ගොවි විශ්‍රාම වැටුප් සහ ධීවර විශ්‍රාම වැටුප් ලබාදීම අද සිට

ගොවි විශ්‍රාම වැටුප් සහ ධීවර විශ්‍රාම වැටුප් ලබාදීම අද සිට

ගොවි විශ්‍රාම වැටුප් සහ ධීවර විශ්‍රාම වැටුප් ලබාදීම අද සිට ආරම්භ කිරීමට නියමිතයි. තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ග්‍රාම සේවක වසම් මට්ටමින් තැපැල් කාර්යාල වෙත කැදවා අදාළ පිරිස් වෙත විශ්‍රාම වැටුප් ගෙවීමට සැලසුම් කර ඇති බවයි. බොහෝමයක් ලිපිනයන් සොයා ගැනීමේ අපහසුතාවය සැලකිල්ලට ගනිමින් ගොවි විශ්‍රාම වැටුප් තැපැල් කාර්යාල වෙත කැඳවා සිදුකිරීමට සැලසුම් කර ඇති අතර, ලිපිනයන්…

දිස්ත්‍රික්ක 19ක ඇඳිරි නීතිය ලිහිල් කෙරේ

දිස්ත්‍රික්ක 19ක ඇඳිරි නීතිය ලිහිල් කෙරේ

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු සියලුම දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය අද(06) උදෑසන 6.00 සිට තාවකාලිකව කර තිබේ. කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ති‍්‍රක්ක සදහා කි‍්‍රයාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තුරු අඛණ්ඩව බලාත්මකයි. කවර දිස්ති‍්‍රක්කයක වුවද ගොවිතැන් වැඩ කරන සහ කුඩා තේ…

ඉන්දියාවේ කොරෝනා ආසාධිතයන් 3000 ඉක්මවයි

ඉන්දියාවේ කොරෝනා ආසාධිතයන් 3000 ඉක්මවයි

ඉන්දියාවේ තහවුරු කරගත් කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව මේ වන විට 3000 ඉක්මවා ගොස් ඇති අතර 75 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා. කෙසේ වෙතත් ජාත්‍යන්තර වෛද්‍ය සමීක්ෂණ ආයතන පෙන්වා දී ඇත්තේ එම මරණ සංඛ්‍යාව 86ත් 99ත් අතර විය හැකි බවයි.

කොරෝනා පරීක්‍ෂා කළ හැකි නව උපකරණයක් ජපුරෙන්

කොරෝනා පරීක්‍ෂා කළ හැකි නව උපකරණයක් ජපුරෙන්

කොවිඩ් නයින්ටීන් වෛරසය පරික්‍ෂා කළ හැකි නව උපකරණයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්‍ෂක ශිෂ්‍යයෙකු නිෂ්පාදනය කරයි. අධි ශබ්ද ධ්වනියක් නිකුත් කර එයින් නිකුත් වන තරංග ආශ්‍රයෙන් වෛරසය ව්‍යාප්ත වී ඇත් ද යන්න පිළිබඳ මෙම උපාංගයෙන් හඳුනා ගැනීමට හැකි බවයි මහනුවර එලගොල්ල ප්‍රදේශයේ පදිංචි චාමර විජේවර්ධන නමැති මෙම සිසුවා සඳහන් කළේ. මීට සමාන තාක්‍ෂණික උපාංග ලෝකයේ…

ලොව පුරා කොරෝනා මරණ 60000 ඉක්මවයි

ලොව පුරා කොරෝනා මරණ 60000 ඉක්මවයි

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට මිලියනය ඉක්මවා ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව 60000 ඉක්මවා තිබෙනවා. ආසාදිතයින් සංඛ්‍යාව 11 ලක්ෂ 30,547 ලෙස සටහන් වන අතර ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව දක්වෙන්නේ  60,123 ක් ලෙසයි. කොරෝනා ආසාදනය වී සුවය ලැබූ වූ පුද්ගලයින් සංඛ්‍යාව 234,069 ක් වනවා.

මිරුසවිල් ඝාතකට සමාව දීමට අදාළ ලේඛන ට්‍රාන්ස්පේරන්සි ඉල්ලයි

මිරුසවිල් ඝාතකට සමාව දීමට අදාළ ලේඛන ට්‍රාන්ස්පේරන්සි ඉල්ලයි

මෑතකදී ජනාධීපති සමාව යටතේ නිදහස් කරන ලද මිරුසවිල් සමූහ ඝාතනයේ වැරදිකරුට ජනාධීපති සමාව ලබාදීමේදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 34 වන ව්‍යවස්ථාව යටතේ අනුගමනය කළ යුතු ක්‍රමවේදයට අදාළ සියලු ලේඛන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය ජනාධිපති ලේකමවරයාගෙන් ඉල්ලා ඇත. එු අනුව ජනාධීපති සමාව දීමේ දී ලබා ගත යුුතු නඩුව විභාග කල විනිසුරුවරයාගේ වාර්තාව, නීතිපතිවරයාගේ උපදෙස් හා අධිකරණ අමාත්‍යවරයාගේ නිර්දේශය ප්‍රසිද්ධියට…

බල්ලන් සහ බලලුන්ගේ මස් ආහාරයට ගැනිම තහනම් වෙයි

බල්ලන් සහ බලලුන්ගේ මස් ආහාරයට ගැනිම තහනම් වෙයි

බල්ලන් සහ බලලුන් ආහාරයට ගැනිම තහනම් කළ චීනයේ පළමු නගරය ලෙස ෂෙන්ෂෙන් නගරය ප්‍රකාශයට පත් කර තිබේ. මැයි මස 01 වනදා සිට අදාල නීතිය බලපැවැත්වෙන බව එරට රජය නිවේදනය කළේය. එම නීතියට අනුව සුරතල් සතුන් ලෙස ඇති කළ සතුන් ආහාරයට ගැනීම තහනම් වේ.

amercia

අමෙරිකාවේ සහ ප්‍රංශයේ ගතවු පැය 24ට මරණ දහස ඉක්මවයි

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාධනය විමෙන් අමෙරිකාවේ සහ ප්‍රංශයේ ගතවු පැය 24 තුළ පුද්ගලයින් දහසකට වැඩි පිරිසක් මියගොස් තිබේ. අමෙරිකාවේ පුද්ගලයන් 1320 දෙනෙකු මියගොස් ඇති අතර ප්‍රංශයේ ඊයේ(03) දිනය තුළ මියගිය සංඛ්‍යාව 1120ක් වෙයි.

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

ඇඳිරි නීතිය කැඩූ 12,000ක් අත්අඩංගුවට

ඇඳිරි නීතිය උල්ලංඝනය කර දිවයින පුරා අත්අඩංගුවට පත් පිරිස 12,223 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අත්අඩංගුවට ගැනීම් සිදුකෙරුණේ පසුගිය මාර්තු 20 වැනිදා සිට අද(04) උදෑසන 6.00 දක්වා කාලය තුළයි. මෙම කාලය තුළ වාහන ද 3017 ක් අත්අඩංගුවට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි.