සෝනියා ඉන්දීය කොංග්‍රස් නායකත්වයට සමුදීමට සුදානමක්

සෝනියා ඉන්දීය කොංග්‍රස් නායකත්වයට සමුදීමට සුදානමක්

කොංග්‍රස් පක්ෂයේ අන්තර්වාර සභාපතිධූරයේ තවදුරටත් ක්‍රියාකිරීමට තමා අකමැති බව සෝනියා ගාන්ධි සිය සහායකයින්ට පවසා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. වසර 134ක් පමණ පැරණි ඉන්දීය කොංග්‍රසයේ වැඩිකාලයක් නායකත්වය දරා ඇත්තේ ගාන්ධි පරපුරේ සාමාජිකයින් විසිනි. 73-හැවිරිදි සෝනියා පක්ෂ නායකත්වයෙන් ඉක්මනින් ඉවත්වීමට හෝ වෙනත් නායකයෙක් තෝරා ගැනීමට යම් කාල පරාසයක් ලබාදීමට නියමිත බව වාර්තා වේ.

රිය අනතුරකින් එකම පවුලේ පියෙකු සහ දියණියක මරණයට

රිය අනතුරකින් එකම පවුලේ පියෙකු සහ දියණියක මරණයට

මහනුවර – කුරුණෑගල  මාර්ගයේ ගලගෙදර මඩවල වංගුව අසලදී  සිදු වූ රිය අනතුරකින් එකම පවුලේ පියෙකු සහ දියණියක මරණයට පත්ව ඇත. බරිගම සිට කුරුණෑගල දෙසට ධාවනය වෙමින් පැවති සාදික්කා පැටවූ ලොරි රථයක්  පාලනය කරගත නොහැකිව ඊට ප්‍රතිවිරුද්ධ දිසාවෙන්  පැමිණි කාර් රථයක ගැටී අනතුරුව එය තවත් කාර් රථයක් මතට  පෙරළී ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ කාර් රථ…

බොල්ට්ටත් කොරෝනා ආසාදනය වෙයි

බොල්ට්ටත් කොරෝනා ආසාදනය වෙයි

‪මළල ක්‍රීඩක උසේන් බෝල්ට් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.‬ හිටපු ජැමෙයිකානු ධාවන ශුරයා මිට දින කිහිපයකට පෙර නව කොරෝනා වෛරසයට අදාළ පරීක්ෂණයකට මුහුණ දී ඇති අතර එහි ප්‍රථිපල ලැබී තිබෙනවා. එහිදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවයි හෙළිව ඇත්තේ.

thissa-aththanayake

19 සංශෝධනය නෙමෙයි මුලින් රට ගොඩගන්න

කඩිනමින් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ප්‍රමුඛම කාර්ය බවට පත් නොකර වැටී තිබෙන රට ගොඩනැඟීමට වහා පියවර ගත යුතු බව ‘සමගි ජන බලවේගයේ’ පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක පවසනවා. කොවිඩ් 19 වසංගතයෙන් පසු රටත් රටේ ආර්ථිකයත් බරපතළ ලෙස කඩා වැටී තිබෙන මොහොතක රටත් රටේ ජනතාවත් ඉන් ගොඩ ගැනීමට ආණ්ඩුව වහ වහා පියවර ගත යුතුව තිබියදී…

ගෘහ උපකරණ රටින් ගෙන්වීම සීමා කිරීමට යයි

ගෘහ උපකරණ රටින් ගෙන්වීම සීමා කිරීමට යයි

මෙරට ජනතාව භාවිත කරන මුලූතැන්ගෙයි සහ ගෘහ උපකරන කිහිපයක් විදේශයන්ගෙන් මෙරටට ගෙන්වීම සීමා කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා. ඇලූමිනයම් භාණ්ඩ වෙනුවට ආහාර සැකසීමට ගන්නා වළං, හට්ටි, මුට්ටි ඇතුළු මැටියෙන් නිර්මාණය කල හැකි භාණ්ඩ පිටරටින් ගෙන්වීම සීමා කිරීමටයි යෝජනා වී ඇත්තේ. මෙරට ගෘහ ඒකක සඳහා අවශ්‍ය මැටි භාණ්ඩ කඩිනමින් නිපදවීමට සැලසුම් සකස් කර ඇති බවයි….

