ටියුෂන් ගුරෙකුට පාඩමක්
|

ටියුෂන් ගුරෙකුට පාඩමක්

උපකාරක පන්ති ගුරුවරයෙකු පලමු වසරේ සිසුන් පිරිසකට ලිංගික අතවර කරන  බවට දැනගත් දෙමාපියවරු පිරිසක් උපකාරක පන්ති ගුරුවරයාට පන්තිය තුළදීම පහර දී පුටුවකට තබා බැඳ තැබීමේ සිද්ධියක් වලස්මුල්ල වරාපිටියෙන්  වාර්තා වෙයි. 24 වැනි දින සවස මෙම පුද්ගලයා ප්‍රදේශවාසීන් ගේ ප්‍රහාරයට ලක්ව තිබේ. අනතුරුව සිද්ධිය දැනගත් වලස්මුල්ල පොලීසිය උපකාරක පන්තිය පැවති ස්ථානයට පැමිණ ගුරුවරයා මුදවා ගෙන පොලිස්…

mask

නවසීලන්තය Mask පැළඳුමෙන් ඈත්වෙයි

නවසීලන්තය වෛරස ව්‍යාප්තිය සාර්ථකව පාලන කර ඇති අතර පනවා තිබූ සීමා ලිහිල් කරමින් ජන ජීවිත යාථා තත්ත්වයට පත් කිරීමට නවසීලන්ත රජය අවශ්‍ය පියවර ගෙන තිබේ. නවසීලන්ත රජය නිවේදනය කර සිටියේ, වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම වෙනුවෙන් ජනතාවට අනිවාර්ය කර තිබූ මුව ආවරණ පැළඳීම තවදුරටත් අනිවාර්ය නොවන බවයි.

කොළඹ මාර්ගය යථා තත්වයට

කොළඹ මාර්ගය යථා තත්වයට

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන රම්පාදෙණිය ප්‍රදේශයේ මාර්ගයට කඩා වැටුන ගල් පර්වතය කඩා ඉවත් කර මාර්ගය යථා තත්වයට පත් කිරිමට  පියවර ගෙන ඇත. 24වන දින උදැසන 7.00ට පමන මෙම ගල් පර්වතය මාර්ගයට කඩා වැටිමත් සමග එම මාර්ගයේ රථ වාහන ධාවනය මුලුමණින්ම ඇන හිටින ලදි. මෙම ගල් පර්වත කඩා වැටිමත් ගිනිගත්හේන පොලිසිය ලක්ෂපාන හා හැටන් කොමර්ෂල්…

badweather

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි

අද උදෑසන 5 30 න් අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් වාර්තා වේ. එම අගය මිලිමීටර 97.4 කි. මේ අතර බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඉහල දුඹුරුගිරිය මාර්ග කොටස නවිකරනය කිරීම අරඹයි

ඉහල දුඹුරුගිරිය මාර්ග කොටස නවිකරනය කිරීම අරඹයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත ආරම්භ කර ඇති ග්‍රාමිය මාර්ග ක්‍රිලෝ මිටර් ලක්ෂයේ සංවර්ධන වැඩ සටහන යටතේ හැටන් ඉහල දුඹුරුගිරිය මාර්ග කොටස නවිකරනය කිරිම 24වන දින ආරම්භ කරන ලදි. මෙම මාර්ග කොටස දිගු කාලයක් පුරාවට අබලන් තත්වයේ පැවතිමත් සමග එම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව සිටින ලදි. මෙම තත්වයන් පිලිබදව දුඹුරුගිරිය සුභ සාධක සංගමය…

 සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ ජය අධිකරණ අමාත්‍යාංශයට

 සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ ජය අධිකරණ අමාත්‍යාංශයට

අභියාචනාධිකරණය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අධිකරණ සේවා සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ ජය මෙවර හිමි කර ගැනීමට අධිකරණ අමාත්‍යාංශ කණ්ඩායම සමත් විය. එහි අවසන් තරගය අධිකරණ අමාත්‍යාංශ කණ්ඩායම සහ අභියාචනාධිකරණ කණ්ඩායම අතර බන්ධනාගාර මුලස්ථාන ක්‍රිඩාංගණයේ දී  පැවත්විණි. අවසන් තරගයේ දී  පළමුව පන්දුවට පහර දුන් අධිකරණ අමාත්‍යාංශ කණ්ඩායම පන්දුවාර 5 අවසානයේදී ලකුණු 92 ක් රැස් කළ…

