අන්තවාදීන්ට යටත් නොවුණු පාර්ලිමේන්තුවක් ඉතිහාසයේ පළමුවරට බිහිකිරීමට යයි

අන්තවාදීන්ට යටත් නොවුණු පාර්ලිමේන්තුවක් ඉතිහාසයේ පළමුවරට බිහිකිරීමට යයි

තිස්වසරක තිස්සේ පැවැති පාර්ලිමේන්තු සම්ප්‍රදාය වෙනස් කොට අන්තවාදීන්ට යටත් නොවුණු පාර්ලිමේන්තුවක් ඉතිහාසයේ පළමුවරට බිහිකරන බව මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. අන්තවාදීන්ට යටත් නොවුණු පාර්ලිමේන්තුවක් මෙවර මහ මැතිවරණයෙන් අනතුරුව ස්ථාපිත කළ හැකි වාතාවරණයක් දැකිය හැකි යැයි කුණ්ඩසාලේ බලගොල්ලේ අභීත එස් ක්‍රීඩාංගනයේදී ඊයේ (21) පැවති ජනහමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ…

මෙවර පාර්ලීමේන්තු බලය එ.ජා.පය ලබා ගන්නා බව රවි පවසයි

මෙවර පාර්ලීමේන්තු බලය එ.ජා.පය ලබා ගන්නා බව රවි පවසයි

අභියෝග පවතින තරමට එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් වන බවත් වර්ථමානයේද එල්ලව ඇති අභියෝග හමුවේ එක්සත් ජාතික පක්ෂය ශක්තිමත්ව මෙවර පාර්ලීමේන්තු බලය ලබා ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති රවි කරුණානායක මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයට තරග කරන කේ. කේ. පියදාස මහතාගේ හා එස්. කේෂවමුර්ති මහතාගේ ජයග්‍රහානය සදහ හැටන් හෙල දිව හිදි පැවති…

coronaupdates
|

තවත් කොරෝනා ආසාදිතයින් 22 දෙනෙකු හඳුනා ගැනෙයි

කොරෝනා ආසාදිතයින් 22 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමග කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2752 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඉන් පුද්ගලයින් 14 දෙනෙකු සෞදි අරාබියේ සිට මෙරටට පැමිණි අය වේ. තවත් 7 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි අය වේ. කොරෝනා ආසාදිත බවට හඳුනා ගත් සෙසු පුද්ගලයා කන්දකාඩු ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකි. මේ…

වතු කම්කරු ජනතාවට තියෙන්නේ රුපියල් දාහේ වැටුප් ප්‍රශ්නය පමණද?

වතු කම්කරු ජනතාවට තියෙන්නේ රුපියල් දාහේ වැටුප් ප්‍රශ්නය පමණද?

අද වන විට වතු කම්කරු ජනතාවට රුපියල් දාහේ වැටුප් ප්‍රශ්නය නොව ප්‍රශ්න දාහක් පවතින බව නුවරඑළිය දිස්ත්‍රික් ස්වාධින අංක 01 කණ්ඩායම් නායිකා අනුෂා චන්ද්‍රසේකරන් මහත්මිය පවසයි. තලවාකැලේ පිහිටි ඒ මහත්මියගේ නිවසේදි 21වන දින පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව පැවසු අනුෂා චන්ද්‍රසේකරන් මහත්මිය එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි. අද මැතිවරණ වේදිකාවල කතා කරන බොහෝ…

විවාහ, අවිවාහක බව උප්පැන්නයෙන් ඉවත්ට

විවාහ, අවිවාහක බව උප්පැන්නයෙන් ඉවත්ට

උප්පැන්න සහතිකයෙන් මව සහ පියාගේ විවාහක අවිවාහක බව හා ජන වර්ගය යන ශිර්ෂ ඉවත් කිරීමට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. රෙජිස්ටාර් ජනරාල් එන්.සී විතානගේ මහතා සඳහන් කළේ, මව පියාගේ විවාහක අවිවාහක බව යන කාරණය හේතුවෙන් බොහෝ දරුවන් මුහුණ දෙන සමාජ ගැටලු සලකා බලා එම තීරණය ගත් බවයි.

