වැල්ලවත්ත, පැරකුම් පෙදෙසේ ජනතාව වෙනුවෙන් එළවළු පාර්සල්

වැල්ලවත්ත, පැරකුම් පෙදෙසේ ජනතාව වෙනුවෙන් එළවළු පාර්සල්

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහාතාගේ උපදෙස් පරිදි වැල්ලවත්ත, පැරකුම් පෙදෙසේ ජනතාව වෙනුවෙන් එළවළු පාර්සල් බෙදා දීම  ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක අසන්ත ද මෙල් මහතාගේ අනුග්‍රාහකත්වයෙන් සිදුකරන ලදී.

law

නඩු අහන්න අලුත් තාක්ෂණයක්

බන්ධනාගාර රැඳවියන්ගේ ජිවිත ආරක්ෂා කරමින් කොවිඞ් 19 වෛරසය බන්ධනාගාර තුලට ඇතුලු වීම වළක්වාලමින් නඩු කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම සඳහා අලුත් තාක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වා දි ඇතැයි අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි. ඒ Tele Presence 4k HD video නම් තාක්ෂනයයි. අධිකරණ අමාත්‍යාංශය පවසා සිටින්නේ මේ වන විට බන්ධනාගාරය තුලට ඇතුල් කර ගන්නා සැකකරුවන් විශේෂ…

SriLankan

විදෙස් රටවල සිටින ශ‍්‍රි ලාංකික සිසුන් ගෙන්වාගැනීමේ දෙවන අදියර අද(03) සිට

කොරෝනා වසංගතය හේතුවෙන් විදෙස් රටවල සිරව සිටින ශ‍්‍රී ලාංකිකයන් ගෙන්වාගැනීමේ මිලග අදියර අද (03) ආරම්භ වනවා. එක්සත් රාජධානියේ සිට සිසුන් ඇතුලු පිරිසක් එදිනට පැමිණීමට නියමිත බවයි ගුවන් තොටුපොල ආරංචි මාර්ග සදහන් කරන්නේ. ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිට තවත් ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් ලබන 08 වනදා රැගෙන ඒමටද නියමිතයි.

කොළඹ සිරවී සිටි පිරිස ගම්බිම් වෙත

කොළඹ සිරවී සිටි පිරිස ගම්බිම් වෙත

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක සිරවී සිටි පුද්ගලයින් 300කට ආසන්න පිරිසක්  ගම්බිම් බලා පිටත් කර යැවුණි. ඒ, පෑලියගොඩ විජය කුමාරතුංග ක්‍රීඩාංගණයේ සිට බස් රථ මගිනි.

parippu

පරිප්පු හා සැමන් සඳහා පැන වූ උපරිම සිල්ලර මිල ඉවතට

පරිප්පු සහ ටින් මාළු සඳහා පැන වූ උපරිම සිල්ලර මිල ඉවත් කර තිබේ. පරිප්පු සහ ටින් මාළු සඳහා රජය පාලන මිලක් පැනවූයේ පසුගිය 17 වැනි දා සිටය. පරිප්පු කිලෝග්‍රෑමයක් සඳහා රජය පනවා තිබූ උපරිම සිල්ලර මිල රුපියල් 65 කි. සැමන් ටින් එකක් සඳහා ද රුපියල් 100 ක උපරිම සිල්ලර මිලක් පනවා තිබුණි.

මුහුණු පොතේ සිගිති පාතාලය කරළියට

මුහුණු පොතේ සිගිති පාතාලය කරළියට

සිඟිත පාතාලය ලෙස හදුන්වමින් මෙම වීඩියෝ සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති අතර, ලක්‍ෂ ගණනක් දෙනා ඒවා නරඹා ඇති බවත් පාසල් යන වයසේ දරුවන් ප්‍රචණ්ඩකාරීව එකිනෙකාට චෝදනා කරමින් මැරවරයින් ලෙස හැසිරෙන ආකාරය ඒවායේ දැක්වෙනවා. ඇතැම් දර්ශන ඡංගම දුරකතන ඔස්සේ ඔවුන් විසින්ම පිළියෙල කල ඒවා බව පැහැදිලි වුවද ඇතැම් දර්ශන කාගේ හෝ උපදෙස් මත නිර්මාණය වී ඇති…

Coronavirus3

බස්නාහිර පළාතේ නව කොරෝනා ව්‍යසනය පාලනය වෙයි

බස්නාහිර පළාතේද නව කොරෝනා ව්‍යසනය පාළනයකට යටත් කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා. කෙසේ වෙතත් සුපරික්ෂාව තවදුරටත් අත්‍යාවශ්‍ය බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ. අවධානම් කණ්ඩායම් තෝරා ගෙන තවදුරටත් පී සිී ආර් පරීක්ෂණ සිදු කෙරෙනවා. දෛනිකව සිදු කරන පී සී ආර් පරීක්ෂණ ගණන 1,500කට ආසන්නයි. යහපත් ආහාර පුරුදු හා…

ඉන්දියාවේ ආසාදිතයින් ගණන 35000 ඉක්මවයි

ඉන්දියාවේ ආසාදිතයින් ගණන 35000 ඉක්මවයි

ඉන්දියාවේ ආසාදිතයින් ගණන 35000 ඉක්මවයි මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 1154ක් බව විදෙස් වාර්තා සදහන් කළේය. ඉන්දියාවෙ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 35,043ක් වන අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගිය ගණන 9,068ක් බව වාර්තා වේ. වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින්  ඉන්දියාව සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ.

corona

කොරෝනා තවත් වසර 2 ක් ලොව පුරා පවතින බවට අනාවැකියක්

කොවිඩ් 19 වෛරසය තවත් වසර දෙකක පමණ කාලයක් ලෝකය පුරා ව්‍යාප්ත වනු ඇති බව අමෙරිකාවේ වසංගත විද්‍යාඥයන් පිරිසක් නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙයි. වෛරසය හේතුවෙන් අද වන විට සිදුව ඇති මරණ ගණන 233,000 ක් වන අතර මුළු ආසාදිතයන් ගණන මිලියන 3.2 ක් දක්වා ඉහළ ගොස් තිබේ.  

ජන ජීවිතය මැයි 11 සිට යථා තත්ත්වයට

ජන ජීවිතය මැයි 11 සිට යථා තත්ත්වයට

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම මැයි 11 වෙනි සඳුදා සිට ආරම්භ කරන බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා. මෙම දිස්ත්‍රික්කවල අත්‍යාවශ්‍ය සේවා පවත්වා ගැනීම ඇතුළු ජනජීවිතය සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම පිණිස රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සඳුදා සිට…