කාටුපුලියන්කුලම ගම්මානය ගෙමැස්සන් ආක්‍රමණය කරයි – බලධාරීන් නිහඩයි
|

කාටුපුලියන්කුලම ගම්මානය ගෙමැස්සන් ආක්‍රමණය කරයි – බලධාරීන් නිහඩයි

වසර පහළොවක පමණ කාලයක සිට අක්‍රමත් ආකාරයෙන් පවත්වාගෙන යනු ලබන මහා පරිමාණ කුකුළු ගොවිපළක් හේතුවෙන් උග්‍ර ලෙස ගෙමැස්සන් ගම්මානයක්ම ආක්‍රමණය කර ඇති බවට ගම්මු අදාළ වගකිව යුතු බලධාරීන්ට චෝදනා කරති. වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බණ්ඩාරනායකපුර, කාටුපුලියන්කුලම ගම්මානයේ අක්කර විසි පහකට ආසන්න පෞද්ගලික ඉඩමක දැනට වසර පහළොවක පමණ කාලයක සිට මහා පරිමාණයෙන් පවත්වාගෙන යනු ලබන…

Coronavirus-in-India

ඉන්දියාවේ ගත වූ පැය24 දී රෝගීන් ගණන 76,000 ඉක්මවයි

ගතවු පැය 24 තුලදී ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 76,665ක් සහ මරණ 1,019ක් වාර්තා වී තිබෙනවා. එරටින් වාර්තා වන මුළු රෝගීන් සංඛ්‍යාව 34 ලක්ෂ 61,240 ක් වන අතර මරණ සංඛ්‍යාව 62,713ක් වනවා. අගෝස්තු මාසයේ ගතවූ දින 28 තුලදී පමණක් ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 17 ඉක්මවා ඇති බවයි එරට සෞඛ්‍ය අංශ වාර්තා කර සිටින්නේ.

‘සමයං’ගේ ප‍්‍රධාන වෙඩික්කරුවෙකු වූ ‘ඉන්ද්‍රා’ මරුට

‘සමයං’ගේ ප‍්‍රධාන වෙඩික්කරුවෙකු වූ ‘ඉන්ද්‍රා’ මරුට

පාතාල වෙඩික්කරුවෙකු වන ඉඳුනිල් වජිර කුමාර නොහොත් ඉන්ද්‍රා නවගමුවේදී පොලිස් වෙඩි තැබීමකින් මිය ගියේ ය. ඒ, ඔහු පලායාමට දැරූ උත්සාහයකදී ය. නවගමුව, ඇඹුල්ගම ප‍්‍රදේශයේදීයි. පොලිස් අත්අඩංගුවේ සිටි මෙම සැකකරු, සගවා තිබූ ආයුධ පෙන්වීමට පොලිස් ජීප් රථයකින්, රැගෙන යමින් සිටියදී, සැකකරු විසින් එම රථයේ රියදුරුගේ ගෙල සිරකිරීමට උත්සහ කර තිබෙනවා. එහිදී ජීප්රථය කැලණි ගඟට පෙරළීම වළක්වා…

නොර්වුඩ් සිට බගවන්තලාව දක්වා කාපට් අතුරයි

නොර්වුඩ් සිට බගවන්තලාව දක්වා කාපට් අතුරයි

හැටන් බගවන්තලාව මාර්ගයේ නොර්වුඩ් සිට බගවන්තලාව දක්වා කොටස පුලුල් කර කාපට් යොදා නවිකරනය කිරිමට පියවර ගෙන ඇත. මෙම මාර්ගයේ ක්‍රිලෝ මිටර් 15ක පමන කොටස මෙසේ කාපට් යොදා නවිකරනය කිරිමට රුපියල් මිලියන 880ක පමන මුදලක් වැය කිරිමට ඇස්තමේන්තු කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ නොර්වුඩ් ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මෙම මාර්ග කොටස පටු තත්වයේ පැවතිමත්…

