දිඹුලාගල අනවසර කැණීම් සිදුකළ පුද්ගලයින් අත් අඩංගුවට

දිඹුලාගල අනවසර කැණීම් සිදුකළ පුද්ගලයින් අත් අඩංගුවට

දිඹුලාගල ඉද්ද පිච්ච වැව් ඉස්මත්තේ පුරාවිද්‍යා රක්ෂිතයට ඇතුළු වී අනවසර කැණීම් සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු  අත් අඩංගුවට ගත් බව අරලගංවිල පොලිසිය කියයි. අත් අඩංගුවට ගත් සැකකරුවන්   ළඟ තිබී ව්‍යාජ මැණික් ගල් තුනක් සහ සෙම්බුවක් ද පූජා භාණ්ඩ සහ ත්‍රිරෝද රථයක් ඇතුළුව නඩු භාණ්ඩ රැසක් අත් අඩංගුවට ගත් බව ද පොලිසිය කියයි. අරලගංවිල පොලිසියේ  දූෂණ මර්දන ඒකකයේ…

චීනයේ කොවිඩ් නයින්ටීන් වෛරසයේ නව ව්‍යාප්තියක්

චීනයේ කොවිඩ් නයින්ටීන් වෛරසයේ නව ව්‍යාප්තියක්

චීනයේ ෂින්ජියැන්ග් ප්‍රදේශයෙන් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගෙන තිබේ. එම ආසාදිතයින් සියලුදෙනා චීන ජාතිකයින් වන අතර ඔවුන්ට රට තුළින්ම වෛරසය ආසාදනය වී ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසති. ඒ අනුව, නැවත වරක් චීනය තුළ කොවිඩ් නයින්ටීන් වෛරසයේ නව ව්‍යාප්තියක් හටගෙන ඇති බවට සැක පළ කෙරෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙති

නාරහෙන්පිට ව්‍යාජ කච්චේරිය වටලයි

නාරහෙන්පිට ව්‍යාජ කච්චේරිය වටලයි

නාරහෙන්පිට  ගජබාපුර ප්‍රදේශයේ නිවසක් තුළ ව්‍යාජ කච්චේරියක් පවත්වා ගෙන ගිය පුද්ගලයෙක් සැකසු රියදුරු බලපත්‍ර හතරක් ඇතුළුව  දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටි පොලිස් ස්ථානයන්හි ස්ථානාධිපති වරුන්ගේ හා රජයේ උසස් නිලධාරීන්ගෙ තනතුරු සහිත ව්‍යාජව සැකසූ නිල මුද්‍රා හැත්තෑ පහකට ආසන්න ප්‍රමාණයක් සහ ලිපි ද්‍රව්‍ය තොගයක් සමග කොළඹ දකුණ දූෂණ මර්දන අංශය විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. මෙම…

මව් තුරුලෙන් ගිලිහී අතරමං වූ අලි පැටවා

මව් තුරුලෙන් ගිලිහී අතරමං වූ අලි පැටවා

සිය මව් තුරුලෙන් ගිලිහී අතරමං වී  සිටි වන අලි පැටවකු පොලොන්නරුව කන්දකාඩු ප්‍රදේශයේ දී  වැලිකන්ද වනජීවී  කාර්යාලයේ නිලධාරීහු සොයා ගත් හ. වැලිකන්ද වනජීවී බීට්‍ටු කාර්යාකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මෙම වන අලි පැටියා සොයාගත් බවත් වයස අවුරුද්දයි මාස හයක් පමණ වන මෙම අලි පැටියා ගැහැණු සතෙකු බවත් වැලිකන්ද වනජීවී කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසීය. උස අඩි දෙකහමාරක්…

