
කොව්ඩ් – 19 අධි අවදානම් කලාප මෙන්න
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 27 දෙනෙකුගේ කොට්ඨාස තුළ කොව්ඩ් – 19 වසංගත තත්වය අධි අවදානම් කලාප ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ, වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශයට පත් කර තිබේ. කොළඹ දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂවරු 7 දෙනෙකුගේ කොට්ඨාසද, ගම්පහ දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 19 දෙනෙකුගේ කොට්ඨාස ද , කළුතර දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් දෙකකගේ කොට්ඨාස ද මෙලෙස අධි අවදානම්…

නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන
නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන පත් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ. මින් ඉහත එම ධූරයෙහි වැඩ කළේ අනිල් ජාසිංහ මහතා වන අතර පසුගිය කාලයේ ධූරයට කිසිවෙකු පත් නොකර හිස්ව පැවතිණි. කොරෝනා වසංගත තත්වය දෙවන රැල්ලක් ලෙස මතුව තිබුණත් මෙම ධූරයේ කිසිවෙකු නොසිටි නිසා වැඩ රැසක්…

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර ආසාදිතයින් 5000ට ළංවෙයි
ඊයේ (26) දිනයට මෙරටින් හඳුනාගත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 541 කි. ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 4,941 දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් පුද්ගලයින් 1,041ක් දෙනෙක් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් වන අතර ඉදිරි පුද්ලගයින් 3,900 දෙනා කර්මාන්ත ශාලාවේ කොවිඩ් පොකුරට සම්බන්ධ පුද්ගලයින් වේ. ඊයේ දිනය තුළ හඳුනාගැනුණු මෙම ආසාදිතයින් අතර නිරෝධායන මධ්‍යස්ථානවල සිටින…

බත්තරමුල්ල, තලංගම, කොස්වත්ත, පැලවත්ත, වික්‍රමසිංහපුර කොරෝනා රෝගීන් 13ක්
බත්තරමුල්ල කලපළුවාව, තලංගම, කොස්වත්ත, පැලවත්ත, වික්‍රමසිංහපුර යන ප්‍රදේශ තුළින් රෝගීන් 13ක් වාර්තා වූ බවත් වාර්තා වෙයි. කඩුවෙල, සමගිපුර, හෝකන්දර උතුර සහ නැගෙනහිර කොරතොට, පහළ බෝමිරිය, ඉහළ බෝමිරිය, නවගමුව රණාල, වැලිවිට, හෝමාගම යන ප්‍රදේශයන්ගෙන් රෝගීන් 19 වාර්තා වී ඇත. මේ අනුව එම රෝගීන් ආශ්‍රිත පවුල් එකක 332ක් මේ වනවිට නිරෝධායනයට යොමු කර තිබෙනවා.

තත්ත්වය භයානක වෙයි – නැවතත් අනතුරු ඇඟවීම්
දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ආශ්‍රිත කොවිඩ් රැල්ල ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත්වෙමින් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. අද (26) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය. පෑලියගොඩ අනුපොකුරත් සමග ආසාදිතයින්ගේ පැතිරිම දිවයිනේ සෑම ප්‍රදේශයකම විහිදී පවතින බවත් මුලාශ්‍ර සොයාගත නොහැකි රෝගීන් කිහිපදෙනෙක්ද මේ වන විට වාර්තා වී ඇති බවත්…

තවත් කර්මාන්තශාලා දෙකකින් කොරෝනා ආසාදිතයින් මතුවෙයි
කටුනායක පිහිටි තවත් කර්මාන්තශාලා දෙකකින් කොරෝනා ආසාදිතයන් හමුවී තිබෙනවා. ‘DPL ග්ලවුස්’ කම්හලේ සේවකයන් හත් දෙනෙකුට සහ ‘ඇන්සෙන් ලංකා’ කර්මාන්ත ශාලාවේ එක් ආසාදිතයෙකු මෙලෙස හමුවී තිබෙන බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් ඔවුන්ගේ සමීප ආශ්‍රිතයන් පරීක්ෂණවලට ලක් කිරීමට නියමිත අතර නිරෝධායන කිරීමටද කටයුතු කර තිබේ.

සියලූම කාර්යාල දුම්රිය සහ සියලූම මගී දුම්රියන් අද සිට අවලංගු කරයි
උසස් පෙළ සිසුන්ට වෙන්කළ දුම්රිය හැර, ප‍්‍රධාන මාර්ගයේ, පුත්තලම මාර්ගයේ, කැළණි වැලි මාර්ගයේ සියලූම කාර්යාල දුම්රිය සහ සියලූම මගී දුම්රියන් අද සිට අවලංගු කර තිබෙනවා. ඒ කොළඹ කොටුව පොලිස් බලප‍්‍රදේශයට නිරෝධායන ඇදිරි නිතිය පැනවීම හේතුවෙන්. සියලූම දුරගමන් සේවා දුම්රියන් සහ නගරාන්තර සීඝ‍්‍ර ග‍්‍රාමී දුම්රියන්ද අද සිට නැවත දැනුම් දෙන තුරු අවලංගු කර ඇති බවයි දුම්රිය…

සියළුම දුම්රිය සේවකයින්ට සෞඛ්‍ය ආරක්‍ෂක වැඩපිළිවෙලක් කඩිනමින් ක්‍රියාත්මක කරන්න
කොරෝනා පැතිරීමේ නීතිරීති හා දුම්රිය සේවකයින් සඳහා සෞඛ්‍ය ආරක්‍ෂක වැඩපිළිවෙලක් අනුගමනය කිරීමට කටයුත කරන මෙන් සමස්ත ලංකා පොදු දුමිරිය සේවකයනගේ සංගමයේ ලේකම් එස්.ජී විතානගේ මහතා ඉල්ලා සිටිති. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මෙසේද සඳහන් කරයි. කොරෝනා වෛරසය පැතිරීම නිසා ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළු ප්‍රදේශ ගණනාවක් වසා දමා ඇත. එසේ වුවද, වෛරසය පැතිරීම හා සමාජගත වීම වේගවත්…

ගාල්ල ධිවර වරායේදි හදිසියේ රෝගිවිමෙන් මියගිය ධිවරයාට හෘදයාබාධයක්
ගාල්ල ධිවර වරාය පරිශ්‍රයතුලදි හදිසියේ රෝගිවිමෙන් මියගිය ධිවර කාර්මිකයාගේ මරණය වි ඇත්තේ හෘදයාබාධයකින් බැව් පශ්චාත් මරණ පරික්ෂණයේ දි අනාවරණය වි ඇත. මිය ගිය ධිවර කාර්මිකයාගේ පශ්චාත් මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර මහතා විසින් කරණු ලැබිය. හදිසි මරණ පරික්ෂණය ගාල්ල නාගරික හදිසි මරණ පරික්ෂක වෛද්‍ය බි.ජි.එන් කරුණාතිලක මහතා විසින්…