IDH රෝහලේ රෝගී ධාරිතාව ඉක්මවයි

IDH රෝහලේ රෝගී ධාරිතාව ඉක්මවයි

ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් කොළඹ IDH රෝහල තුළ ‍මෙවන විට රෝගි ධාරිතාව ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ. අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරන්නේ එම රෝහල තුළ මෙවන කොවිඩ්-19 රෝගීන් 140ක් ප්‍රතිකාර ලබන බවත් රෝගය ඇතැයි සැකකරන 10 දෙනෙකුද ප්‍රතිකාර ලබන බවත් මේ වනවිට එම රෝහලේ…

mahindadesappriya

මැයි 15 වනවිටවත් රට සාමාන්‍ය නොවුනොත් මැතිවරණය පැවැත්විය නොහැකි තත්වයක්

පාර්ලිමේන්තු මැතිවරණය ජූනි මස 20 වැනි දින පැවැත්වීමට නම් මැයි මස 15 වනවිටවත් කොරෝනා මැඩපවත්වා රට සාමාන්‍ය තත්වයට පත් වී තිබිය යුතු යැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. එමෙන්ම සෞඛ්‍ය බලධාරීන්ගේ පූර්ණ නිර්දේශය වගේම මීටත් අමතරව මැතිවරණය පැවැත්වීමට නම් මැතිවරණ කොමිසමද සෑහීමකට පත්විය යුතු බවත් රාජ්‍ය නිලධාරීන්, ස්වේච්ඡා සංවිධාන, දේශපාලන පක්ෂ, සිවිල්…

නාවික හමුදා සාමාජිකයින් කොන් කරන්න එපා – ආරක්ෂක ලේකම් කියයි

නාවික හමුදා සාමාජිකයින් කොන් කරන්න එපා – ආරක්ෂක ලේකම් කියයි

ශ්‍රි ලංකා නාවික හමුදාවේ සාමාජිකයින් හා ඔවුන්ගේ පවුල් වල අය කොන් කිරිමෙන් හා ඔවුන්ව අපහසුතාවයට පත් කිරිමෙන් වළකින ලෙස ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා රටේ මහජනතාවට ප්‍රකාශ කර සිටියි. රටේ පවතින කොවිඞ් 19 වසංගතයෙන් ජනතාව බේරා ගන්න සෞඛ්‍ය අංශ සමඟ උරෙන් උර ගැටී ක්‍රියා කළේ අපේ ත්‍රිවිධ හමුදාව බව පෙන්වා දෙන ආරක්ෂක…

රුසියාවේ සහ බ්‍රසීලයේ ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට

රුසියාවේ සහ බ්‍රසීලයේ ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට

බ්‍රසීලයේ සහ රුසියාවේ කොවිඩ් වෛරස ව්‍යාප්තිය කැපීපෙණෙන අයුරින් ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පෙනවා දෙයි. රුසියාවෙන්ද ඊයේ දිනය තුළදී ආසාදිතයන් 6411ක් හඳුනාගෙන තිබුණේ සමස්ත ආසාදිතයන් ගණන 93,558 දක්වා ඉහළ දමමින්. එරටින් කොවිඩ් මරණ 867ක්ද වාර්තා වී තිබේ. ලතින් අමෙරිකානු රටක් වන බ්‍රසීලයේ කොවිඩ් වෛරස ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරමින් ඊයේ එරටින් මරණ 520ක් වාර්තා…

කොරෝනා මැද්දේ සිරියාවේ බෝම්බ පුපුරයි

කොරෝනා මැද්දේ සිරියාවේ බෝම්බ පුපුරයි

සිරියාවේ වයඹ දිග ඇෆ්රින් නගරයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් 40 දෙනකු පමණ මියගොස් ඇතැයි තුර්කිය පවසයි. මියගිය සියලු දෙනා සිවිල් වැසියන් බවත් ඒ් අතර ළමුන් 11දෙනකු සිටින බවත් තුර්කි ආරක්ෂක අමාත්‍යාංශය වාර්තා කරයි. සිද්ධියෙන් තවත් 40 දෙනකු පමණ තුවාල ලබා ඇත.