ඔබගේ ආදරයට මෙන්ම සහයෝගයටත් ස්තූතියි – දෝනි

ඔබගේ ආදරයට මෙන්ම සහයෝගයටත් ස්තූතියි – දෝනි

හිටපු ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝණි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ලබා ගන්නා බව සිය ඉන්ස්ටර්ග්‍රෑම් ඔස්සේ සටහනක් තබමින් ඊයේ (15) නිවේදනය කර ඇත. 39 හැවිරිදි මහේන්ද්‍ර සිං දෝනි සිය ඉන්ස්ටර්ග්‍රෑම් සටහනක් තබමින් “ඔබගේ ආදරයට මෙන්ම සහයෝගයටත් ස්තූතියි“.

government information center

මාස 6ක් ඇතුළත වැඩ නොපෙන්වන ඇමතිවරු දොට්ට

අමාත්‍යවරුන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මාස 6ක් ඉක්ම ගිය තැන වාර්තාවක් කැදවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සූදානමින් සිටින බව වාර්තා වේ. මාස 6 ඇතුළත අමාත්‍යවරයා සිය අමාත්‍යංශය තුළ සිදු කර ඇති වැඩ කොටස, ඉලක්ක සපුරාලීම, ආණ්ඩුවේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබේද යන්න  සොයා බැලීමට නියමිතය. අදාළ ඇමැතිවරයා නිසි අයුරින් ක්‍රියා කොට නොමැති නම් එම තනතුරුවලින් ඉවත් කිරීමට හෝ…

electionns

ඉදිරි මාස කිහිපයදි තවත් මැතිවරණයක්

වසර ගණනාවක් තිස්සේ කල් දමා ඇති පළාත් සභා මැතිවරණය ඉදිරි මාස කිහිපය ඇතුළත පැවැත්වීමට රජය තීරණය කර තිබේ. බොහෝ දුරට එය ලබන ජනවාරි මාසයේ දී පමණ පැවැත්වීමට ඉඩ තිබේ. මෙම මැතිවරණය මෙයට පෙර පැවැත්වූ දිස්ත්‍රික් මනාප ක්‍රමය යටතේ පැවැත්වෙනු ඇති අතර ඒ සදහා මැතිවරණ පනතට සංශෝධනයක් ගෙන ඒමට රජය සැලසුම් කර ඇත.

දහම් පාසල් අධ්‍යයන කටයුතු අද සිට යළි ඇරඹේ

දහම් පාසල් අධ්‍යයන කටයුතු අද සිට යළි ඇරඹේ

දහම් පාසල් අධ්‍යයන කටයුතු අද (16) සිට නැවත ආරම්භ කරන බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි. අදියර දෙකක් ඔස්සේ එම කටයුතු ආරම්භ කෙරෙන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා සඳහන් කළේය. ඒ අනුව 6 සිට 13 ශ්‍රේණි දක්වා අද දිනයේ සිට ද ද 1 සිට 5 ශ්‍රේණි දක්වා අගෝස්තු 23 වැනිදා ද වශයෙන් දහම්…

බන්ධනාගාරගත රැඳවියන් හමුවීම අද සිට

බන්ධනාගාරගත රැඳවියන් හමුවීම අද සිට

බන්ධනාගාරගත රැඳවියන් හමුවීම සඳහා අද සිට අමුත්තන්ට අවස්ථාව ලබා දෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.   වැලිකඩ බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදිතයෙකු හමුවීමත් සමග උද්ගත වූ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ය. සියලු බන්ධානාගරවල රැඳවියන් බැලීමට අමුත්තන් පැමිණීම පසුගිය 11වැනිදා සිට තාවකාලිකව අත්හිටුවනු ලැබුවේ ය.

dailyreporter

නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අගෝස්තු 20

අගෝස්තු 20 වැනිදින පැවැත්වෙන 09 වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ මංගල රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මේ අනුව ප.ව 3.00ට ජනාධිපතිතුමා මංගල රැස්වීමේ මුලසුන ගැනීමට නියමිත අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (2) ව්‍යවස්ථාව මගින් විධිවිධාන සළසනු ලැබ ඇති පරිදි නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සිදුකිරීමට නියමිතය.