කාගෙවත් පාතාලෙට බයේ ජිවත් වියයුතු නැහැ
|

කාගෙවත් පාතාලෙට බයේ ජිවත් වියයුතු නැහැ

කළුතර දිස්‍ත්‍රික්කයේ නීති විරෝධි මත් ද්‍රව්‍ය , පාතාලය, හෝ මොන යම් ආකාරයේ වත් නීති විරෝධි කටයුතු සියල්ල සහමුලින් තුරන් කිරිමේ කටයුත්ත සිදුකරනවා, යැයි වරාය හා නාවික කටයුතු පිළිබද අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාඅළුත්ගම දි කිවේය. ඇමතිවරයාගේ ඉල්ලිමකට අනුව කළුතර දිස්ත්‍රික්කයේ දූෂණ මර්දන ඒකකයක් ස්ථාපිත කිරිම සදහා බස්නාහිර පලාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු…

හැටන් ස්ථාන කිපයක කුණු කසල ගොඩගැසිමෙන් රෝග පැතිරයාමේ අවදානමක්

හැටන් ස්ථාන කිපයක කුණු කසල ගොඩගැසිමෙන් රෝග පැතිරයාමේ අවදානමක්

හැටන් නගර සභා කාර්යාලය පිටුපස හා තවත් ස්ථාන කිපයක කුණු කසල ගොඩ ගැසිමත් සමග එම ප්‍රදේශයන් තුල දැඩි දුගදක් හමන අතර මෙම තත්වයන් මත විවිධ ලෙඩ රෝග පැතිරයාමේ අවදානමක්ද හට ගෙන ඇත. හැටන් නගර සභා කාර්යාලය අසල හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානය, හැටන් ශ්‍රිපාද විදුහල මෙන්ම පෙර පාසලක්ද පැවැත්වෙන අතර මෙම ස්ථානයේ මෙසේ කසල ගොඩගැසිමත් සමග…

මත් රකුසාගෙන් ගම්මානය බේරා දෙන්න

මත් රකුසාගෙන් ගම්මානය බේරා දෙන්න

මැදිරිගිරිය, නව නගරය, 98- ඇටඹ ඔය ප්‍රදේශයේ ගම්වාසීන් පිරිසක්  ඊයේ ( 23)  පෙරවරුවේ මත් රකුසාගෙන් තම ගම්මානය බේරා දෙන ලෙස බල කරමින්  විරෝධතාවයක නිරත වූහ. හොර මත් පැන් ඇතුළු  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගම්මානය පුරා ඉතා සංවිධානාත්මකව මත් ද්‍රව්‍ය  බෙදාහරින බවත් තම   දරු දැරියන්ගේ අනාගත ජීවිතය එය බරපතල තර්ජනයක් බවත් විරෝධතාකරුවෝ පවසති. මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබදව පොලිසියට…

බෙල්ලන්විල රාජ මහා විහාරයේ ඇසළ පෙරහැර පුණ්‍යෝත්සවය 2020

බෙල්ලන්විල රාජ මහා විහාරයේ ඇසළ පෙරහැර පුණ්‍යෝත්සවය 2020

ඓතිහාසික බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ 2020 වාර්ෂික ඇසළ මංගල්‍යය පුන්‍ය පුණ්‍යෝත්සවයේ අවසන්  පෙරහැර (70) වරටත් 2020 අගෝස්තු මස 22 දින රාත්‍රියේ වීදි සංචාරය කෙරිණි. මෙවර ඇසළ පුණ්‍ය උත්සවයේ වැඩ කටයුතු රටේ පවතින අයහපත් සෞඛ්‍ය වසංගත තත්වය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නීති රීති වලට අනුකූලව  ජන සහභාගීත්වයකින් තොරව සිදුකිරීමට බෙල්ලන්විල රාජ මහා විහාරයේ විහාරාධිපති මහාචාර්ය බෙල්ලන්විල ධම්මරතන ස්වාමීන් …

ගාල්ල ගිංතොට තුනි ලැලි සංස්ථාව අනතුරේ

ගාල්ල ගිංතොට තුනි ලැලි සංස්ථාව අනතුරේ

ගාල්ල ගිංතොට තුනි ලැලි සංස්ථාවේ සේවකයක් 200ක් පමණ පිරිසක් ගාල්ල හෝල් ඩී ගෝල් ශාලාව ඉදරිපිට දී අද (24) දින උද්ඝෝෂනයක නිරත වුහ. මාස දෙකක කාලයක් තුළ සේවකයන්ට වැටුප් ලබාදි නොමැති බවත්. මෙහි දේපල ඉතාම අඩු මිලට විකුනන බවත්,සංස්ථාව සතු යන්ත්‍රි පරණ යකඩ වලට විකුණන බවත් මේ සම්බ්න්ධයෙන් සොයා බලා සේවකයන්ට සහනයක් ලබානෙ මෙන් සේවකයෝ පෝස්ටර්,බැනර්…