පොලිසිය හා ආරක්ෂක අංශවල තැපැල් ඡන්ද ප්‍රකාශ කරයි

පොලිසිය හා ආරක්ෂක අංශවල තැපැල් ඡන්ද ප්‍රකාශ කරයි

පාර්ලීමේන්තු මැතිවරණයේ පොලිසිය හා ආරක්ෂක අංශවල තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිම 16වන දින ආරම්භ කරන ලදි. ඒ අනුව තලවාකැලේ පොලිස් වීශේෂ බල කාය හා තලවාකැලේ පොලිසියේ නිලධාරින් විසින් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කර ගනිමින් සමාජ දුරස්ථබාවය රදවා ගනිමින් තැපැල් ඡන්ද බාවිතා කරන අයුරු මෙහි දැක්වේ. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ නිලධාරීන්ට මස 20 සහ 21 ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව

ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ නිලධාරීන්ට මස 20 සහ 21 ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව

පාසල් නිවාඩු සමය ක්‍රියාත්මක වන හෙයින් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ යම් අඩුවක් දැකිය හැකි වුවත් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ  සියලු රාජ්‍ය නිලධාරීන් සඳහා මෙම මස 20 සහ  21 යන දිනවල තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දී ඇතැයි මහනුවර තේරීම් භාර නිලධාරී තිස්ස කරුණාරත්න මහතා පවසයි. මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මැතිවරණ ලේකම් කාර්යාලය, පොලිසිය…

වැඩිවන ජීවන වියදමට විරෝධය

වැඩිවන ජීවන වියදමට විරෝධය

වැඩිවන ජීවන වියදමට විරෝධය පළකරමින්   ජාතික ජනබල වේගයේ ආධාර කරුවන්  විසින් පවත්වන ලද විරෝධතාවයක්  අම්බලන්තොට නගරයේදී පැවැත්විණි. පෙරවරු 10 ට පමණ ආරම්භ වූ විරෝධතාවය සදහා සියයක පමණ පිරිසක් සහභාගි වී සිටිය අතර පැයක පමණ කාලයක් ඔවුහු නිහඩ විරෝධතාවයක යෙදිනි. එහිදී ප්‍රකාශයක් කරමින් ජාතික ජනබල වේගයේ හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂක සිසිර වාහල තන්ත්‍රි මහතා පැවසුවේ මේ වසරේ…

අනවසර ස්ථානවල වාහන ගාල් කරන්නන්ට වැඩ වරදී

අනවසර ස්ථානවල වාහන ගාල් කරන්නන්ට වැඩ වරදී

මාර්ගයේ අනවසර ස්ථානවල හා පදික වේදිකාවේ වාහන ගාල්කරන රියැදුරන් සොයා අද සිට විශේෂ මෙහෙයුම් ආරම්භ කරන බව පොලීසිය පවසයි. එම රියැදුරන්ට උපරිමය රුපියල් 50,000 ක් දක්වා දඩ මුදල් නිමය කරන බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය .

අඟුලාන පොලිසිය ඉදිරිපිට විරෝධතාව විසුරුවන්න කඳුළු ගෑස් ප්‍රහාරයක් 

අඟුලාන පොලිසිය ඉදිරිපිට විරෝධතාව විසුරුවන්න කඳුළු ගෑස් ප්‍රහාරයක් 

පොලිස් වෙඩි ප්‍රහාරයකින් ධීවරයෙකු මිය යාමේ සිද්ධියක් මුල් කර ගෙන ප්‍රදේශවාසින් අඟුලාන පොලිසිය ඉදිරියේ කලහකාරී ලෙස හැසිරීමත් සමග විරෝධතාවක් විසුරුවා හැරිමට  කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මේ අතර පොලිස් වෙඩි ප්‍රහාරයෙන් ධීවරයා ජිවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ අප‍රාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා.

