලී උත්සවය පැමිණෙන සියලුම දෙනා ස්වයං නිරෝධානයට

ලග එන දිපවාලී උත්සවය සදහා හැටන් පොලිස් කොට්ඨාශ බල ප්‍රදේශයට බාහිර ප්‍රදේශවලින් පැමිණෙන සියලුම දෙනා ස්වයං නිරෝධානය ලක් කිරිමට පියවර ගන්නා බව හැටන් ජේෂ්ඨ පොලිස් අධිකාරි විජිතද අල්විස් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු විජිතද අල්විස් මහතා පවසන ලද්දේ ලග එන දීපවාලී උත්සවය සැමරිමට බස්නාහිර ඇතුළු විවිධ ප්‍රදේශවල සිට හැටන් පොලිස් කොට්ඨාශයට විශාල…

culture bottle

ඉදිරියේදී අසහනකාරී ව්‍යාධීන් සහිත පරම්පරාවක්

බෞද්ධ සාහිත්‍ය හා සංස්කෘතික වටපිටාවක් තිබෙන රටක් තමයි අපේ රට. නමුත් අපිට දැන් කාලෙක ඉදලා පේනවා රටේ දරුවන් ලිංගික අපයෝජනයට සහ හිංසනයට වැඩි ලක්වීමේ ප්‍රවණතාවයක්. ඇයි අපේ දරුවන් මෙච්චර අනාරක්ෂිත වෙලා තියෙන්නේ. මම කුඩා කාලයේ මා සමග ආච්චි සීයා නෑදෑයෝ හිටියා. බොහොම සාමාන්‍ය, නිදහස්, ඉවසීමෙන් යුතු පරිසරයක් තිබුනේ. අපිට කියලා පෞද්ගලිකත්වයක් තිබුනේ නැහැ. ඔය ප්‍රයිවසි…

american election announcement

එක්සත් ජනපද ජනාධිපතිවරණ ප්‍රථිඵලය ලංකාවට ‍ කෙසේ බලපායිද?

එක්සත් ජනපද මැතිවරණය ඒකීය මැතිවරණයක් නොවෙයි. එය වෙන වෙනම මැතිවරණ 51ක එකතුවක්. තැපැල් ඡන්දත් ගොඩක් තිබෙනවා. ඒ නිසා අවසන් ප්‍රතිඵලය පැය කීපයකින් ලබාගන්නට බැහැ. මෙම මැතිවරණය කොවිඩ්-19 වසංගතය හා ආර්ථිකයට එයින් ඇතිවන බලපෑම කෙරෙහි අවධානය යොමු කළ එකක්. මා සිතන පරිදි, වසංගතය පාලනයෙන් ගිලිහෙමින් තිබෙනවා. එයින් ආර්ථිකයට සිදුවන දෙය දරුණු වෙන්නට පුළුවන්. ඒ නිසා, කවුරු…

post office agent

මධ්‍යම තැපැල් හුවමාරුව විවෘත වෙයි

කොරෝනා වෛරස ව්‍යාප්ත තත්ත්වය හේතුවෙන් පසුගිය 5 වැනි දා සිට මුළුමණින් අත්හිටුවා දමා තිබූ මධ්‍යම තැපැල් හුවමාරුවේ රාජකාරි කටයුතු අද (09) සිට යළි විවෘත කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සදහන් කළේ ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමඟ සීමිත රාජකාරී කිහිපයක් සඳහා පමණක් එය විවෘත කෙරෙන බවයි. ඒ අනුව, ජාත්‍යන්තර…

death

5000 ගන්න ගොස් ඇද වැටී මරුට

රුපියල් පන්දහසේ දීමනාව ලබා ගැනීමට කටාන, කදිරාන ග්‍රාම නිලධාරී කාර්යාලයේ පෝලිමේ සිටි කාන්තාවක් ඊයේ (08) ඇදවැටී මියගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ ඇටඹගහවත්ත, උතුරු කදිරාන පදිංචි උඩුගම කෝරාළලාගේ සෝමාවතී නමැති හැටදෙහැවිරිදි කාන්තාවකි.

corona death count sri lanka

35වන කොවිඩ් මරණය වාර්තා වේ

මෙරට 35 වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරයි. මෙලෙස මියගියේ 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වන අතර, ඔහු රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් ඇත. පශ්චාත් මරණ පරීක්ෂණයේදී කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හදුනාගෙන ඇති අතර, මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්-19 ආසාදනය සමග ඇති වූ හෘදයාබාධයක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරයි.

තරුණයෙක්ට කොරෝනා සමග තවත් රෝගයක් පොසිටිව් වෙයි

තරුණයෙක්ට කොරෝනා සමග තවත් රෝගයක් පොසිටිව් වෙයි

කලාතුරකින් වාර්තාවන ඩෙංගු සහ කොවිඩ් – 19 යන වෛරස් දෙකම ආසාදනය වූ රෝගියෙකු මීගමුව රෝහලෙන් හමු වී තිබේ. මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලදී ඩෙංගු සහ කොවිඩ් – 19 යන රෝග තත්වයන් දෙකම අසාදනය වී ඇති බව වෛද්‍යවරුන් තහවුරු කරගෙන තිබේ. අසාධය තත්වයේ පසුවන ඔහු වහාම කොළඹ IDH රෝහල වෙත යොමු කර…

england army
|

කොවිඩ් සටනට එංගලන්තයත් හමුදාව කැඳවයි

එංගලන්තය පුරා පැතිරයන කොවිඩ් -19 වසංගතය පාලනයට යුද හමුදාව කැඳවීමට එරට බලධාරීන් කටයුතු කර තිබේ. ඒ අනුව යෝක්ෂයර් රෙජිමේන්තුවේ භට කණ්ඩායමක් ඊට කැඳවා ඇතිබව සී එන් එන් පුවත් සේවය වාර්තා කළේය. එම හමුදා සාමාජිකයින් මේ වනවිට ලිවර්පුල් ප්‍රදේශයේ සිදුකරනු ලබන ආසාදිතයින් හඳුනාගැනීමේ ක්‍රියාවලියට දායකත්වය දෙයි.

හෙට ඇඳිරි නීතිය ඉවත් කෙරුණත් හුදෙකලා කොට ඇති ප්‍රදේශ මෙන්න

හෙට ඇඳිරි නීතිය ඉවත් කෙරුණත් හුදෙකලා කොට ඇති ප්‍රදේශ මෙන්න

බස්නාහිර පළාතේ දැනට බලපවත්වන ඇඳිරි නීතිය මින් පෙර දන්වා සිටි පරිදි හෙට (9) උදෑසන ස්ථිරවම ඉවත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද උදෑසන පුවත්පත් සිරස්තල වැඩසටහනකට එක්වෙමින් දන්වා සිටියේය. එම ඉවත්කිරීම එසේ සිදුවුවත් ප්‍රදේශ කිහිපයක් තවදුරටත් ලොක්ඩවුන් තත්වයේ පවතින බවද දන්වා සිටි අතර එම ප්‍රදේශ වලින් පිටවීමට ඇතුළුවීමට තහනම් කර ඇති…