තැපැල් ඡන්දය දැමීමට නොහැකි වූ අයට විශේෂ කාල සීමාවක්

තැපැල් ඡන්දය දැමීමට නොහැකි වූ අයට විශේෂ කාල සීමාවක්

තැපැල් ඡන්දය සලකුණු කිරිමට නොහැකි වූ ඡන්ද හිමියන්ට විශේෂ කාල සීමාවක් ප්‍රකාශයට පත් කර තිබේ. ජාතික මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, ඒ අනුව, ලබන 24 වනදා උදෑසන 8.30 සිට පස්වරු 4 දක්වාත්, 25 වැනිදා උදෑසන 8.30 සිට සවස 2 දක්වාත් ඊට අවස්ථාව ලබා දෙන බවයි. මෙතෙක් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන් තම කාර්යාලය පිහිටි…

Water_Cut

බත්තරමුල්ල අවට ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

බත්තරමුල්ල, බටපොත අවට ප්‍රදේශ කිහිපයකට බ්‍රහස්පතින්දා (23) රාත්‍රී 10 සිට සිකුරාදා (24) පෙරවරු 6 දක්වා පැය 8ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවහන මණ්ඩලය දැනුම් දෙයි. ඒ අනුව බත්තරමුල්ල, කොස්වත්ත, තලාහේන, මාලඹේ ,ජයවඩනගම සහ තලවතුගොඩ යන ප්‍රදේශ සඳහා මෙම ජලකප්පාදුව බලපැවැත් වේ. බටපොත, ජල ටැංකියට ජලය සැපයෙන ජලනළ මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන්…

කතරගම පෙරහරට සහභාගි වන සියලුදෙනා PCR පරීක්ෂණයට

කතරගම පෙරහරට සහභාගි වන සියලුදෙනා PCR පරීක්ෂණයට

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ මෙවර පැවැත්වෙන ඇසළ පෙරහර මංගල්‍යයට සහභාගී වන පිරිස පී.සී.ආර්. පරීක්ෂණයක් කිරීමට මොණරාගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය කටයුතු යොදා තිබෙනවා. පෙරහැර මංගල්‍යයට සහභාගි වන ආරක්ෂක අංශ ඇතුලු සියළු අංශයන්ගෙන් අහඹු ලෙස තෝරා ගන්නා පුද්ගලයින් 50 දෙනෙකු දිනක් හැර දිනක් මෙම පරීක්ෂණය සිදුකිරීමට අපේක්ෂා කරන බවයි කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක…

ක්‍රෙඩිට් කාඩ් භාවිතය පහළට

ක්‍රෙඩිට් කාඩ් භාවිතය පහළට

පසුගිය 2020 අප්‍රේල් මාසයට සාපේක්ෂව මැයි මාසයේ දී මෙරට ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයේ පැහැදිලි පහළ යාමක් දක්නට ලැබේ. ශ්‍රී ලංකා බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් නිකුත් කර ඇති ක්‍රෙඩිට් කාඩ්පත් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ. 2020 අප්‍රේල් මාසය අවසානයෙ දී මෙරට සක්‍රීය ක්‍රඩිට් කාඩ්පත් සංඛ්‍යාව 1,822,046…

ඉන්දියාවේ කොවිඩ් මරණ 28,000යි

ඉන්දියාවේ කොවිඩ් මරණ 28,000යි

ඉන්දියාවේ සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 1,150,000 ඉක්මවා ගොස් තිබේ. ගත වූ පැය 24 තුළ එරටින් නව ආසාදිතයින් 37,148 දෙනෙකු හඳුනාගෙන ගැනීමත් සමග සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,155,191ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. මේ වන විට ඉන්දියාවේ කොවිඩ් නයින්ටීන් ආසාදිත මරණ සංඛ්‍යාව ද 28,000 ඉක්මවා ගොස් තිබේ.