තවත් පෞද්ගලික රෝහලක් වසා දැමේ

තවත් පෞද්ගලික රෝහලක් වසා දැමේ

අම්බලන්ගොඩ නගර මධ්‍යයේ පිහිටි පෞද්ගලික රෝහලක් අද (15) උදෑසන වසා දැමීමට අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය පියවර ගත්තා. කොවිඩ්-19 යැයි සැකසිතෙන රෝගියෙකු මේ රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණියේ යයි කියන ලද තොරතුරකට අනුව පෞද්ගලික රෝහල වසා දැමීමට පියවරගත් බව අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයකු සඳහන් කළා.

ලක්ෂ 50 ක වියදමින් හදන යෝධ ඇරපයිමා

ලක්ෂ 50 ක වියදමින් හදන යෝධ ඇරපයිමා

අපේ කාතාන්දරයේ කතා නායකයා සත්තකින්ම මිනිසුකු නම් නොවේ.ඒ කතා නායකයා සින්දර වු මාළුවෙකි.මේ කතාන්දරය අන්දර වැට සත්තකින්ම සුන්දර සුරංගනා කතාවක් නම් නොවේ.සැබැ ලෝකයේ ලංකාවේ සුන්දර මිල අධික මැණික් මෙන් සුන්දර ගමක සිටින සුන්දර ලස්සන මාළු යාළුවා සොය අප ගියෙමු. මේ ඒ මාළුවාගේ කතාන්දරයයි. වර්තමාන සමාජයේ සුරතල් සතුන් ඇති කිරීම සුලභව දක්නට ලැබෙන අතර සුරතල් මසුන් …

busstand

කොරෝනා රෝගීන් ගමන් ගත් බස් රථ අංක සහ ධාවන ප්‍රදේශ මෙන්න

කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් බවට තහවුරු වු පුද්ගලයින් ගමන් ගත් බස් රථ 06ක් මේ වන විට හඳුනාගෙන තිබේ. ඊයේ (14) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍යවරයා මේ බව තහවුරු කර සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, “අපි හඳුනා ගෙන තියෙනවා බස් රථ ගණනාවක්, ND 4890 කොළඹ – මැදගම ගිය බස් රථයේ…

පල්ලියක් අසල අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 4ක්

පල්ලියක් අසල අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 4ක්

යාපනය නගරයේ කතෝලික පල්ලියක් ආසන්නයෙන් අධිබලැති පුපුරණද්‍රව්‍ය කිලෝ 4 ග්‍රෑම් 3 ක් සමගනින් ඩෙටනේටර් තොගයක්  (13) දින සවස සොයාගත් බවට යාපනය පොලිස් විශේෂකාර්ය බලකාය පවසයි. යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් යුද හමුදා බුද්ධි අංශයට ලැබුනු තොරතුරකට අනුව යාපනය සෙන්පැටික්ස් කතෝලික පල්ලියක් ආසන්නයේදී සඟවා තිබියදී මෙම පුපුරණද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.

මැනිං වෙළෙඳ සංකීර්ණයේ කඩත් වැසේ

මැනිං වෙළෙඳ සංකීර්ණයේ කඩත් වැසේ

කොරෝනා අවදානම හේතුවෙන් පිටකොටුව මැනිං වෙළෙඳ සංකීර්ණයේ වෙළඳ 32 ක් වසා දමා තිබේ. මැනිං වෙළෙඳ සංකීර්ණයේ සේවකයකුගේ බිරිඳක් කොරෝනා ආසාදිත ලෙස හඳුනා ගැනීමත් සමග මෙම පියවර ගෙන ඇත. ආරක්ෂිත පියවරක් ලෙස වෙළඳසැල වසාදැමීමට සෞඛ්‍ය අංශ උපදෙස් ලබාදුන් බව එහි පරිපාලනය කියයි.

පොලොන්නරුවේ 47 දෙනෙකුට කොරෝනා

පොලොන්නරුවේ 47 දෙනෙකුට කොරෝනා

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් 47 දෙනෙකු කොරෝනා වෛරසය ආසාධිතයින් බවට හදුනාගෙන ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවත් වැලිකන්ද කොරෝනා විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර කළ හැකි රෝගීන් සංඛ්‍යාව උපරිම මට්ටමක පවතින බවත් තවත් ආසාධිතයින් හඳුනාගතහොත් ඔවුන් වෙනත් රෝහල් කරා යොමු කිරීමට සිදු වන බවත් පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ…

ඇඳිරි නීතිය නොදැමූ ප්‍රදේශ 16 කින් කොරෝනා ආසාදිතයින් හමුවෙයි

ඇඳිරි නීතිය නොදැමූ ප්‍රදේශ 16 කින් කොරෝනා ආසාදිතයින් හමුවෙයි

‪ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 194 දෙනා ගෙන් 80 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් වාර්තා වූ බවත් සෙසු 114 දෙනා විවිධ ප්‍රදේශ වලින් හමුවූ බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි. ඇඳිරි නීතිය පනවා නොමැති හොරණ, අනුරාධපුර, රාගම, ගනේමුල්ල, රත්නපුර, කළුතර, සීදුව, කැලණිය, කොළඹ, කුරුණෑගල, පොළොන්නරුව, මිගමුව, රත්මලාන, නුගේගොඩ, කඩව සහ හැටන් කියන ප්‍රදේශ…

curfew

හෙට අළුයම 5 සිට කටුනායකට ඇඳිරි නීතිය

හෙට අළුයම 5 සිට කටුනායක පොලිස් බලප්‍රදේශයට පොලිස් ඇඳිරිනීතිය බලපැවැත්වෙන බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා. ඇඳිරි නිතිය පනවා තිබුනත් ආයෝජන කලාපයේ සේවකයන්ට සිය හැඳුනුම්පත ඇඳිරිනීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකි බවයි හමුදාපතිවරයා සඳහන් කළේ.

‘වීරයා’ සහ ‘ජගතා’ සමුදෙයි

‘වීරයා’ සහ ‘ජගතා’ සමුදෙයි

ශ්‍රී ලංකාවට අයත් සාගර කළාපයේ ආරක්‍ෂාව තහවුරු කිරීම උදෙසා දශක හතරකට අධික කාලයක් ශ්‍රී ලංකා නාවික හමුදාවට අනභිභවනීය සේවයක් ඉටු කර නාවික හමුදා සේවයට සමුදෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ තුන්වන වේග මුර යාත්‍රා බලඝණයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘වීරයා’ සහ ‘ජගතා’ යන නෞකා ද්විත්වය වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව උත්තමාචාර පුදකර නාවික සේවයෙන් ඉවත් කිරීමේ…

බොරැල්ලේ ලෙස්ලි මාවත වැසේ

බොරැල්ලේ ලෙස්ලි මාවත වැසේ

බොරැල්ලේ ලෙස්ලි රණගල මාවත අතුරු මාර්ගයක් පොලිසිය විසින් තාවකාලිකව වසා දමා තිබේ. එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත පුද්ගලයන් හතරදෙනෙකු වාර්තා වීමත් සමග නිසා මෙම පියවර ගෙන ඇත. ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් පිරිසක් කොරෝනා පරීක්ෂාවට ලක් කිරීමට කටයුතු කර ඇති