ඉන්දියාවේ කොරෝනා මරණ 324 දක්වා ඉහළට

ඉන්දියාවේ කොරෝනා මරණ 324 දක්වා ඉහළට

ඉන්දියාවේ කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව 324 දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදිතයන් ගණන ද 9100 ඉක්මවා ගොස් ඇත. එරට සම්පූර්ණයෙන් අකර්මණ්‍ය කර තැබෙන කාලය අදින් අවසන් වීමට නියමිතව ඇති අතර අගමැති නරේන්ද්‍ර මෝදි අද ජාතිය ඇමතීමට නියමිතයි.

lockdown areas in sri lanka today

බේරුවල ගම් දෙකක් LockDown

වෛරසය ව්‍යාප්ත වන ඉහළ අවදානම් සහිත ප්‍රදේශයන් ලෙස බේරුවල ගම්මාන දෙකක් හඳුනා ගෙන ඇතැයි යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව පන්විල හා චීන කොරටුව යන ගම්මාන හුදකලා කිරීමට ආරක්ෂක අංශ තීරණය කර තිබේ.

Coronavirus3

එළැඹෙන සති කිහිපය අවදානම්

එළැඹෙන සති කිහිපය අවදානම් බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. කොරෝනා බවට සැක සහිත පුද්ගලයින් 3500 කට අධික පිරිසගේ ඛේට සාම්පල මේ වනවිට පරීක්ෂා කර ඇතැයි විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළේ ය. මෙරටින් මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 218 කි. ආසාදිතයින් 56 දෙනෙකු සුවය ලැබුවේ ය.

අත්අඩංගුවට ගත් රන්ජා අද අධිකරණයට

අත්අඩංගුවට ගත් රන්ජා අද අධිකරණයට

පොලිස් අත්අඩංගුවට පත්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඊයේ රාත්‍රියේ ඔහු අත්අඩංගුවට ගැනුණේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මතයි. වලංගු ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිව එසේ පැමිණීම සම්බන්ධයෙන් පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටියදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමණායක එම ස්ථානයට පැමිණ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට…

සාමය, සතුට, සෞභාග්‍ය රැඳි නීරෝගිමත් සුබ නව වසරක් වේවා!

සාමය, සතුට, සෞභාග්‍ය රැඳි නීරෝගිමත් සුබ නව වසරක් වේවා!

දේශයේ අසිරිමත් මහා සංස්කෘතික මංගල්‍යය වන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද රටවැසි සියලු ජනතාවට සාමය, සතුට හා සෞභාග්‍යය සපිරි මෙන්ම නිරෝගීමත් කාලපරිච්ඡේදයක් වේවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය අලුත් අවුරුදු පණිවුඩය නිකුත් කරමින් ප්‍රාර්ථනා කරයි. “රටත් ජනතාවත් මුහුණ පා ඇති වසංගත උවදුර ජයගැනීමට තිර අධිෂ්ඨානයෙන් අත්වැල් බැඳ ගැනීම අපේ අලුත් අවුරුදු ප්‍රාර්ථනා අතරට එක් කර…

අද රාත්‍රි 10.05ට සියලු නිවෙස්වල පහනක් දල්වන්න

අද රාත්‍රි 10.05ට සියලු නිවෙස්වල පහනක් දල්වන්න

අද (13) දිනයේ රාත්‍රි 10.05ට සියලු නිවෙස්වල පහනක් දල්වන ලෙස සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් ගිහි තැනැත්තන් නිවෙස්වල සිට චාරිත‍්‍ර ඉටු කිරීමේදී විහාරස්ථාන වල ආශීර්වාදාත්මක පිංකම් සිදු කරන්නැයි සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලය භික්ෂූන් වහන්සේලාගෙන් ඉල්ලීමක් කරනවා.  අලූත් අවුරුද්ද උදා වීමට නියමිතව ඇත්තේ හෙට රාතී‍්‍ර 08යි…

police

වැඩ බලන පොලිස්පතිගේ අවධානය පිණිසයි

දුෂ්කර පළාත් වල සේවය කරන පොලිස් නිලධාරින්ට ඇඳිරි නීතිය නිසා සිය නිවෙස් ගැන සොයා බැලීමට නොහැකි වීමෙන් ඔවුන් දැඩි මානසික පීඩනයකට ලක්ව තිබේ. විශේෂයෙන්ම උතුරු පළාතේ දුපත් ආශ්‍රිත පොලිස් ස්ථාන වල සේවය කරන පොලිස් නිලධාරින් මෙම තත්ත්වයට පත්ව ඇත. මේ සම්බන්ධයෙන් එක් පොලිස් නිලධාරියෙකු අප වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කර සිටියේ ඔහු දින 52 කින්…

සියලූම විහාරස්ථානවල ආශිර්වාදාත්මක බොජ්ඣඬග සූත්‍ර දේශනාවක්

සියලූම විහාරස්ථානවල ආශිර්වාදාත්මක බොජ්ඣඬග සූත්‍ර දේශනාවක්

අද(13)රාත්‍රී 7.30ට සියලුම විහාරස්ථානවල මහ සංඝරත්නය විසින් ආශිර්වාදාත්මක බොජ්ඣඬග සූත්‍ර දේශනාවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ. සමස්ත රටවැසි ජනතාවට අශිර්වාද පිණිස අද රාත්‍රී 7.30ට විහාරස්ථානවල සිටින මහ සංඝරත්නය විසින ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් මෙම සූත්‍ර දේශනාව පැවැත්වීමට සැලසුම් කර ඇති බව සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලය සඳහන් කළේය. ඒ අනුව අද රාත්‍රී 7.25ට සෑම විහාරස්ථානයකම…

අවුරුදු උත්සව තහනම්

අවුරුදු උත්සව තහනම්

ග්‍රාමීය මට්ටමින් සංවිධාන කෙරෙන කුඩා ප්‍රමාණයේ අලුත් අවුරුදු උත්සව නතර කිරිමට පියවර ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයා සියලු පොලිස් ස්ථානවෙත දැනුම් දී තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ඇදිරි නීතිය බලපැවැත්වෙන කාලසීමාව තුළ නාගරික මට්ටමින් බැහැරව ග්‍රාමිය මට්ටමින් අවුරුදු උත්සව සංවිධාන කිරිමට සූදානමක් පවතින බවට පොලිසියට තොරතුරු ලැබී ඇති බවයි. එම නිසා පොලිස් ස්ථාන මඟින් ක්‍රියාත්මක…

කොරෝනා වැළදී සිටි බි‍්‍රතාන්‍ය අගමැති රෝහලෙන් පිටව යයි

කොරෝනා වැළදී සිටි බි‍්‍රතාන්‍ය අගමැති රෝහලෙන් පිටව යයි

කොරෝනා ආසාධනය වී සිටි බි‍්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. වෛරස රෝග ලක්ෂණ උත්සන්න වීමත් සමග බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරයා ලන්ඩන් නුවර පිහිටි ශාන්ත තෝමස් රෝහලට ඇතුලත් කර හෙතෙම දින තුනක් දැඩි සත්කාර ඒකකයේ පසුවුණා.