පලාත් සභා අහෝසි කර පලාත් පාලන ආයතන ක්‍රමයක්

පලාත් සභා අහෝසි කර පලාත් පාලන ආයතන ක්‍රමයක්

පවතින පලාත් සභා ක්‍රමය අහෝසිකර ග්‍රාමිය ජනතාවට වඩාත් සමීප පලාත් පාලන ආයතන වඩාත් ශක්තිමත් වන ආකාරයට අවශ්‍ය නෛතික වාතාවරණයක් ඇති කරන්නැයි රැස්වු වලල්ලාවිට ප්‍රාදේශිය සභාව ඒකමතිකව යෝජනාවක් සම්මත කලේය. රටේ බහුතර ජනතාවකගේ අප්‍රසාදයට ලක්ව ඇති පලාත් සභා අහෝසි කරන ලෙස පලාත් පාලන ආයතනයක යෝජනාවක් සම්මතවු ප්‍රථම අවස්ථාව මෙය වේ. වලල්ලාවිට ප්‍රාදේශිය සභාවේ සභාපති උදේනි අතුකෝරල…

පොලොන්නරුව ජාතික වනෝද්‍යානය හා එහි ප්‍රේරක කලාපය යලි වනජීවීන්ට

පොලොන්නරුව ජාතික වනෝද්‍යානය හා එහි ප්‍රේරක කලාපය යලි වනජීවීන්ට

පොලොන්නරුව ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය හා එහි ප්‍රේරක කලාපයට අයත් අක්කර 1000ක් පමණ දීර්ග කාලයක් තිස්සේ අධිකරණයේ විභාග වූ නඩුවවලින් පසු වනජීවීන් උදෙසා සන්තකය පවරා ගැනීම අධිකරණ නියෝග මත වනජීවී නිලධාරින් ඇතුලු පිරිසක් විසින් ඉකුත් සතියේ සිදු කළ හ. ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය හා එහි ප්‍රේරක කලාපයට අනවසරයෙන් ඇතුළු වී කුඹුරු අස්වද්දා වී වගා කරන…

ආසාව තණ්හාව අතඇරපල්ලා – සොබා දහම දඩුවම් දෙන දිනය අත ලඟයි

ආසාව තණ්හාව අතඇරපල්ලා – සොබා දහම දඩුවම් දෙන දිනය අත ලඟයි

සොබා දහමත් ඉවසලා ඉවසලා බැරිම තැන මිනිස්සුන්ට දඬුවම් කරන්න පටන් අරගෙන. මෙහෙම විනාශ කරගෙන ගියොත් කොරෝනා ඇවිල්ලා අමෙරිකාවේ, චීනයේ මිය ගියාට වැඩිය ලෝකෙම මිනිස්සුන්ට එක දවසක් තුළ මිය යන්න සිද්ධ වෙවී. මේ ආසාව තණ්හාව නතර කරලා පරිසරය ආරක්ෂා කරගන්න. කෑලෑ කපලා ලොරිවල පටවන් යනවා හැබැයි අල්ල ගන්නේ වාහනේ යන කෙනාව විතරයි . මේක කැපුවේ කවුද…

හැටන් මාර්ගයේ මරු කපොලු

හැටන් මාර්ගයේ මරු කපොලු

හැටන් නගර මධ්‍යයේ තැන තැන මාර්ග අබලන් තත්වයේ පැවතිමත් සමග රථ වාහන රියදුරන් මෙන්ම ප්‍රදේශයේ ජනතාවද විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ ජනතාව මෙන්ම බොහෝ රියදුරන්ද පවසනුයේ නගරයේ තැන තැන මාර්ග අබලන් තත්වයේ පැවතිමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. නගරයේ සමහර ස්ථානවල මාර්ගයේ විශාල ප්‍රමාණයේ වලවල් හැරි ඇති අතර තවත්…

doctors

යේමනයේ ඒඩ්න් නුවර කොරෝනාවලට බියෙන් සියලු වෛද්‍යවරු පලා යයි

මිලියනයකට වඩා පිරිසක් ජීවත් වන යේමනයේ ඒඩ්න් නුවර කොරෝනා වසංගතය හමුවේ එක් වෛද්‍යවරියක් හැරෙන්නට අනිකුත් සියලු වෛද්‍යවරුන් ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි වාර්තා වේ. කොරෝනා වසංගතයට බියෙන් සහ නිසි ආරක්ෂක උපාංග නොමැතිකමින් මේ වෛද්‍යවරු ප්‍රදේශය අත්හැර මෙසේ පලාගොස් තිබේ.

covid infections and deaths

ඊශ්‍රායලය සති තුනකට වසා දමයි

කොරෝනා වෛරසය යළි හිස එසවීමේ අවදානම හේතුවෙන් දෙවන වරටත් රට පුරා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට ඊශ්‍රායලය තීරණය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. යුදෙව් නව වසර ආවරණය වන පරිදි මෙම නිරෝධායන සීමා පැණවීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු නියෝග කර ඇතැයි සදහන්වේ. ඒ අනුව සති තුනක කාලයක් රට වසා දැමීමට තීරණය කර තිබේ.

