නිවසේ සිට වැඩ කිරීමේ සාර්ථකත්වය නිසා ට්විටර් සේවකයින්ට ඇති තරම් කාලයක් නිවසේ සිට වැඩ කිරීමට අවස්ථාව
|

නිවසේ සිට වැඩ කිරීමේ සාර්ථකත්වය නිසා ට්විටර් සේවකයින්ට ඇති තරම් කාලයක් නිවසේ සිට වැඩ කිරීමට අවස්ථාව

කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ හඳුන්වාදුන් “නිවසේ සිට වැඩකිරීමේ” ක්‍රමවේදය සිය සමාගමේ සේවකයින් සඳහා අඛණ්ඩව ක්‍රියාත්ම කිරීමට සමාජ ජාල වෙබ් අඩවියක් වන ට්විටර් සමාගම තීරණය කර ඇත. නිවසේ සිට වැඩ කිරීමේ සාර්ථකත්වය නිසා  කැමති තරම් කාලයක් නිවසේ සිට සේවය කිරීමට ට්විටර් ආයතනය එහි සේවකයන්ට අවසර දී ඇත. ට්විටර් සමාගමේ සේවකයින් 5000 ක් පමණ පසුගිය මාර්තු මාසයේ…

මත්පැන් විකිණීමට අවසර

මත්පැන් විකිණීමට අවසර

ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල පිහිටි සුරාසැල් අද (13) සිට විවෘත කිරීමට ඉඩ ලබාදී තිබෙනවා. කොළඹ සහ ගම්පහ ප්‍රදේශවල පිහිටි බලයලත් සුපිරි වෙළදසැල් වල පිහිටි මත්පැන්හල් වල මත්පැන් විකිණීමට අවසර හිමිව ඇත. කෙසේ වුවත් මෙලෙස මත්පැන් අලෙවි කිරිමට අවසර හිමිව ඇත්තේ දැඩි කොන්දේසි වලට යටත්වයි.

වලවේ ගඟේ ජල මට්ටම ඉහල යාමෙන් ගංවතුර තත්ත්වයක්

වලවේ ගඟේ ජල මට්ටම ඉහල යාමෙන් ගංවතුර තත්ත්වයක්

වලවේ ගඟේ ජල මට්ටම ඉහල යාම හේතුවෙන් අම්බලන්තොට වාඳුරුප්ප ප්‍රදේශයට ගංවතුර තත්ත්වයක් ඇති වී තිබේ. මේ හේතුවෙන් නිවාස 10 ක් පමණ ජලයෙන් යට වී ඇත. ප්‍රදේශයේ ජනතාව කියා සිටින්නේ උදැසන 4.30 පමණ මෙම ගංවතුර තත්වය ඇතිවූ බවයි.

ජනපතිගෙන් ජනතාවට විශේෂ පණිවුඩයක්

ජනපතිගෙන් ජනතාවට විශේෂ පණිවුඩයක්

තම මාධ්‍ය අංශය බවට හඟවමින් සාවාද්‍ය පුවත් කිහිපයක් සමාජ මාධ්‍ය පිටුවළ පළකර ඇති බවත් එම ක්‍රියා තරයේ හෙළා දකින බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් පිටුවෙන් සඳහන් කරයි. ‘මහජනතාව වෙත කරන කෙරෙන විශේෂ නිවේදනයයි’ යනුවෙන් සඳහන් කරමින් එම නිවේදනය නිකුත් කර ඇති අතර තම නිල වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය පිටුවල පළකරන තොරතුරු පමණක්…

ජංගම දුරකථනය හරහා කප්පම් ඉල්ලන කණ්ඩායමක් පිලිබඳ අනාවරණය වේ

ජංගම දුරකථනය හරහා කප්පම් ඉල්ලන කණ්ඩායමක් පිලිබඳ අනාවරණය වේ

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාලව පරික්ෂණ පැවැත්වෙන සැකකරුවන්ගේ නාම ලේඛනයේ නම ඇති බව බය ගන්වා ඉන් නම ඉවත් කිරිමට යැයි පවසා ජංගම දුරකථන හරහා කප්පම් ලබා ගන්නා කණ්ඩායමක් පිලිබඳ තොරතුරු අනාවරණය වි ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය කියයි. ඒමෙන්ම රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින සැකකරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගෙන් කප්පම් ලබාගැනීම සඳහා බන්ධනාගාර සිරකුටිවල සිටින සිරකරුවන් විසින් පොලීසිය ලෙස පෙනී සිටිමින්ද මෙලෙස…

manusha

ගීතාට අහෝසිවූ නීතිය ජනාධිපතිට අදාල නොවන්නේ ඇයි?

