GMOA – Government Medical Officers' Association

GMOA අනතුරු ඇඟවීමක්

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් නිසි තක්සේරුවක් සිදුනොකළහොත් ඉදිරියේදී රටම වසා දැමීමේ අවදානම් සහිත තත්ත්වයක් උද්ගත වනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි. එම සංගමය සඳහන් කළේ වර්තමානයේ කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනෙන ප්‍රදේශ සිතියම්ගත කර එම ප්‍රදේශ වසා දැමීමට අවශ්‍ය පියවර ගත යුතු බවයි. මේ දක්වාත් වසංගත රෝග විද්‍යා අංශය ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති…

පොලොන්නරුව මහ රෝහලේ 22 වාට්‍ටුව වැසේ

පොලොන්නරුව මහ රෝහලේ 22 වාට්‍ටුව වැසේ

පොලොන්නරුව මහ රෝහලේ 22 වාට්‍ටුවේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටි කාන්තාවකට නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි අනාවරණය කරගෙන තිබේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන 22 වාට්‍ටුව වසා දැමීමට රෝහල් බලධාරින් ක්‍රියා කොට තිබේ. මෙම කාන්තාව ඉකුත් 10 වන දින අසනීප තත්ත්වයක් නිසා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත්ව නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට ඇත.වෙනත් අසනීපයක් නිසා මිනුවන්ගොඩ ප්‍රදේශයේ දේශීය…

ITN මාධ්‍යවේදියාට දෙවන PCR පරීක්ෂණයෙන් කොරෝනා නෑ

ITN මාධ්‍යවේදියාට දෙවන PCR පරීක්ෂණයෙන් කොරෝනා නෑ

ITN මාධ්‍යවේදියාගේ සිදු කළ දෙවැනි PCR පරීක්ෂණයෙන් ඔහු කොවිඩ්-19 ආසාදිතයකු නොවන බව හෙලිවී තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ බව තහවුරු කර තිබුණා.

20 වෙනි ස්ථාවරය ඉදිරියට ගෙන යාම පිලිබඳ යළිත් සිතන්න

20 වෙනි ස්ථාවරය ඉදිරියට ගෙන යාම පිලිබඳ යළිත් සිතන්න

ජනතාවගේ අයිතිවාසිකම් සීමා කිරීම එම අයිතීන් ශක්තිමත් කරන ලද පවතින ආණ්ඩුක්‍්‍රම ව්‍යවස්ථාව හෝ අන් කිසිදු ක්‍රමයක් යොදාගනිමින් සිදු නොකළ යුතු යැයි ශ්‍රි ලංකා ජාතික සාම මණ්ඩලය පවසයි. 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව පෙර නොවූ විරූ මහජන විරෝධයක් පැන නැගී ඇති අතර එය මේ වන විට අධිකරණ පරීක්ෂණයකට භාජනය වෙමින් පවතින බවත් ආගමික නායකයින්, වෘත්තීය…

මාධ්‍යවේදීන් නිවෙස්වලම ඉන්න

මාධ්‍යවේදීන් නිවෙස්වලම ඉන්න

කොරෝනා වැළඳුනු බවට සැක කරන ස්වාධින රුපවාහිනියේ මාධ්‍යවේදියෙක් නිසා මාධ්‍යවේදීන් අතර දැඩි කතාබහක් මතුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් රජය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙනවා.  

lockdown areas in sri lanka today

ස්වාධීන රූපවාහිනිය Lockdown

ස්වාධීන රූපවාහිනි ආයතනය මේ වන විට කිසිවෙකුට ඇතුළුවීමට හා ඉන් පිටවීම අත්හිටුවීමට කටයුතු කර තිබේ. එම රූපවාහිනී ආයතනයේ සේවය කරන කැමරා ශිල්පියකු කොරෝනා ආසාදිත බව වාර්තා වීමත් සමග මෙම පියවර ගෙන ඇත.

ගම්පහ කොරෝනා ආසාදිතයින් 1485 ක්

ගම්පහ කොරෝනා ආසාදිතයින් 1485 ක්

ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වනවිට සිදු කරන ලද PCR පරීක්ෂණවලින් 1485 දෙනෙකුට කොරෝනා ආසාදිත බවට තහවුරු වී තිබේ. ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සඳහන් ක‌ළේ, මේ වනවිට PCR පරීක්ෂණ 19416ක් ගම්පහ දිස්ත්‍රික්කයේ සිදු කර ඇති බවයි. ගම්පහ දිස්ත්‍රික්කයේ නිදහස් වෙළෙඳ කලාපවල නිරන්තරයෙන් PCR පරීක්ෂණ සිදුකරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරයා සදහන් කළේ ය.

තවත් ගම්මාන පහක් හුදෙකලා කෙරේ

තවත් ගම්මාන පහක් හුදෙකලා කෙරේ

රඹුක්කන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ ඊරියගොල්ල ගමිමානයේ කොවිඩි 19 ආසාධිත 36 හැවිරිදි ඇඟලුමි සේවිකාවක් හමුවිමත් සමග ගම් පහක් හුදකලා කිරිමට පියවර ගෙන තිබෙනවා. වල්කොටුව, කිරිවල්ලාපිටිය, අලවත්ත , පිල්ලකුඹුර , ඇඹුල්අඹේ යන ගමිමාන මෙසේ හුදකලා කිරිමට පියවර ගත් බව රඹුක්කන පොලිස් ස්ථානාධිපති වරයා සඳහන් කළා. මෙම සේවිකාව පසුගිය 29දා නිවාඩු ලබා රඹුක්කන නිවසට පැමිණ ඇති අතර…

coronavirus news

මිනුවන්ගොඩ පොකුර 1850ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් ආසාදිතයින් 61 දෙනෙක් හඳුනා ගැනීමත් සමග  මිනුවන්ගොඩ කොවිඩ් ආසාදිත පොකුර ආසාදිතයින් 1850ක් දක්වා ඉහළ ගොස් තිබේ. අලුතින් වාර්තාවන ආසාදිතයින්ගෙන් තිදෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ආශ්‍රිතයින් හෝ කාර්ය මණ්ඩල සේවකයින් වේ. සෙසු 58 දෙනා ඇඟලුම් කම්හලේ සේවකයින්ගේ ආශ්‍රිතයින් වන බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මධ්‍යම කදුකරයට අධික වැසි

මධ්‍යම කදුකරයට අධික වැසි

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට මෙම දිනවල ඇද හැලෙන අධික වැසි හා සුලං තත්වයන් හේතුවෙන් හැටන් හා ආශ්‍රිත ප්‍රදේශවල සමන්‍ය ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ මෙම ප්‍රදේශයන්ට දැනට දින ගනනාවක් පුරාවට පවතින වැසි හා සුලං තත්වයන් හේතුවෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. තමන් දෛනිකව යම් කුලි…