ජාතික ආපදා තත්වයක් සාමූහික සැලැස්මකට පදනම සකසන්න

ජාතික ආපදා තත්වයක් සාමූහික සැලැස්මකට පදනම සකසන්න

රටේ පවතින්නේ සුළු කොට තැකිය නොහැකි ජාතික ආපදා තත්වයක් බවත් දේශපාලන පක්ෂ නායකයින් සහ සෞඛ්‍ය ඇතුළු අනෙතුක් අදාළ සියළු පාර්ශව කැඳවා සාමුහික සැලැස්මක් සකස් කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. වැඩිදුරටත් අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. “මේ අවස්ථාවේ අප ඉදිරියේ තියෙන…

නැවත දැනුම් දෙන තුරු පුත්තලමට හා මීගමුව කොච්චිකඩේට පස්වරු 4.30 සිට ඇඳිරි නීතිය

නැවත දැනුම් දෙන තුරු පුත්තලමට හා මීගමුව කොච්චිකඩේට පස්වරු 4.30 සිට ඇඳිරි නීතිය

පුත්තලම දිස්ත්‍රික්කයට අයත් කරුවලගස්වැව, වනාතවිල්ලුව, නවගත්තේගම, මුන්දලම, උඩප්පුව, සාලියවැව සහ නොරොච්චේලේ යන ප්‍රදේශවලට අද(18) පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

කොරෝනා දෙවන වටය චීනයෙන් ඇරඹිමට සුදානමක්

කොරෝනා දෙවන වටය චීනයෙන් ඇරඹිමට සුදානමක්

කොවිඩ්-19 වසංගත තත්වයේ දෙවන අදියරක් චීනය පුරා ව්‍යාප්ත වීමේ අවදානමක් පැණ නැඟී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. වෛරස ව්‍යාප්තිය කෙටි කලකින් පාලනය කිරීමට චීනය සහ දකුණු කොරියාව සමත් වුවද දීර්ඝ කාලීනව මෙම කර්තව්‍යය සිදුකළ හැකිද යන්න බ්‍රිතාන්‍යයේ ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් විද්‍යාලය නිකුත් කළ වාර්තාවක් තුළින් ප්‍රශ්න කර තිබෙනවා. චීනයේ  සියළු වැඩ කටයුතු යථා තත්ත්වයට…

ඇමෙරිකාවේ ප්‍රාන්ත 50ටම වයිරසය ව්‍යාප්තව වෙයි

ඇමෙරිකාවේ ප්‍රාන්ත 50ටම වයිරසය ව්‍යාප්තව වෙයි

චීනයෙන් ආරම්භ වී යුරෝපයේ ශීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් පවතින කෝවිඩ්-19 වයිරසය මේ වනවිට ඇමෙරිකාවේ සියලු ප්‍රාන්ත(50) කරා පැතිර ගොස් ඇතැයි වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව අමෙරිකාවෙන් මේ වනවිට වාර්තා වන මුළු ආසාදිතයින් ගණන 6,443 ක්. ගත වූ පැය 24 තුළ අලූතින් රෝගීන් 1,776 දෙනෙකු හමුවී තිබෙනවා. අමෙරිකාවේ සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාවද 109 ක් දක්වා ඉහළ ගියේ…

රාත්‍රි සමාජ ශාලා නවතා දැමීමට පියවර

රාත්‍රි සමාජ ශාලා නවතා දැමීමට පියවර

රාතී‍්‍ර සමාජ ශාලා සහ ඔට්ටු දැමීමේ මධ්‍යස්ථාන නවතා දැමීමට ඉදිරියේදී පියවර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි. කුඩා ස්ථානයක විශාල පිරිසක් එක්රැස්වීම හේතුවෙන් රෝගය පැතිරීමේ ඉඩකඩ ඇති බවයි.

ආගමන විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට

ආගමන විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට

චමල් රාජපක්ෂ මහතාට  යටතේ පැවති ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගෙන ඇත. මුලදීද ආගමන විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා තිබූ අතර පසුව එය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතට පැවරිණි.

යුරෝපා සංගමය දේශසීමා වසයි

යුරෝපා සංගමය දේශසීමා වසයි

කොරෝනා  වෛරසය හේතුවෙන් යුරෝපා සංගමයට අයත් රාජ්‍යයන් 26ක සිය දේශ සීමා වසා තැබීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ.  දින 30ක් සඳහා  මෙම තහනම යුරෝපා සංගමයට අයත් රාජ්‍යයන් 26කට මෙන්ම අයිස්ලන්තය, ලීච්ටන්ස්ටයින්, නෝර්වේ සහ ස්විට්සර්ලන්තයට ද   බලපැවැත්වේ.  

SriLankan

ගුවන් මගීන්ට අද මැදියම් රැයේ සිට මෙරටට ඇතුළු වීම තහනම්

කොව්ඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය මෙරට තුළ ක්රිතයාත්මක වීම පාලනය කිරීම සඳහා මෙරටට ගුවන් යානා පැමිණීම අද(18) සිට නතර කිරීමට තීරණය කර තිබෙන අතර ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12.00 සිට සති 2 ක කාලයක් සඳහා මෙය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇති බව සඳහන් වෙයි.

parippu

ඊයේ (17)මධ්‍යම රාත්‍රියේ සිට පරිප්පු සහ සැමන් වලට උපරිම සිල්ලර මිලක්

ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට පරිප්පු කිලෝග්‍රෑම් 01ක් රුපියල් 65ක උපරිම සිල්ලර මිලකටත්, සැමන් ටින් 01ක් රුපියල් 100 ක උපරිම සිල්ලර මිළකටත් අලෙවි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නියෝග කර තිබෙනවා.

කොරෝනා ආසාදිත සංඛ්‍යාව 43 දක්වා ඉහළට(Update)

කොරෝනා ආසාදිත සංඛ්‍යාව 43 දක්වා ඉහළට(Update)

තවත් රෝගීන් 9 දෙනෙකු හඳුනාගැනීමත් සමග කොරෝනා වෛරසය ආසාදනය වී ඇති රෝගීන් සංඛ්‍යා 43ක් දක්වා ඉහළ ගොස් ඇති බව සදහන් වෙයි. මේ අතර රට පුරා පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථාන 16කදී පුද්ගලයින් 2258 දෙනෙකු නිරෝධායනය කරන බව කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.