ඉන්දියාවේත් කොරෝනා ආසාධිතයින් ලක්ෂය ඉක්මවයි
ඉන්දීයාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව සමස්ත ආසාදිතයින් ලක්ෂය ඉක්මවූ 11 වන රට බවට ඉන්දියාව පත්ව ඇත්ව ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.
ඉන්දීයාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව සමස්ත ආසාදිතයින් ලක්ෂය ඉක්මවූ 11 වන රට බවට ඉන්දියාව පත්ව ඇත්ව ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.
අම්ෆන් සුළි කුණාටුව අති ප්‍රචණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ත්‍රිකුණාමලයට ඔබ්බෙන් ඈත මුහුදේ ස්ථානගතවී ඇති බැවින් ප්‍රදේශ රැසකට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවික කටයුතුවල නොයෙදෙන ලෙසයි එම දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ද ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ….
ජාතික පොසොන් සතිය ප්‍රකාශයට පත් කර තිබේ. ඒ ලබන 02 වැනිදා සිට 08 වැනිදා දක්වා ය. රාජ්‍ය පොසොන් උත්සවය ඓතිහාසික මිහින්තලය පුදබිම කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
පසුගියදා හමාගිය සුළං තත්වයක් හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයක නිවාස 56 කට අර්ධ හානි සිදුව පුද්ගලයන් 205 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ඊයේ (18) සවස පැවසීය . මෙසේ පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහන සලසන ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන්ට අවශ්‍ය උපදෙස් දී ඇතැයි කළුතර දිසාපති යූ.ඩී.සී. ජයලාල් මහතා කීවෙීය . කළුතර දිස්ත්‍රික්කයේ යමි…
පුද්ගලික ආරවුලක් දුර දිග යෑමෙන් තියුණු ආයුධයකින් අත් ,පා සහ මුහුණ කපා පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි වැලිපැන්න පොලිසිය කියයි . පසුගියදා වැලිපැන්න, කොටගෙදර ප්‍රදේශයේ දි 42 හැවිරිදි පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී කපා , කොටා, බරපතල තුවාල සිදුකර රෝහල් ගතකිරිමෙන් පසුගිය (18) දා අලුයම මරණයට පත්ව ඇතැයි වැලිපැන්න පොලිසිය කියයි. මෙසේ මුහුණ , අත් ,පා තියුණු…
නයිජරියානු ගුවන් කලාපය තුළ පියාසර කළ බ්‍රිතාන්‍යයට අයත් වානිජ ගුවන් යානයක් නයිජිරියාව භාරයට ගෙන ඇති බව විදෙස් පුවත් සේවා සදහන් කරයි. කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පනවා ඇති ගුවන් ගමන් තහනම නොතකමින් මෙසේ භාණ්ඩ ප්‍රවාහනය සඳහා බ්‍රිතාන්‍යය ගුවන් යානය ගුවන් ගත කර ඇති බව වැඩිදුරටත් සදහන් වෙයි.
මත් පැන් පාටියේ දී බහින් බස්වී මිටියෙන් පහරදී පුද්ගලයන් දෙදෙනෙකු මැරූ අයෙකු සැකපිට අත් අඩංගුවට ගත් බව හොරණ පොලීසිය කියයි . හොරණ ,අමරණාගොල්ල ප්‍රදේශයේ නවාතැන්පලකදි පසුගිය දා පුද්ගලයන් කිපදෙනෙකු අතර ඇතිවු ආරවුලකින් පහරකෑ පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා හොරණ රෝහලට ඇතුලත් කර කොළඹ මහ රෝහලට මාරුකර යවා ඇතැයි හොරණ පොලීසිය…
ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර පිහිටි ජාතික රණවිරු ස්මාරකය අභියසදී හෙට (19) දින පැවැත්වේ. මෙම ජාතික රණවිරු අනුස්මරණ උත්සවයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉතිහාසයේ තවත් එක් සන්ධස්ථානයක් සනිටහන් කරමින් යුද්ධ හමුදාවේ සෙසුනිලයින් 14,617 කගේ නිල උසස් කිරීම සිදුකිරීමට ද සියලු කටයුතු කර ඇතැයි යුද්ධ හමුදාව පවසයි. රටේ…
හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේදි සිදුවු යතුරුපැදි ටිපර් රථ අනතුරකින් යතුරුපැදි කරු බරපතල තුවාල ලබා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු කොටගල ප්‍රාදේශීය රෝහලේ නිලධාරියකු පවසන ලද්දේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල ප්‍රදේශයේදි මෙම අනතුර සිදුව ඇති බවත් එම අනතුරින් බරපත තුවාල ලබා රෝහල් ගත කරන ලද යතුරුපැදි කරුගේ…
අරක්කු බෝතල 45ක් සමග මස්කෙළිය නගරයේදි පුද්ගලයන් දෙදෙනකු සැක පිට මස්කෙළිය පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත. මස්කෙළිය නගරය තුල කරන ලද හදිසි සෝදිසියකදි අරක්කු බෝතල 20ක් සමග හා අරක්කු බෝතල 25ක් සමග මෙම පුද්ලයන් දෙදෙනා මෙසේ අත් අඩංගුවට ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි මස්කෙළිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මස්කෙළිය නගරය තුල කරන…