මැලේරියා රෝගියෙක් හමුවීමෙන් අවධානමක්
දඹුල්ල පැල්වැහැර කොවිඩ් 19 නිරෝධානය මධ්‍යස්ථානයෙන් මැලේරියා රෝගියෙකු හමුවී තිබේ. රෝගියා මැඩගස්කරයේ සිට මෙරටට පැමිණි පුද්ගලයකු බව ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර පැවැසීය. දඹුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරුන්ගේ සෘජු අධීක්ෂණය යටතේ රෝගියා නේවාසිකව ප්‍රතිකාර ලබන අතර මැඩගස්කරයේ සිට පැමිණ එම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වන පුද්ගලයන් එකසිය පස්දෙනෙකුගේ රුධිර සාම්පල් ලබාගෙන…