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අවස්ථාව වන විට ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසිවී තිබුනේදැයි ප්‍රශ්ණ කරන බවත්, ද්විත්ව පුරවැසිභාවය මත ගීතා කුමාරසිංහට මන්ත්‍රීධූරය අහෝසිවූ නීතිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට අදාල නොවන්නේ ඇයිදැයි ප්‍රශ්ණ කරන බවත් ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය. ජනාධිපතිවරයාගේ ඇමරිකානු පුරවැසිභාවය අතහැරීම සම්බන්ධයෙන් වන සටහන 2019 වසරේ අවසන් කාර්තුවේදී නිකුත් වූ නිවේදනයට ඇතුළත් නොවූයේ ඇයිදැයි…

සියලුම හෝටල් නැවත දැනුම් දෙන තුරු වසා දමයි

සියලුම හෝටල් නැවත දැනුම් දෙන තුරු වසා දමයි

හැටන් නගරයේ විවෘත කර තිබු සියලුම හෝටල්  වසා දැමිමට හැටන් පොලිසිය හා හැටන් දික්ඔය නගර සභාව මගින් පියවර ගෙන ඇත. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සදහා අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ක්‍රිෂාන් ප්‍රේමසිරි මහතා විසින් ලබා දෙන ලද උපදෙස් මත හැටන් පොලිසියේද සහාය මත 12වන දින සිට නැවත දැනුම් දෙන තුරු හැටන් දික්ඔය නගරවල…

බාබර් සැලුන් අයිතිකරුවන් දැනුවත් කිරිමේ හමුවක්

බාබර් සැලුන් අයිතිකරුවන් දැනුවත් කිරිමේ හමුවක්

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මේ වන විට වසා දමා ඇති හැටන් නගරයේ බාබර් සැලුන් විවෘත කිරිමෙදි පිලිපැදිය යුතු නිර්නායන් පිලිබදව එම බාබර් සැලුන් අයිතිකරුවන් දැනුවත් කිරිමේ හමුවක් හැටන් නගර ශාලාවේදි පවත්වන ලදි. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමත්‍යාංශයේ උපදෙස් මත බාබර් සැලුන් පවත්වාගෙන යාම සදහා එවා ඇති උපදෙස් මත හැටන් දික්ඔය නගර සභාපති එස්. බාලචන්ද්‍රන් මහතාගේ…

නිරෝධායනය සාර්ථකව නිම කළ පුද්ගලයින් 32 දෙනෙකු පිටව යයි

නිරෝධායනය සාර්ථකව නිම කළ පුද්ගලයින් 32 දෙනෙකු පිටව යයි

වව්නියාව, පම්පමඩුව යුධ හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුළ සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද පුද්ගලයින් 32 දෙනෙකු අද එම මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් තිබෙනවා. කොරෝනා ආසාදිත බවට ප්‍රතිකාර ලබන නාවික හමුදා නිලධාරීන්ගේ පවුල්වල ඥාතීන් පිරිසක් මෙලෙස නිරෝධායන අවසන් කර පිටව ගොස් ඇත්තේ.

ශ්‍රී ලංකාව ගෝලීය ‘අළු ලේඛනයෙන්’ ඉවතට

ශ්‍රී ලංකාව ගෝලීය ‘අළු ලේඛනයෙන්’ ඉවතට

යුරෝපා කොමිසම 2020 මැයි 7 වැනිදා ප්‍රකාශයට පත්කරන ලද මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඩපැවැත්වීමේ උපායමාර්ගික දුර්වලතා සම්බන්ධ ඉහළ අවදානම් සහිත තුන්වැනි පාර්ශවයේ රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට තීරණය කර තිබේ. 2018 පෙබරවාරි මාසයේදී යුරෝපා කොමිසම විසින් ඉහළ අවදානම් සහිත තුන්වන පාර්ශවයේ රටක් ලෙස ශ්‍රී ලංකාව ලැයිස්තුගත කරනු ලැබී ය. ඒ, 2017…