සිබිල් නැන්දා සමුගනී

සිබිල් නැන්දා සමුගනී

සිබිල් වෙත්තසිංහ  සිය ජීවිතෙයෙන් සමු ගත්තේය. ඒ සිය ජීවිතයේ 93 වන සැතපුම් කණුව පසු කරමින් සිටියදීය. සිබිල් නැන්දා ලංකාවේ ළමුන්ගේ පමණක් නොව වැඩිහිටියන්ගේ සිත් තුළද නොමැකෙන ලෙස සිතුවම් වී ඇති චරිතයකි. අපූරු චිත්‍ර මගින් අපූරු කතා ළමුන්ට සමීප කල සිබිල් නැන්දා ආදරය සතුට ඒ සිත් තුළට ගෙන ආවේය. කුඩ හොරා ඇයගේ අතිශයින් ජනාදරයට පත් නිර්මාණය…

ශ්‍රිලංකා කම්කරු සංගමයේ පුර්ණ සහය එ.ජා.ප යට
|

ශ්‍රිලංකා කම්කරු සංගමයේ පුර්ණ සහය එ.ජා.ප යට

මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිරණයේදි ශ්‍රිලංකා කම්කරු සංගමයේ පුර්ණ සහය එක්සත් ජාතික පක්ෂයට ලබා දිමට පියවර ගන්නා බව එහි උප සභාපති ටි. සෙල්ලදොරේ මහතා පවසයි. එම සංගමයේ හැටන් කාර්යාලයේදි මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු ටි. සෙල්ලදොරේ මහතා ඉදිරි මැතිවරණයේදි තම සංගමයේ සහය ලබා දීම පිලිබදව පැවති සකච්චාවේදි එක්සත් ජාතික පක්ෂයට තම සංගමයේ පුර්ණ සහය ලබා…

සංචාරක හෝටල්වලට කන කොකා හඬයි
|

සංචාරක හෝටල්වලට කන කොකා හඬයි

සංචාරක කර්මාන්තය බිද වැටී මාස 18ක පමණ කාලයක් ගත වී නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය නිසා  පාස්කු ප්‍රහාරයෙන් පසු බිදවැ‍ටුණු පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සංචාරක හෝටල් කර්මාන්තය බිමට ම සමතලා වූ බවත් මේ වන විට සංචාරක හෝටල් හා නවාතැන්පළ ඇතුළු ආහාරපාන සපයන ස්ථාන 350 පමණ වැසී ගොස් එහි සේවය කළ සේවකයන් 3500 කගේ ‍රැකියා අහිමිවී ඇතැයි පොලොන්නරුව දිස්ත්‍රික්…

කුමාර් සංගක්කාර ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකයට
|

කුමාර් සංගක්කාර ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකයට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන් හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද විශේෂ විමර්ශන ඒකකයට කැඳවා තිබේ. ඒ, 2011 ලෝක කුසලාන අවසන් මහා ක්‍රිකට් තරගය පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව ය. මෙම විමර්ශනයට අදාලව හිටපු තේරීම් කමිටු…

යතුරු පැදියක් හා කැබ් රථයක් මුහුණට මුහුණ ගැටෙයි

යතුරු පැදියක් හා කැබ් රථයක් මුහුණට මුහුණ ගැටෙයි

වලස්මුල්ල පොලිස් වසමේ කැරෑදෙනිය ප්‍රදේශයේ අතුරු මාර්ගයකදී යතුරු පැදියක් හා කැබ් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදියේ පසුපස ගමන් කළ අයෙකු මිය ගොස් කැබ් රථයේ ගමන් කළ තිදෙනෙකු හා යතුරු පැදිකරු තුවාල ලබා ඇතැයි වලස්මුල්ල පොලීසිය පවසයි. තුවාල ලැබූවන් අතර වලස්මුල්ල පොලීසියට අනුයුක්තව සේවය කරුනු  ලබන පොලිස් නිළධාරීන් දෙදෙනෙකුද සිටින බවද පොලීසිය පවසයි. වලස්මුල්ල බල ප්‍රදේශයේ…

