china china news today taiwan china news today live china news today rain india china news today china news today flood china world news china news today earthquake china news australia
|

චීනයේ අඛණ්ඩව තෙවන දිනටත් නව ආසාදිතයින් නෑ

නව කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ චීනයෙන් අඛන්ඩව තෙවන දිනටත් නව ආසාදිතයින් කිසිවෙකු වාර්තා වී නොමැති බව එරට ජාතික සෞඛ්‍ය කොමිසම සදහන් කරයි. ගත වූ පැය 24 තුළ ආසාදිතයින් 41 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඔවුන් සියලු දෙනා විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් බවයි චීන සෞඛ්‍ය කොමිසම පෙන්වා දෙයි.

කොරෝනා ආසාදිතයින්ගෙන් සියයට 81ක් පිරිමි පුද්ගලයින්

කොරෝනා ආසාදිතයින්ගෙන් සියයට 81ක් පිරිමි පුද්ගලයින්

මෙරටින් තහවුරු වූ නව කොරෝනා වෛරසය ආසාදිතයින්ගෙන් වැඩිම ප්‍රතිශතයක් වයස අවුරුදු 41ත් 50ත් අතර පුද්ගලයින් බව සෞඛ්‍ය අංශ පවසයි. ආසාදිතයින්ගෙන් සියයට 45යි දශම දෙකක පිරිසක් වයස අවුරුදු 41ත් 50ත් අතර පුද්ගලයින් බවයි. ආසාදිතයින්ගෙන් සියයට 16යි දශම 7ක් වයස අවුරුදු 31ත් 40ත් අතර පුද්ගලයින් වන බව ද වසංගත රෝග විද්‍යා අංශය පැවසුවා. ආසාදිතයින් 70 දෙනාගෙන් බහුතරය…

කොටුව දුම්රිය ස්ථානය විෂබීජ හරණයට

කොටුව දුම්රිය ස්ථානය විෂබීජ හරණයට

නව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජ හරණ වැඩසටහන් යටතේ වැඩසටහන් කිහිපයක්  කොළඹ කොටුව දුම්රිය ස්ථානය සහ කොළඹ නැව් තඨාකාංගණ පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින්  පවැත්වීමට කටයුතු කරන ලදි. මෙහිදි නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ පූර්ණ උපදෙස් මත නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ…

ශ්‍රිපාද වන්දනාව නතර කරයි

ශ්‍රිපාද වන්දනාව නතර කරයි

ලංකාව තුල පැතිර යමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රිපාදය වන්දනා කිරිමට හැටන් හරහා පැමිනෙන සියලු වන්දනාකරුවන් දැනුවත් කර නැවත හරවා යැවිමට පියවර ගන්නා බව හැටන් පොලිස් අධිකාරි චුලනි වීරරත්න මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන වීරරත්න මහතා පවසන ලද්දේ මේ වන විට ලංකාව තුල පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන…

ජෝර්දානයට ඇඳිරිනීතිය

ජෝර්දානයට ඇඳිරිනීතිය

ජෝර්දානයේ අබ්දුල්ලා රජු හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර හමුදා ඇඳිරි නීතිය පැනවීමට ද පියවර ගෙන ඇත. ජනතාවගේ ගමන් බිමන් සීමා කිරීමේ අරමුණින් විශේෂ ක්‍රියාමාර්ගයක් ලෙස මෙම පියවර ගන්නා බව ජෝර්දාන රජයේ ප්‍රකාශක අම්ජාඩ් අල් අදෙයිලා විදෙස් පුවත් සේවා වලට පවසා ඇත.

death

කොරෝනා මරණ 11,300යි

කොරෝනා වයිරසය හේතුවෙන් මේ දක්වා සිදුවී ඇති මරණ සංඛ්‍යාව 11,300 කි. ගත වූ පැය 24 තුල ඉතාලියේ මරණ 627 ක්ද  ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව 1235 කි. කොරෝනා වයිරසය ආරම්භ වූ චීනයේ මියගිය සංඛ්‍යාව 3248 ක් වූවද ඉතාලියේ මියගිය සංඛ්‍යාව 4032 ක් වී තිබේ. ශ්‍රී ලංකාවේද කොරෝනා රෝගීන් සංඛ්‍යාව 72 ක් ලෙස වාර්තා වේ.

තොරතුරු සැගවූ කොරෝනා රෝගියෙක් නිසා රාගම රෝහලම දැඩි අවධානමක

තොරතුරු සැගවූ කොරෝනා රෝගියෙක් නිසා රාගම රෝහලම දැඩි අවධානමක

පපුවේ ඇතිවූ වේදනාවක් හේතුවෙන් රෝහල් ගතවූ පුද්ගලයෙකුට ඉන් දින දෙකකට පසුව කොරෝනා වෛරසය වැළදී ඇති බවට අනාවරණ වීම හේතුවෙන් රාගම රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය  ස්වයං නිරෝධායනය කිරිමට සිදුවූ රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා. ජා-ඇල ප්‍රදේශයේ පදින්චිකරුවෙක් වන මෙම රෝගීයා පසුගිය 17 වෙනිදා හෝ ඊට ආසන්න දිනයකදී පපුවේ ඇතිවූ වේදනාවක් හේතුවෙන් රාගම රෝහලට…

law

දඹුල්ල නගරාධිපතිත් අත්අඩංගුවට

දඹුල්ල ප්‍රදේශයේ දී පාපැදි ධාවන තරගයක් සංවිධානය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත සහ එම තරගයේ සංවිධායකවරයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට අද ඉදිරිපත් කරනු ලැබුවා. අප වාර්තාකරු සඳහන් කලේ නගරාධිපතිවරයාට සහ එම තරග සංවිධානය කළ සංවිධායක මණ්ඩලයේ සාමාජිකයාට රුපියල් ලක්ෂයක් බැගින් වූ ශරීර ඇප මත නිදහස් කිරීමට දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ…

dailyreporter

අධිවේගය වසයි

අද පස්වරු 4 සිට සියළු අධ්වේගී මාර්ග වසා දමන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. මේ අතර අද පස්වරු 6.00 සිට මුළු දිවයිනටම ඇඳිරි නීතිය පැනවීමට ගත් තීරණයත් සමඟ සියලු දුම්රිය සේවාවන් අද පස්වරු 3.30 සිට අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

news sinhala sri lanka

බ්‍රිතාන්‍යයේ සියලු පාසල් වසා දමයි

කොරෝනා වෛරසය ව්‍යප්තවීම පාලනය සදහා  යළි දැනුම් දෙනතුරු සියලු පාසල් වසා දැමීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබෙනවා. එහෙත් විශේෂයෙන් රැකබලාගැනීමට අවශ්‍ය දරුවන් සහ අත්‍යවශ්‍ය සේවාවල යෙදී සිටින දෙමාපියන්ගේ දරුවන් රැකබලාගැනීම සදහා එම මධ්‍යස්ථාන විවෘතව තැබෙන බවයි අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සදහන් කළේ. පාසල් වසා තැබුණද මෙම වසර සදහා නියමිත විභාගයන් කල්දැමීමක් සිදුනොවන බවයි එංගලන්තය සහ වේල්සය…