මිල්ලනියේ නරි හොරණට

මිල්ලනියේ නරි හොරණට

කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය මුවපට්ටියගම ඇතුළු ප්‍රදේශවල පසුගිය දිනවල නරි උවදුර පැතිර ගියේ ගම්වාසීන් භීතියට පත් කරමිනි. මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ හොරණ ඉළිඹ ගම්මානයේ සුනඛයින් කිහිපදෙනෙකු නරි විසින් සපා කා ඇතැයි ගම්වාසීහු පවසති. හොරණ ඕවිටිගල ප්‍රදේශයේ දී මියගිය නරියකුගේ සිරුරක් හමුවීම නිසා එම ප්‍රදේශවල ජනතාවට වඩාත් අවධානයෙන් පසුවන්නැයි ‘‘ජලභීතිකාව පැතිරීම වැළැක්වීමේ රාජ්‍ය නිලධාරී කමිටු’’…

දෙවොලකට ගොඩ වූ කතක් අණසක පතුරුවයි

දෙවොලකට ගොඩ වූ කතක් අණසක පතුරුවයි

නිවැසියන්ට බලපාන අපල උපද්‍රවවලට දේව පිහිට ඉල්ලා දෙවොලකට ගොඩ වූ කතක් එහි අණසක පතුරුවා ගනිමින් කපුවා තම භාරයට ගැනීමේ පුවතක් රත්නපුරයෙන් දැනගන්නට ඇත. සිද්ධියට පාදක වනුයේ රත්නපුරේ ගම්මානයක දේවාලයකි. කලක සිට තම නිවසේ උදවිය මුහුණපාන, රෝග පීඩා, අවාසිදායක සිදුවීම් සමනය කර ගැනීමටත්, කවුරුන් හෝ තම නිවසට යම් අණවිනයක් කර ඇත්නම් ඒවා දුරුකර පිහිට ලබා ගැනීමටත්…

නිවාස සංවර්ධන අධිකාරීයේ නිලධාරීන්ගේ පටි රෝල් (වීඩියෝ)

නිවාස සංවර්ධන අධිකාරීයේ නිලධාරීන්ගේ පටි රෝල් (වීඩියෝ)

නිවාස සංවර්ධන අධිකාරියට අයත් නාරාහේන්පිට කාර්යාලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හදිසි නිරීක්ෂණයට ලක්වුණා. සේවා ලාභියෙකු කළ පැමිණිල්ලකට අනුව ජනාධිපතිතුමා ඊයේ (23) පස්වරුවේ කාර්යාලය වෙත පැමිණි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. රාජකාරි අවශ්‍යතාවයක් සඳහා අවස්ථා ගණනාවක දී පැමිණිය ද එය ඉටු කිරීමට නිලධාරීන් අපොහොසත්ව ඇති බවත් කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවන බව පවසමින් සේවා ඉටු නොකරන…

ගල් පර්වතයක් ගැලවී කොළඹ පාර වැසී යයි

ගල් පර්වතයක් ගැලවී කොළඹ පාර වැසී යයි

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන රම්පාදෙණිය ප්‍රදේශයේ මාර්ගයට විශාල ගල් පර්වත කඩා වැටිමෙන් එම මාර්ගය මේ වන විට මුලුමනින්ම අවහිර වි ඇත. 24වන දින උදැසන 7.00ට පමන මෙම ගල් මෙසේ මාර්ගයට කඩා වැටිමත් සමග මාර්ගය මුලුමණින්ම අවහිර විඇති බවත් එම තත්වයන් මත මෙම මාර්ගයේ රථ වාහන ධාවනය කරවිමට නොහැකි තත්වයක් පවතින බවත් ගිනිගත්හේන පොලිසියේ නිලධාරියකු…