අධික වර්ෂාව නිසා කදුකර ජනතාව දුෂ්කරතාවයන්ට

අධික වර්ෂාව නිසා කදුකර ජනතාව දුෂ්කරතාවයන්ට

මධ්‍යම කදුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශයන්ට දැනට දින ගනනාවක් පුරා ඇද හැලෙන අධික වර්ෂාව දැඩි සීතල හේතුවෙන් මෙම ප්‍රදේශයේ සමහර පිරිස් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ පිලිබදව අදහස් දක්ව ප්‍රදේශයේ පිරිසක් පවසනුයේ දැනට දින ගනනාවක් පුරාවට පවතින අධික වර්ෂාව හේතුවෙන් තමන්ට නිසි ලෙස දෛනික රැකියාවන් හෝ කර ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත්ය. තමන් එදිනේදා කුලි රැකියාවක්…

අපේ ජනබල පක්ෂයේ ලේකම් හිමි ඉවතට

අපේ ජනබල පක්ෂයේ ලේකම් හිමි ඉවතට

අපේ ජන බල පක්ෂයේ මහලේකම් ලෙස කටයුතු කළ පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් එම ධූරයෙන් ඉවත් කර තිබෙනවා. එම පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූරය සඳහා තමන් ඉදිරිපත් වන බවට උන්වහන්සේ විසින්ම මැතිවරණ කොමිසමට දැනුම් දීම හේතුවෙන්.

අමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගන්නා පුද්ගලයින් ඉහළට

අමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගන්නා පුද්ගලයින් ඉහළට

2020 වසරේ මුල් මාස 6 තුළදී, ඉකුත් වසර වලට සාපේක්ෂව පුද්ගලයින් වැඩි ප්‍රමාණයක් අමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගෙන ඇති බව පර්යේෂණ වාර්තාවක දැක්වේ. එම වාර්තාව අනුව 2020 මුල් මාස 6 තුළදී අමෙරිකානුවන් 5,800 දෙනෙකු සිය පුරවැසිභාවය ඉවත් කරගෙන ඇත. නමුත් 2019 වසරේ එම කාල සීමාවේදී සිය පුරවැසිභාවය ඉවත් කරගෙන තිබුණේ අමෙරිකානුවන් 2,072 ක් පමණි.

coronaupdates

කොරෝනා අවදානම ගැන සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්..

පාසල් ආරම්භ කිරීමත් සමග කොරෝනා වසංගතය පැතිර යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ සිසුන්, දෙමව්පියන්, ගුරුවරුන් ඇතුළු බොහෝ දෙනෙකු යළි සමාජගතවීමත් සමග එම අවදානම මතුවන බවයි. මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා අසාදිතයින්ගේ සංඛ්‍යාව 2844 ක් වේ. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ අසාදිතයින්…

T.M.පොහොටුවේ ජාතික ලැයිස්තුවෙන් ඉවත් වුණේ ඇයි..?

T.M.පොහොටුවේ ජාතික ලැයිස්තුවෙන් ඉවත් වුණේ ඇයි..?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී නාමාවලිය ප්‍රකාශයට පත් කරනු ලැබුවා. එම ලැයිස්තුවට සුපිරි ක්‍රිකට් ක්‍රීඩක T.M. දිල්ශාන්ගේ නම ඇතුලත් වී තිබුනේ නැහැ. T.M. දිල්ශාන් මේ සම්බන්ධයෙන් පවසා ඇත්තේ, ජාතික ලැයිස්තුවෙන් තමන් ඉවත් වන බවට වූ තීරණය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දුන් බවත්ය. එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සහ සිය පවුල වෙනුවෙන් කාලය වෙන්…

death
|

බ්‍රසීලය කොවිඩ් මරණ ලක්ෂය ඉක්මවයි

බ්‍රසීලය තුළ කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මරණයට පත් පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබේ. ඒ අනුව කොවිඩ් ආශ්‍රිත මරණ ලක්ෂය ඉක්මවූ දෙවෙනි රාජ්‍යය බවට බ්‍රසීලය පත්ව තිබේ. වසංගත ව්‍යාප්තිය ආරම්භ වී මාස තුනක කාලය තුළ බ්‍රසීලයේ පුද්ගලයින් පනස් දහස ඉක්මවා මරණයට පත්ව තිබිණි. එහෙත් ගතවූ දින පනහ තුළ තවත් පුද්ගලයින් පනස් දහසක් මරණයට පත්ව ඇති බව…

