විමලසුරේන්ද්‍ර  පිටාර ගලයි

විමලසුරේන්ද්‍ර පිටාර ගලයි

මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් ඉහල යාමත් සමග විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර ගැලිමට ලක්ව ඇති අතර තැන තැන පස් කදු කඩා වැටිමක්ද සිදුව ඇත. 15වන දින දහාවල් සිට මධ්‍යම කදුකරයට ඇද හැලෙන මෙම වර්ෂාවත් සමග විමලසුරේන්ද්‍ර ජලාශයේ ජලය 16වන දින පිටාර ගැලිමට ලක්ව ඇති බවත් ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක්…

weather

‘අම්ෆන්’ චණ්ඩ වන ලකුණු

ඉදිරි පැය 6 තුළ දී “අම්ෆන්” සුළි කුණාටුව අතිශයින්ම චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශය ආශ‍්‍රිතව පැවති අම්ෆන් සුළි කුණාටුව, චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනයවී ත‍්‍රිකුණාමලයට ඊසාන දෙසින් ස්ථානගතව පවතින අතර, මෙම පද්ධතිය ඉදිරි පැය 6 තුලදී ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය…

ඉන්දියාව චීනයත් අභිබවා යයි

ඉන්දියාව චීනයත් අභිබවා යයි

ඉන්දියාවෙන් වාර්තා වන සමස්ථ කොරෝනා රෝගීන් සංඛ්‍යාව චීනයෙන් වාර්තා වන සංඛ්‍යාවට වඩා වැඩිවී ඇතැයි ඉන්දීය සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 85 940ක් වන අතර චීනයෙන් වාර්තා වී ඇත්තේ 82 941කි. චීනයේ සිදුවූ මරණ 4 600ට සාපේක්ෂව ඉන්දියාවේ සිදුවී ඇත්තේ මරණ 2 752ක් බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

weather today at my location

අම්ෆන් සුළි සුළඟ ඉදිරි පැය 24 තුළ චණ්ඩ සුළි කුණාටුවක් වෙයි

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩු පීඩන තත්ත්වය අද දින තුළදී සිදු කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් මීළඟ පැය 24 තුළ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. රතු නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මෙම පද්ධතිය හේතුවෙන් දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල…

ගංවතුර අවධානමට නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ හා මුදවා ගැනීමේ කණ්ඩායම් සීරුවෙන්

ගංවතුර අවධානමට නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ හා මුදවා ගැනීමේ කණ්ඩායම් සීරුවෙන්

මේ දිනවල විටින් විට ඇද හැලෙන වර්ෂාව සමඟ ඉදිරියේදී ඇතිවිය හැකි අවධානම් සහ ස්වාභාවික විපත් සඳහා පෙර සුදානමක් ලෙස හඳුනාගත් ස්ථාන වෙත සහන කණ්ඩායම් ස්ථාපිත කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදි. ඒ අනුව, දකුණු පළාතේ තවලම, උඩුගම සහ නාගොඩ ප්‍රදේශයන්හි සහ සබරගමුව පළාතේ රත්නපුර ප්‍රදේශයේ නාවික හමුදා සහන සැළසීමේ ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ හා මුදවා ගැනීමේ…

badweather

දිස්ත්‍රික්ක කිහිපයක ජනතාවට අනතුරු ඇඟවීම්

පවතින වර්ෂාව හේතුවෙන් කැළණි, කළු සහ ගිං යන ගංගා තුනේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. කැළණි ගගේ හොලොම්බුව ජල මිනුම් ස්ථානයේ ජල මට්ටම ගංවතුර මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මිලි මීටර් 200 ට වැඩි ඉතා තද වර්ෂාපතනයක් ඇති විය හැකි බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ. පවතින වැසි…

කොරෝනාවෙන් දෙපා ආරක්ෂා කරගැනීමට විද්‍යුත් පාපිස්සක්
|

කොරෝනාවෙන් දෙපා ආරක්ෂා කරගැනීමට විද්‍යුත් පාපිස්සක්

කොරෝනා වෛරස්  ඇතුළු විෂබීජ වලින් දෙපා ආරක්ෂාකරගැනීම  සඳහා විෂබීජහරණ විද්‍යුත් පාපිස්සක්  නිර්මාණය  කිරිමට  හොරණ  තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවෙකු  සමත්ව තිබෙි. ශරීරයේ  සෑම ස්ථානයක්ම විෂබිජහරණය කලහැකි වුවත් පාදවල යටිපතුල් විෂබීජහරණය පහසු නොවෙි.එම නිසා විද්‍යුත්  පාපිස්සක් මගින් එය සිදුකිරිම මෙයින් සිදුවෙි. හොරණ හල්පිට, පින්නකොළහේන පදිංචි තිළිණ ශ්‍රීනාත් ජයන්ත තරුණ මහතා මෙහි නිර්මාණකරු වෙි. කුඩා මෝටරයක්…

අද රාත්‍රී 08 සිට යලි දිවයිනටම ඇඳිරි නීතිය

අද රාත්‍රී 08 සිට යලි දිවයිනටම ඇඳිරි නීතිය

අද රාත්‍රී 08 සිට ලබන සදුදා අලුයම 05 දක්වා දවයිනටම යලි ඇඳිරි නීතිය ක්‍රියාත්මකවනවා. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙක හැර අනෙක් සියලු දිස්ත්‍රික් සඳහා පනවා තිබු ඇඳිරි නීතිය අද අලුයම 5 ට ඉවත් කෙරුණා. කෙසේවෙතත් කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල මැයි මස 18 වන සඳුදා අළුයම 05.00 ට ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු මැයි…

දකුණු බෙංගාල බොක්කට සුළි කුණාටුවක්

දකුණු බෙංගාල බොක්කට සුළි කුණාටුවක්

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන තත්ත්වය එම ප්‍රදේශයේ දීම පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි අතර එය අද(16) දිනයේ දී දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය තුළ දී සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් වයඹ දෙසට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එහි බලපෑම හේතුවෙන්…

ඉන්දියාවේ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 82000යි

ඉන්දියාවේ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 82000යි

ඉන්දියාවෙන් වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 82,000කට ආසන්න වී තිබේ. ඉන්දියාව තුළ මේ වන විට කොවිඩ් මරණ 2,649ක් වාර්තා වී තිබේ. පූර්ණ සුවය ලබා ඇති සංඛ්‍යාව 27,969ක් බවයි විදෙස්වාර්තා සදහන් කළේය. මේ වන විටත් ඉන්දියාව සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ.