curfew

උදෑසන ඇඳිරි නීතිය ලිහිල් කළ දිස්ත්‍රික්කවලට ලබන 6 දක්වා යළිත් ඇඳිරි නීතිය

දිස්ත්‍රික්ක හයක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය අද පෙරවරු හයට තාවකාලිකව ඉවත් කෙරුණා. ඇදිරිනීතිය ලිහිල් කෙරුණු දිස්ත්‍රික්ක 19 ට ලබන 06 වැනිදා උදෑසන 6 දක්වා යළි ඇඳිරිනීතිය ක්‍රියාත්මක බව ජනාධිපති කාර්යාලය පවසයි. කොළඹ , ගම්පහ , කළුතර , පුත්තලම , මහනුවර හා යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇඳිරිනීතියයි මෙසේ තාවකාලිකව ඉවත් කෙරුණේ. එසේ…

මංගලගේ නවතම සහකාරීය “කෝරානා”

මංගලගේ නවතම සහකාරීය “කෝරානා”

2020  අතුරු සම්මත ගිණුමෙන් අනුමත කර ඇති බැවින් අප්‍රේල් 30 දක්වා කිසිදූ මුදලක් අනුමත කිරීමට ජනාධිපතිට ව්‍යවස්ථා බලයක් නොමැත. පූර්ව මැතිවරණ අයවැය තත්ත්ව වාර්තාව- 2020 පිළිබඳව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රකාශය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ ප්‍රකාශවලින් අනතුරුව භාණ්ඩාගාර ලේකම් විසින් පසුගිය සඳුදා පූර්ව මැතිවරණ තත්ත්ව වාර්තාව- 2020 ප්‍රකාශයට පත් කරන ලදී….

Do not come to Colombo to get EPF

සේවක අර්ථසාධක අරමුදලේ තැන්පතුවලින් 20 %ක් ලබාගන්න තීරණයක්

සේවක අර්ථ සාධක අරමුදල යොදා ගෙන වැඩ කරන ජනතාවට සහන සැලසීමේ යෝජනාවක් අග්‍රාමාත්‍ය ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉදිරිපත් කර තිබේ. සේවක අර්ථසාධක අරමුදලේ සමාජිකයින්ට සිය තැන්පතුවලින් 20 %ක් ලබාදිය යුතු බව ඔහුගේ එම යෝජනාවයි. අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ මෙම යෝජනාව ඊයේ පුවත් පත් කිහිපයක් වාර්තාකර තිබිණ. එම වාර්තාවලට අනුව ඔහු යෝජනා කර තිබෙන්නේ,…

parippu

මාස 3කට ප්‍රමාණවත් භාණ්ඩ තොග ඇතැයි, ආනයනකරුවෝ පවසති

පවතින ආනයනික භාණ්ඩ තොග, මාස 3ක් සඳහා ප්‍රමාණවත් බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයකරුවන්ගේ සංගමය පවසයි. එහි ලේකම් ඉලමනාදන් මහතා සඳහන් කළේ, පරිප්පු සම්බන්ධයෙන් පමණක් යම් ගැටලුවක් පවතින බවයි. ආහාර හිඟයක් ඇතිවුවහොත් ඊට සාර්ථකව මුහුණදීම සඳහා වගා සංග්‍රාමයක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.

දේව පූජාවෙන් ආරම්භ වූ  ප්‍රංශයේ කොරෝනා

දේව පූජාවෙන් ආරම්භ වූ ප්‍රංශයේ කොරෝනා

සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ ප්‍රංශයේ කොවිඩ් – 19 ආසාදනයවුණු විශාලම කණ්ඩායම ප්‍රංශයේ ජර්මන් හා ස්විට්සර්ලන්ත දේශසීමා ආසන්නයේ පිහිටි මුල්හවුස් නගරයේ එවැන්ජලිස්ත දේවස්ථානයක වාර්ෂික දේව පූජාවෙන් ආරම්භ වී ඇති බවයි. මෙම දේව මෙහෙය දින පහක් පුරා  පවත්වා තිබේ. ඒ  සඳහා බැතිමත්හු සැතපුම් දහස් ගනනක් දුර ගෙවා පැමිණ ඇත. ඔවුන්ගේ වන්දනා කැලැන්ඩරයේ  උච්චතම අවස්ථාව මෙයයි. එහෙත් මේ වතාවේදී…

gov

ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් මාලාවක්

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අවම කිරිම හා අත්‍යවශ්‍ය සේවා බිඳ වැටීම වළක්වා ජන ජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා සියලු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඇඳිරිනීතිය ක්‍රියාත්මක විම හේතුවෙන් ජනතාවට අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ සපයා ගැනීම අපහසු…

කොරෝනා වෛරසය වැළදුණු තවත් පුද්ගලයෙක් ජිවිතක්ෂයට

කොරෝනා වෛරසය වැළදුණු තවත් පුද්ගලයෙක් ජිවිතක්ෂයට

නව කොරෝනා වෛරසය වැළදී ප්‍රතිකාර ගනිමින් සිටි පුද්ගලයෙක් මිගමුව රෝහලේදී ජිවිතක්ෂයට පත්වූ බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ඇන්ටන් ප්‍රනාන්දු තහවුරු කරයි. මෙලෙස මියගොස් ඇත්තේ මිගමුව, පෝරුතොට ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙක් බවයි රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියේ.

කොරෝනා වෛරසයෙන් සියලූ ජනතාව රැකගැනීම සඳහා වගකීමෙන් වැඩකරමු

කොරෝනා වෛරසයෙන් සියලූ ජනතාව රැකගැනීම සඳහා වගකීමෙන් වැඩකරමු

ලොව පුරා මෙන්ම අප රට තුළද පැතිර යමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් එය වළකාගැනීම සඳහා සියලූ බලවේගයන් පෙරටවිත් ඒ සඳහා කි‍්‍රයාත්මක වෙමින් ඇත. එසේම ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක වෙමින් පවතින තත්වයක් තුළ වුවද අත්‍යවශ්‍ය සේවාවන් ගණනාවක් සඳහා රටේ වැඩකරන ජනතාවගේ සේවය ලබාදී ඇත. ඒ අනුව රෝහල්, විදුලිබල, ජල සම්පාදන, බැංකු, වරාය, ප‍්‍රවාහන ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් ගණනාවක්…

aresst

හමුදා රාජකාරියට බාධා කළ මන්ත්‍රි අත්අඩංගුවට

ආරච්චිකට්ටුව ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ඇඳිරි නීතිය පවතින අවස්ථාවේ නාවික හමුදා සෙබළුන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. පොලීසිය පැවසුවේ ඊයේ රාත්‍රියේ කරුකුපනේ ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි.

ස්පාඤ්ඤයත් කොරෝනා වාර්තා අතරට

ස්පාඤ්ඤයත් කොරෝනා වාර්තා අතරට

ගත වූ පැය 24 තුලදී ස්පාඤ්ඤයෙන් නව මරණ 821ක් වාර්තා වී ඇත. ඊයේ (29) දිනයේදී වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූ රට බවට ස්පාඤ්ඤයෙන් වාර්තා වී ඇත. අද වන විට ස්පාඤ්ඤයෙන් හඳුනාගෙන ඇති මුළු ආසාදිතයන් ගණන අසූදහස ඉක්මවන අතර මරණ 6,803 වාර්තාවී තිබුණි.