ට්විටර් ගිණුම් වලට හැකර් ප්‍රහාරයක්

ට්විටර් ගිණුම් වලට හැකර් ප්‍රහාරයක්

ලෝ ප්‍රකට සමාජ මාධ්‍ය ජාලයක් වන ට්විටර් සමාජ මාධ්‍ය ජාලයට දැවන්ත හැකර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. Cryptocurrency වංචාවක් ප්‍රවර්ධනය කිරීම සඳහා මෙලෙස අදාළ පුද්ගලයින්ගේ ට්විටර් ගිණුම් යොදා ගනිමින් එම හැකර් ප්‍රහාරය එල්ලවී ඇති බවයි ට්විටර් සමාගම සඳහන් කළේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බරැක් ඔබාමා , ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන්, බිල් ගේට්ස් සහ…

බ්‍රසීල ජනාධිපතිට දෙවන වරටත් කොවිඩ් ධනාත්මක වෙයි

බ්‍රසීල ජනාධිපතිට දෙවන වරටත් කොවිඩ් ධනාත්මක වෙයි

බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සොනාරෝ ට දෙවන වරටත් කොවිඩ් වෛරසය ධනාත්මක වී තිබේ. බ්‍රසීලියා අගනුවර පිහිටි සිය නිල නිවසේ දී නිරෝධායනයට ලක්වෙමින් සිටින ඔහු සිය රාජකාරී කටයුතුවල අඛණ්ඩව නිරත වන බවටත් වීඩියෝ පණිවුඩයක් ඔස්සේ දැනුම් දී ඇත. බ්‍රසීලයෙන් අද වන විට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් ගණන 1, 970,909කි. කොවිඩ් මරණ සංඛ්‍යාව 75, 523කි.

ලෝක ජනගහනයෙන් 1/7කට කෑම නැහැ

ලෝක ජනගහනයෙන් 1/7කට කෑම නැහැ

කොවිඩ් වසංගතය හේතුවෙන් ලෝක ජනගහනයෙන් තවත් මිලියන 130කට අධි ජනතාවක් 2020 වර්ෂයේ අවසානය වන විට ‘නිදන්ගත සාගින්නෙන්’ පෙළෙන බවට ‘ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණ තත්ත්වය’ (State of Food Security and Nutrition) පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාව අනාවරණය කරයි. 2019 වර්ෂයේ දී මිලියන 690කට ආසන්න ජනතාවක් කුසගින්නෙන් පෙළෙන අතර මේ වසරේ දී ඊට තවත් මිලියන 130ක ජනතාවක්…

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් නිවේදනයක්

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් නිවේදනයක්

දේශපාලන නායකත්වය හා කැපවීම, සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාවය හා ක්‍රියාකාරීත්වය, ජනතා කැපවීම යන කරුණු මත මෙරට කොවිඩ්-19 රෝග ව්‍යාප්තිය පාලනය රඳා පවතින බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පෙන්වා දෙන්නේ වර්තමානයේ සංචරණ සීමා කිරීම් සඳහා නීති නොමැති අවදියක අවම වශයෙන් මුළු රටම ආවරණය වන ලෙස අහඹු නියැඳි පරීක්ෂා කිරීම හෝ සිදු කළ යුතු බවය….

කොළඹ හෝටල්වල කොරෝනා අවදානමක්

කොළඹ හෝටල්වල කොරෝනා අවදානමක්

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ආපන ශාලා බහුතරයක් අනාරක්‍ෂිත ස්ථාන බවට නිරීක්‍ෂණය වී තිබෙනවා. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අනිවාර්යෙන් අනුගමනය කළ යුතු ආරක්‍ෂිත ක්‍රමවේද කිසිවක් එම ආපන ශාලාවල ක්‍රියාත්මක නොවීම මෙම අනාරක්‍ෂිත තත්ත්වයට හේතුවයි. මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පැවැසුවේ අනාරක්‍ෂිත තත්ත්වයන් යටතේ පවත්වාගෙන යන ආපනශාලා රැසක් හදුනාගෙන ඇති බවයි. බස් රථ පරීක්‍ෂා…