කිතුල් කර්මාන්තය අනතුරේ
|

කිතුල් කර්මාන්තය අනතුරේ

කිතුල් පැණි හා හකුරු නිෂ්පාදනයෙහිලා නකල්ස් දුම්බර මිටියාවතේ පිහිටි උඩුදුම්බර කළුගල ගම්මානයට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. එනමුත් මෑතක සිට සිය නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් නොලැබීමෙන් තමන්ගේ කර්මාන්තය පවත්වා ගැනීම අසීරු තත්ත්වයට පත්ව ඇතැයි කළුගල ගම්මානයේ සාම්ප්‍රදායික කිතුල් ආශ්‍රිත නිෂ්පාදකයන් පවසති. උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇති දුෂ්කර ගම්මානයක් වන කළුගල ගම්මානය උඩුදුම්බර සිට කිලෝමීටර් දහතුනක් පමණ…

watercut

විදුලිය ඇණහිටීම නිසා ජලය බෙදා හැරීමේ කටයුතු ද අඩාල වෙයි

මුළු දිවයිනේම විදුලි බලය ඇණහිටීම නිසා ජලය බෙදා හැරීමේ කටයුතු ද අඩාල වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි. විදුලි බලය හදිසියේ ඇණ හිටීම ජල සැපයුමට සෘජුවම බලපා ඇති බවයි එම මණ්ඩලය පෙන්වා දෙන්නේ. විදුලි සැපයුම යථා තත්ත්වයට පත් වුව ද ඇතැම් ප්‍රදේශවලට සාමාන්‍ය පරිදි ජලය බෙදා හැරීමට කිසියම් කාලයක් ගත…

අධිකරණ අමාත්‍ය රාජකාරී ආරම්භ කරයි

අධිකරණ අමාත්‍ය රාජකාරී ආරම්භ කරයි

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම සර්ව ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව ඊයේ (17) පස්වරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී සිදු විය. එහිදි දොඩම්පහළ චන්ද්‍රසිරි, කඹුරුගමුවේ වජිර, මුරුත්තෙට්ටුවේ ආනන්ද ,මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ,බෙංගමුවේ නාලක නායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝ රත්නය ඉස්ලාම්,  හින්දු, කතෝලික පුජකතුමන්ලා ආගමික ආශිර්වාද සිදු කළ අතර අමාත්‍යවරුන්…

පෘතුවියේ ඉහළම උෂ්ණත්වය වාර්තාවෙයි
|

පෘතුවියේ ඉහළම උෂ්ණත්වය වාර්තාවෙයි

පෘථිවියේ මෙතෙක් වාර්තා වූ ඉහළම උෂ්ණත්වය ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රන්තයේ පිහිටි ඩෙත් නම් ජාතික උද්‍යානයෙන් වාර්තා වෙයි. ඇමරිකාවේ කාලගුණ වාර්තා අනුව එහි ෆැරන්ෆයිට් 130ක් හෙවත් සෙල්සියස් අංශක 54.4ක උෂ්ණත්වයක් වාර්තා වී තිබු බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

13 හැවිරිදි ගැහැණු ළමයෙකු දූෂණය කිරීමෙන් අනතුරුව ඝාතනය කරයි

13 හැවිරිදි ගැහැණු ළමයෙකු දූෂණය කිරීමෙන් අනතුරුව ඝාතනය කරයි

දූෂණය කිරීමෙන් අනතුරුව අධික ලෙස වද හිංසාවට ලක්කර 13 හැවිරිදි ගැහැණු ළමයෙකු ව ඝාතනය කිරීමේ සිද්ධියක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වෙයි. වැසිකිළිය ට ගිය සිය දියණිය ප්‍රමාද බැවින් ඒ ගැන සොයා බලන විට දෙමව්පියන්ට ඇයගේ සිරුර හමු වී තිබේ. දූෂණය කිරීමෙන් අනතුරුව ගෙල සිරකර ඇය ව ඝාතනය කර ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළිවී…

කැටයම් නැති පළමු පාර්ලිමේන්තු මංගල සැසිය

කැටයම් නැති පළමු පාර්ලිමේන්තු මංගල සැසිය

පාර්ලිමේන්තු මංගල සැසිය ආරම්භ කිරීමේ උත්සවය චාම් අන්දමින් පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු මහලේකම් වෙත දැනුම් දී ඇත. ඒ අනුව ත‍්‍රිවිධ හමුදා ආචාර පැවැත්වීම, ආචාර වෙඩිමුර පැවැත්වීම හා පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග දෙපස සිට ආචාර කිරීම් ආදිය සිදු නොකරන ලෙස දැනුම් දී ඇතැයි ද වාර්තා වෙයි.  

Mahara prison

වැලිකඩ STF යටතට

ඉදිරි දින කිහිපය තුළ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය හා වැලිකඩ බන්ධනාගාරයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවීමට පියවර ගෙන ඇතැයි බන්ධනාගාර කොමසාරිස් පවසයි. රැඳවූවන් බැලීමට පැමිණෙන අය පරික්ෂා කිරීමට හා රැඳවූවන්ට ලබා දීමට ගෙන එන පාර්සල් පරික්ෂා කිරීමට මෙන්ම බන්ධනාගාරයේ අවට ආරක්ෂාවටද පොලිස් විශේෂ කාර්ය බළකායේ සහාය ලබා ගැනීමට අවධානය යොමුව ඇතැයිද  සඳහන් වේ. බන්ධනාගාර තුළ…

එස්.බි.ට ඇමතිධුරයක් නොලැබිම කනගාටුවට කරුණක්

එස්.බි.ට ඇමතිධුරයක් නොලැබිම කනගාටුවට කරුණක්

නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලීමේන්තු මන්ත්‍රී එස්. බි. දිසානායක මහතාට මෙවර ඇමතිධුරයක් නොලැබිම දැඩි කනගාටුවට කරුණක් බව ශ්‍රිලංකා නිදහස් පක්ෂ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක පෙරියසාමි ප්‍රදිපන් මහතා පවසයි. හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත 16වන දින මේ බව පැවසු ප්‍රදිපන් මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි. එස්. බි. දිසානායක මහතා 1994 වර්ෂයේ සිටම පැවති විවිධ රජයන්වල…

harsada-silva

19 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡා කිරීමට සුදානම් වෙයි

19 ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් අහෝසි කළහොත් ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය අහෝසි වන බව සමගි බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා. රට ඉදිරියට ගෙනයාමේදී අපහසුතාවන්ට ලක්වන වගන්ති පමණක් වෙනස් කිරීම සදහා සාකච්ඡා කිරීමට සූදානම් බවයි ඔහු කියාසිටියේ.  

රැකියාලාභීන්ගේ නම් වෙබ් අඩවියේ පළ වෙයි

රැකියාලාභීන්ගේ නම් වෙබ් අඩවියේ පළ වෙයි

රැකියාලාභී උපාධිධාරීන්ගේ 50,000ගේ නාම ලේඛනය නිකුත් කර තිබේ. රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියේ මේ වනවිට පළ කර තිබෙනවා. මේ අතර තෝරාගත් අඩු ආදායම්ලාභීන් ලක්ෂය රැකියා සඳහා නියුක්ත කිරීම ඒ සඳහාම ස්ථාපිත බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය විසින් සැප්තැම්බර් 02 වැනි දා සිට ක්‍රියායාත්මක කිරීමට සැලසුම් කර…