චීනයේ ඌරු උණ ගෝලීය වසංගතයක් වන ලකුණු – චීනයේ ඇන්සින් Lock Down
|

චීනයේ ඌරු උණ ගෝලීය වසංගතයක් වන ලකුණු – චීනයේ ඇන්සින් Lock Down

චීනයේ පැතිර යන තවත් වසංගත උණක් සම්බන්ධයෙන් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඌරු උණ කඩිනමින් පාලනය කළ යුතු බවත්, යම් හෙයකින් මිනිසුන් අතර පැතිර ගියහොත්, එය පාලනය කරගත නොහැකි වේගයකින් පැතිර ගොස් නව ගෝලීය වසංගතයක් දක්වා ව්‍යාප්ත වීමේ අවදානමක් ද පවතින බවය. ඇන්සින් කලාපයේ ලක්ෂ 4කට අධික ජනතාවක් වාසය කරන අතර නගරයේ සියලු කඩවීදි, ගොඩනැඟිලි…

milk

ප්‍රමාණය ඉක්මවා ශ්‍රී ලාංකිකයන් කිරි පරිභෝජනය කරයි

ප්‍රමාණය ඉක්මවා ශ්‍රී ලාංකිකයින් දියර කිරි පරිභෝජනය කරන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. ශ්‍රී ලාංකිකයින් කිරි ලීටර් මිලියන 1250ක් වාර්ෂිකව පරිභෝජනය කරන බවත්  ඒක පුද්ගල දෛනික දියර කිරි පරිභෝජනය මිලි ලීටර් 100ක් බවත් වාර්ෂික දියර කිරි අවශ්‍යතාවය ලීටර් මිලියන 750 ක් වන බවත් ඒ අනුව වාර්ෂිකව දියර කිරි ලීටර් මිලියන පන්සියයක් වැඩියෙන් පරිභෝජනය…

ලෝකයේ ලොකුම කොවිඩ් රෝහල ඉන්දියාවේ

ලෝකයේ ලොකුම කොවිඩ් රෝහල ඉන්දියාවේ

කොවිඩ් රෝගීන් වෙනුවෙන් ඉදි වුණු ලොව විශාලතම රෝහල ලෙස සැලකෙන සර්දාර් පටෙල් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය ඉන්දියාවේ දිල්ලි නුවර දී විවෘත විය. මෙම මධ්‍යස්ථානය තුළ රෝගීන් 10,000කට එකවර ප්‍රතිකාර කළ හැකි බව සඳහන් වේ. දිල්ලියෙහි මෙවැනි රෝහලක් ඉදි කිරීමට සිදු වූයේ එම ප්‍රාන්තය තුළ කොවිඩ් වසංගතය ඉතා වේගයෙන් පැතිරෙමින් ඇති පසුබිම තුළය.

පිහියක් පෙන්වා උඩුකය නිරුවත් කර රන් මාලයත් පැහැර ගනියි

පිහියක් පෙන්වා උඩුකය නිරුවත් කර රන් මාලයත් පැහැර ගනියි

පුද්ගලයකු ඇතිමලේ කොටියාගල කැකුලාන ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවකට පිහියක් පෙන්වා මරණීය තර්ජනය කොට ගෙල බැඳි රන් මාලය පැහැරගෙන ඇයගේ උඩුකය නිරුවත් කොට ජංගම දුරකතනයකින් රූගත කිරීමේ සිද්ධියක් පිළිබඳව ඇතිමලේ පොලිසිය පරීක්ෂණ පවත්වයි. නාඳුනන අයකු නිවසට ඇතුළු වී පිහියක් නළලට තබා මරණ බවට තර්ජනය කොට ගෙල බැඳි රන් මාලය ගලවාගෙන පසුව ජංගම දුරකතනයකින් නිරුවත් උඩුකය ඡායාරූප…

මිෂෙල්  ශ්‍රී ලංකාව පිළිබඳ කනස්සල්ල පළ කරයි

මිෂෙල් ශ්‍රී ලංකාව පිළිබඳ කනස්සල්ල පළ කරයි

ජිනීවාහි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 44 වැනි සැසියේදී සිය ආරම්භක දේශනය සිදු කරමින් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලෙට් ශ්‍රී ලංකාව පිළිබඳ කනස්සල්ල පළ කර ඇත. ඇය වැඩිදුරටත් මෙසේද සඳහන් කළාය. ‘‘ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ මුස්ලිම් සුළුතරයේ සාමාජිකයන් ඉලක්ක කර ඇත්තේ කොවිඩ් 19 සමග සම්බන්ධ කරන අපකීර්තිමත් සහ වෛරී ප්‍රකාශවලිනි. එසේම කොවිඩ්…