death

නව කොරෝනා මරණ සංඛ්‍යාව 05 ක්.

මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති නව කොරෝනා මරණ සංඛ්‍යාව 05 ක්. කොරෝනා වෛරසය ආසාදනය වී මියගිය මරදාන ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයා ජීවත් වූ ඉමාමුල් අරූස් මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණය තවදුරටත් වසා දමා තිබෙනවා. එහි වෙසෙන ජනතාවගේ මානසිකත්වය ඉහළ නැංවීමේ අරමුණීන් පොලීසිය ඊයේ සුවිශේෂී කටයුත්තක් සිදු කළා. පොලිස් සංගීත කණ්ඩායම විසින් එම නිවාස සංකීර්ණය අසල…

lockdown areas in sri lanka today

ග්‍රෑන්ඩ්පාස් වාස් පටුමග Lockdown

ග‍්‍රෑන්ඞ්පාස් ‘‘ද වාස් පටුමග’’ වසා දැමීමට ද සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා. ඔහුගේ පවුලේ සියලූදෙනා ද මේ වනවිට නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් මියගිය මරදානේ පදිංචිව සිටි පුද්ගලයා ශ‍්‍රී ජයවර්ධනපුර රෝහල වෙත රැගෙන ගොස් ඇත්තේ ද ග‍්‍රෑන්ඞ්පාස් ‘‘ද වාස්’’ පටුමගේ පදිංචි ඔහුගේ පුත‍්‍රයාගේ නිවසේ සිටි පුද්ගලයින්…

අරක්කු නැතිව තවත් උහුලන්න බෑ

අරක්කු නැතිව තවත් උහුලන්න බෑ

නොර්වුඩ් පොලිස් බල ප්‍රදේශයට අයත් පුලියාවත්ත ප්‍රදේශයේ මත්පැන් සලක් කඩා එම මත්පැන් සැලේ තිබු දේශිය සහ විදේශිය අනුමත මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් සොරාගෙන ගොස් ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය. (03) දින අලුයම 1 ට පමණ එම මත්පැන්සැලේ ඉදිරිපස දොරගුළු කඩා ඇතුළු වු පිරිසක් මත්පැන් බෝතල් තොගය රැගෙන ගොස් ඇති බව පොලිසිය පැවසුවේය. එම මත්පැන් සැලේ…

corona

රෝගය වසන්කරිමෙන් මරණයට අත වැනූ මියගිය අවසන් රෝගීන් දෙදෙනා

ජීවිතක්ෂයට පත්වූ අවසන් කොරෝනා රෝගීන් දෙදෙනාටම එම ඉරණම අත්ව තිබෙන්නේ රෝගය වසන්කර ගෙන සිටීම හේතුවෙනුයි. කොරෝනා රෝග ලක්ෂණ ඇත්නම් වහාම  දැනුවත් කරන ලෙස සෞඛ්‍ය හා ආරක්ෂක අංශ නිරන්තරයෙන් ප්‍රකාශ කරනවා. රෝගය වසන්කරගෙන සිටීමෙන් එම රෝගියාට පමණක් නොව පවුලේ පිරිසට ඔහු ඇසුරුකළ බොහෝ දෙනෙකුට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය හැකි බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

ගත වූ පැය 24 තුල ප්‍රංශයේ කොරෝනා මරණ සංඛ්‍යාව 1355යි

ගත වූ පැය 24 තුල ප්‍රංශයේ කොරෝනා මරණ සංඛ්‍යාව 1355යි

මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් ගත වූ පැය 24 තුල ප්‍රංශයේ කොරෝනා මරණ සංඛ්‍යාව 1355 දක්වා ඉහල ගොස් තිබෙනවා.  එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 5387ක්. ස්පාඤ්ඤයේ පුද්ගලයන් 961 දෙනෙකුත් , අමෙරිකාවෙන් ද නව මරණ 968 ක් ද ඉතාලියෙන්  වාර්තාවූ  මරණ සංඛ්‍යාව 760 ක් ද  වාර්තා වී තිබෙනවා.