police

පොලිස් පිරිසකටත් කොරෝනා ලක්‍ෂණ

පොලිස් නිලධාරීන් පිරිසකට කොරෝනා වෛරස ආසාදිත ලක්ෂණ පහළ වී ඇති බව වාර්තා වෙයි. මේ හේතුවෙන් ඔවුන් ස්වයංනිරෝධායනයට ලක් කර ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි. ඇදිරි නීතිය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල ජනතාවගේ ආතතිය දුරු තිරීමට ආරක්ෂක අංශ විසින් පවත්වන සංගීත ප්‍රසංග වල ආරක්ෂාවට ගිය පිරිසකට මෙසේ රෝග ලක්‍ෂණ පහල වී ඇත.

මැනිං වෙළෙදපොළ අද(29) සිට යළි විවෘත කෙරේ

මැනිං වෙළෙදපොළ අද(29) සිට යළි විවෘත කෙරේ

කොළඹ මැනිං වෙළෙදපොළ අද (29) සිට යළි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. එහෙත් තොග වෙළෙද කටයුතු සඳහා පමණක් වෙළෙදපොළ විවෘත කරන බවයි එහි උප සභාපති නිමල් අත්තනායක මහතා සඳහන් කළේ. එළවළු සහ පළතුරු ගොවීන්ගෙන් ඍජුව මිලදී ගැනීම් කරන මැනිං වෙළෙදපොළ වසාතැබීම හේතුවෙන් ඔවුන් පත්ව ඇති අපහසුතාව සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළෙඹ තිබෙනවා.

www.covid19.gov.lk වෙබ් අඩවිය එළිදකී

www.covid19.gov.lk වෙබ් අඩවිය එළිදකී

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගය පිළිබඳ ප්‍ර‍තිචාර දැක්වෙන www.covid19.gov.lk වෙබ් අඩවිය ප්‍ර‍කාශයට පත් කිරීම කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍ර‍ධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍ර‍ධානී, යුද හමුදාපති ශවේන්ද්‍ර‍ සිල්වා මහතා විසින් 2020.04.27 වැනි දින සිදු කෙරිණි. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය (ICTA) මඟින් මෙම වෙබ් අඩවිය ක්‍රියාත්මක කරනු ලබයි. මූලිකව කොවිඩ් 19 සඳහා…

අපේ ඉපැරැණි සංස්කෘතිය නැවතත් කරලියට

අපේ ඉපැරැණි සංස්කෘතිය නැවතත් කරලියට

බස්නාහිර පළාතේ ජනතාව තවමත් සිටින්නේ ඇඳිරි නීතිය යටතේය. ඒ අතරේ අනෙකුත් ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් කිරීම ගැනද ආන්දෝලනයක් ඇතිවිය. කොළඹ කෙසෙල්වත්තෙන් පොකුරු පිටින් හමුවීමත් සමග රෝගීන් ගණන ඉහළ ගියේය. මේ සිද්ධිය වෙත්දී ඇතැම් මාධ්‍යවල ප්‍රචාරය වූයේ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති හා කොරෝනා මර්දන කාර්යසාධක බළකායේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ සේවා කාලය අවසන්…

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමා වැඩි වශයෙන් ඉන්නේ මාධ්‍ය වල

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමා වැඩි වශයෙන් ඉන්නේ මාධ්‍ය වල

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා වැඩි වශයෙන් මාධ්‍ය තුළ පෙනී සිටීමෙන් කොරෝනා ව්‍යසනය තුරන් කළ නොහැකි බව පුජ්‍ය මුරුත්තෙටුවේ ආනන්ද හිමියන් පවසයි. උන්වහන්සේ අද පැවති මාධ්‍ය හමුවකදී මේ අදහස් පළ කළේය. කොරෝනා වසංගතය ව්‍යාප්ත වීම ආරම්භ වූ මොහොතේ පටන් මේ දක්වා උන්වහන්සේ තරමටවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා රට තුළ කොරෝනා හේතුවෙන් පීඩාවට පත් ජනතාව බැහැදැකීමට ගොස්…