ග්‍රීන්ලන්තයේ විශාල අයිස් කන්දක් කැඩී යයි

ග්‍රීන්ලන්තයේ විශාල අයිස් කන්දක් කැඩී යයි

ආර්ක්ටික් ප්‍රදේශයේ ඊසාන දිග ග්‍රීන්ලන්තයේ ගොඩබිමට සවි වී තිබූ 79N ලෙස හඳුන්වනු ලබන අති විශාල අයිස් පර්වතයක් කැඩී වෙන්වී ගොස් ඇති බව වාර්තා වේ. අයිස් පර්වතයේ කැඩී ගොස් ඇති කොටස වර්ග කිලෝ මීටර් 110ක විශාලත්වයෙන් යුක්තය. 2019 සහ 2020 දී ගිම්හානයේ මෙහි වාර්තාගත උෂ්ණත්වයක් දක්නට ලැබී ඇතැයි ජර්මනියේ ෆ්‍රෙඩ්රිච් ඇලෙක්සැන්ඩර් විශ්ව විද්‍යාලයේ ධ්‍රැවීය පර්යේෂිකාවක වන…

විශ්ව විද්‍යාල අධ්‍යාපනය මගින් ලබාදෙන රක්ෂා පිළිබද ගැටළුවක්

විශ්ව විද්‍යාල අධ්‍යාපනය මගින් ලබාදෙන රක්ෂා පිළිබද ගැටළුවක්

අපේ රටේ පාසල් හා විශ්ව විද්‍යාල මගින් ලබාදෙන අධ්‍යාපනය රැකී රක්ෂා අවස්ථා පිළිබද විශාල ගැටළුවක් මතුව තිබෙනවා. යැයි අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මැතිතුමා පසුගිය  දා අලුත්ගම දී කීවේය. අලුත්ගම ජාතික පාසලේ ආදිශිෂ්‍යයකු හා එම පාසලේම වසර 12 ක් පමණ ගුරුවරයෙකු ලෙස සේවය කල ළමා හා කාන්තා කටයුතු සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධයාපන යටිතල පහසුකම්…

කරාතේ දෝ මැක් ප්‍රධාන පුහුණු මධ්‍යස්ථානයේ දී කලුපටි ප්‍රධානයක්

කරාතේ දෝ මැක් ප්‍රධාන පුහුණු මධ්‍යස්ථානයේ දී කලුපටි ප්‍රධානයක්

ජාත්‍යන්තර කරාතේ දෝ මැක් සංවිධානයේ ශ්‍රී ලංකා ශාකාව විසින් මෙහෙය වූ කරාතේ දෝ සන්දර්ශනයක් හා කලුපටි ප්‍රධානයක් ඉකුත්දා හිගුරක්ගොඩ සතොස හන්දියේ කරාතේ දෝ මැක් ප්‍රධාන පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත් විණ. මෙම කරාතේ දෝ මැක් ප්‍රදර්ශනාත්මක සටන් සන්දර්ශනය හා කලු පටි ප්‍රධානය ජපානයේ කරාතේ දෝ මැක් සංවිධානයේ ප්‍රධානින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කළ ද කොරෝනා වසංගත…

20වන සංශෝධනය නිසා ඉදිරියේදි ගැටලු රැසක්

20වන සංශෝධනය නිසා ඉදිරියේදි ගැටලු රැසක්

වත්මන් රජය විසින් 19වන සංශෝධනය ඉවත් කර යෝජිත 20වන සංශෝධනය ගෙන ඒමෙන් ඉදිරියේදි විවිධ ගැටලු නිරිමාණය විමේ අවස්ථාවන් පවතින බව ශ්‍රි ලංකා සාම මණ්ඩලයේ ව්‍යාපෘති කළමණාකාර සමන් සෙනවිරත්න මහතා පවසයි. සංස්කෘතික හා පාරිසරික සංසදයේ නුවරඑළිය දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුව මගින් දික්ඔය නගර ශාලාවේදි පවත්වන ලද මාධ්‍ය හමුවකදි සමන් සෙනවිරත්න මහතා 14වන දින මේ බව පවසන…