arrack arest

බිමත් රියදුරන් 16 දෙනකු අත් අඩංගුවට

හැටන් පොලිසිය මගින් බිමත් රියදුරන් අත් අඩංගුවට ගැනිමේ මෙහෙයුම් ආරම්භ කර ඇති අතර එම මෙහෙයුම් තුලින් 24වන දින සිට 27වන දින දක්වා කාලය තුලදි බිමත් රියදුරන් 16 දෙනකු අත් අඩංගුවට ගෙන ඇත. මේ පිලිබවද කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් මුලස්ථාන පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියකු පවසන ලද්දේ බිමත් රියදුරන් අත් අඩංගුවට ගැනිම සදහා විශේෂ…

Coconut App එකක්

Coconut App එකක්

සැප්තැම්බර් 2 වැනි දිනට යෙදී ඇති ජාත්‍යන්තර පොල් දිනය නිමිත්තෙන් දිවයින් පුරා පොල් සංවර්ධන වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ. එදිනට පොල් වලා කිරීමේ මණ්ඩලයේ පොල් සංවර්ධන හා ව්‍යාප්ති සේවා ඇතුළත් කොට සැකසුණු “Coconut App“ එකක් එළිදැක්වීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා නිකුත් කළ නිවේදනයක දැක්වේ. එමෙන්ම පොල් පර්යේෂණ ආයතනය මඟින් නිපදවන…

අතරමග නතර වු සංවර්ධනයෙන් දුක්විඳින පාසැල් දරුවෝ

අතරමග නතර වු සංවර්ධනයෙන් දුක්විඳින පාසැල් දරුවෝ

කළුතර බෝම්ඹුවල ධර්මාලෝක විද්‍යාල ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීමට පසුගිය වසරේ සැප්තැම්බර් මස දී එවක ආණ්ඩුවෙන් මුදල් ලබා දී ඇත්තේ 2019 දෙසැම්බර් මස වන විට පිටියේ සංවර්ධන කටයුතු නිමා කිරීමටය. නමුත් ක්‍රීඩා පිටිය අද පත්ව ඇත්තේ ඉතා ඛේදනීය තත්ත්වයකට ය. තාක්ෂණ නිලධාරීන්ගේ අවිධිමත් වැඩපිළිවෙළ මීට හේතුව බව විද්‍යාලයේ බලධාරීන් පවසයි. දරුවන්ට ඇති එකම ක්‍රීඩාංගණය වැහි කාලයට…

breaking news sri lanka tamil
|

රාජ්‍ය දේපළ විකුණන්න අනිවාර්යයෙන් සිදුවෙනවා

ප්‍රාග්ධන වියදම් සඳහා රජයට අවශ්‍ය මූල්‍ය ශක්තිය නොමැති බවත්, මේ තත්ත්වය තුළ ඉදිරියේ දී රජයට රාජ්‍ය දේපළ විකිණීමට අනිවාර්යයෙන් සිදුවන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.  පාර්ලිමේන්තුවේ දී අතුරු සම්මත ගිණුම පිළිබඳව විවාදයට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. “අද මේ රටේ ආර්ථිකය ද්විත්ව මූල්‍ය අර්බුදයකට හසුවෙලා තිබෙනවා. පළවෙනි එක, මේ…

ට්‍රම්ප්, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වයට

ට්‍රම්ප්, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වයට

නොවැම්බර් මස පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකත්වය වර්තමාන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බාරගෙන තිබේ. ධවල මන්දිරයේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ තමා නීතිගරුක අපේක්ෂකයා බවය

ටයර්, වාහන අමතර කොටස් ආනයනයට රජයේ අවධානය

ටයර්, වාහන අමතර කොටස් ආනයනයට රජයේ අවධානය

ටයර් සහ මෝටර් රථ අමතර කොටස් ආනයනය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ඒවා ගෙන්වීමට අවසර ලබා දෙන බවයි. මෙහිදී අදහස් දැක්වූ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා, “දේශීයත්වය පදනම් කර…