ස්පාඤ්ඤයේ  පැය 24ක් තුළ මරණ 950ක්

ස්පාඤ්ඤයේ පැය 24ක් තුළ මරණ 950ක්

කොරෝනා වෙරසයෙන් ස්පාඤ්ඤයේ මිය ගිය ගණන දස දහස 10,000 ඉක්මවා ගියේය. ගතවු පැය 24 කාලය තුළ මරණ සංඛ්‍යාව 950කින් ඉහළ ගිය අතර සමස්ත අසාදිතයන්ගේ ගණන 110,238 දක්වා ඉහළ ගොස් ඇත.

කොරෝනා අසාදිතයන්ගේ ගණන මිලියනය ඉක්මවයි

කොරෝනා අසාදිතයන්ගේ ගණන මිලියනය ඉක්මවයි

ලොව පුරා රටවලින් වාර්තා වන කොරෝනා වයිරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව  දස ලක්ෂය ඉක්මවා ගියේය .මේ අනුව ලොව පුරා රටවල් හා කලාප 204 කින් කොරෝනා වයිරස් ආසාදිතයින් දසලක්ෂ පහළොස්දහස් හත්සියවිසිඅට දෙනෙකු වාර්තා වී තිබිණි . ලොව පුරා කොරෝනා වයිරස් ආසාදිතයින්ගේ මරණ සංඛ්‍යාවද  50,000 ඉක්මවා ගිය අතර මෙතෙක් වාර්තා වී ඇති කොරෝනා වයිරස් ආසාදිතයින්ගෙන් සුවය ලබා ඇති පිරිස…

පොලිස් අණ නොතකා ධාවනය වු වාහනයකට වෙඩි

පොලිස් අණ නොතකා ධාවනය වු වාහනයකට වෙඩි

මොරටුව, එගොඩඋයන ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් එහි ගමන් ගත් සිව්දෙනකුගෙන් තිදෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. මෙම සිද්ධිය ඊයේ(02 වැනිදා)රාත්‍රී 10.20 ට පමණ සිදුවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා “දිවයින”ට පැවැසීය. මෙහිදී මෝටර් රථයේ රියදුරු සමග අනෙක් තිදෙනා අත්අඩංගුවට ගෙන…

මුඛ ආවරණ මිලියන 2ක් නිෂ්පාදනය කිරීම ඇරඹේ

මුඛ ආවරණ මිලියන 2ක් නිෂ්පාදනය කිරීම ඇරඹේ

කොවිඩ් 19 සටන වෙනුවෙන් සෞඛ්‍ය බලධාරීන්ට සහාය දීම වෙනුවෙන් මුඛ ආවරණ මිලියන 2ක් නිෂ්පාදනය කිරීමට ශ්‍රී ලංකා ඇඟළුම් අපනයනකරුවන්ගේ සංගමය කටයුතු ආරම්භ කර තිබේ. මෙය ශ්‍රී ලංකා ඇඟළුම් අපනයනකරුවන්ගේ සංගමයේ පූර්ණ දායකත්වයෙන් ලබා දී ඇති අතර ඇඟළුම් කම්හල් 20ක් මේ කටයුත්තට නොමිලේම සිය දායකත්වය ලබා දී ඇත.

නිරෝධායන වැඩපිළිවෙළට සහාය නොදක්වන පුද්ගලයන්ට වෙඩි

නිරෝධායන වැඩපිළිවෙළට සහාය නොදක්වන පුද්ගලයන්ට වෙඩි

කොරෝනා මර්දනයට පිලිපීනය තුළ ක්‍රියාත්මක කර ඇති නිරෝධායන වැඩපිළිවෙළට සහාය නොදක්වන පුද්ගලයන්ට වෙඩි තබා මරා දමන ලෙස එරට ජනාධිපති රොඩ්‍රිගො ඩුටරෙට් විසින් පොලිසියට නියෝග කර තිබේ. කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පිලිපීනයේ ඇතැම් ප්‍රදේශ වසා දැමීමේ දී ඊට විරුද්ධව ජනතාව කටයුතු කළ නිසා රූපවාහනි මාධ්‍ය ඔස්සේ ජනතාව අමතමින් ජනාධිපතිවරයා මෙලෙස ප්‍රකාශය කර තිබේ.