නාගසාකි පරමාණු බෝම්බ ප්‍රහාරයට වසර 75 යි

නාගසාකි පරමාණු බෝම්බ ප්‍රහාරයට වසර 75 යි

දෙවන ලෝක යුද සමයෙදී පරමාණු බෝම්බ ප්‍රහාරයට ලක්වීමේ 75 වන සංවත්සරය ජපානයේ නාගසාකි නුවරදී පැවැත්වුණා. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ සංවත්සරය පන්සිය දෙනෙකුට පමණක් සීමා කිරීමට ජපන් බලධාරීන් තීරණයකර තිබුණා. මෙම අවස්ථාවට පරමාණු බෝම්බයෙන් දිවි ගලවාගත් පුද්ගලයින් කිහිප දෙනෙකු ද එක්ව සිටියා. ඔවුන් වෙත අත්පොලසන්නාද ලබාදෙමින් ගෞරවය දැක්වීම ද මෙහිදී සිදුවුණා. 1945 වසරේ අගෝස්තු මස 9…

ජාතික ජන බලවේගය ආසන තුන හොඳටම ඇති

ජාතික ජන බලවේගය ආසන තුන හොඳටම ඇති

පොකුරු ගැසී ගොස් ලබා ගෙන ඇති ජයග්‍රහණයට වඩා තනි පක්ෂයක් ලෙස පාර්ලිමේනතුවට තේරී පත් වු ආසන තුන හොඳටම ප්‍රමාණවත් බව ජාතික ජන බලවේගයේ ජයතිලක කම්මැල්වීර පවසයි. විනය ගරුක පාලනයක්, වංචා දුෂණයෙන් තොර වීම යන දේවල් සම්පුර්ණයෙන්ම මිත්‍යාවල් බව ඉදිරියේදී ජනතාවට වැටහෙනු ඇති බවත් ඔහු කියා සිටියි. ඉදිරියේදී රැකියා රැසක් අහිමි වීමේ අවදානමක් මතුව ඇතැයිද, අත්‍යවශ්‍ය…

නානුඔය සහ මස්කෙළිය නායයාම් හේතුවෙන් පුද්ගලයන් අවතැන්

නානුඔය සහ මස්කෙළිය නායයාම් හේතුවෙන් පුද්ගලයන් අවතැන්

නානුඔය – මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් නානුඔය සමර්සෙට් වතුයායේ නායයාමක් හේතුවෙන් නිවාස හතක (07)  එහි තිස් දෙදෙනකු (32) අවතැන්ව ඇත. දැනට දින ගනනාවක් පුරා මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින අධික වර්ෂාව හේතුවෙන් 09 වන දින මෙම නාය යාම සිදුව ඇති බවත් එම තත්වයන් මත නිවාස හතක පදිංචිව සිට තිස් දෙදෙනකු ආරක්ෂාව…

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙහි දිවුරුම් දීම නිමිත්තෙන්  පාක්ෂිකයන්ගෙන් ප්‍රීතිඝෝෂා

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙහි දිවුරුම් දීම නිමිත්තෙන්  පාක්ෂිකයන්ගෙන් ප්‍රීතිඝෝෂා

කටුගස්තොට මහින්ද රාජපක්ෂ මහතා” අග්‍රාමාත්‍ය ධුරයෙහි දිවුරුම් දීම නිමිත්තෙන් ප්‍රීතියට පත් පාක්ෂිකයන්  කටුගස්තොට නගරයට වී ප්‍රීතිඝෝෂා පැවැත්වූහ. අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දෙන සුභ මොහොතේදී කටුගස්තොට තරුණ කැළ විසින් රතිඤ්ඤා දල්වා ප්‍රතිඝෝෂා කළ අතර අනතුරුව ඔවුන් සකස් කරන ලද කිරිබත් නගරවාසීන්ට බෙදාදීම ද එහිදී සිදු කරන ලදී.   යක්ගහපිටිය බෝධිඝර හන්දිය අග්‍රාමාත්‍යධුරයට මහින්ද රාජපක්ෂ මහතා පත්ව දිවුරුම්දීම නිමිත්තෙන්…