corona

කොරෝනා ව්‍යාප්තියට එරෙහි ඒකාබද්ධ මාධ්‍ය මෙහෙයුම ඇරඹේ

කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා ව්‍යාප්තියට එරෙහි ඒකාබද්ධ මාධ්‍ය මෙහෙයුමක් අද (15) ආරම්භ වනවා. නව කොරෝනා ව්‍යාප්තිය පිළිබඳ පැතිර යන ව්‍යාජ තොරතුරුවලින් ජනතාව නොමග යාම වළක්වාලීමත් ව්‍යසනය ජය ගැනීම සඳහා කි‍්‍රයා කළ යුතු ආකාරය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමත් මෙහි අපේක්ෂාවයි. ශී‍්‍ර ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදය සහ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව මෙම ඒකාබද්ධ මාධ්‍ය මෙහෙයුම සංවිධාන කරනවා. මෙහි…

කොරෝනා ආසාදිතයින් ගණන 10ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් ගණන 10ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිත තවත් ලාංකික රෝගීන් දෙදෙනෙකු හඳුනා ගනියි. මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10කි. 56 හැවිරිදි කාන්තාවකට සහ 17 හැවිරිදි ගැහැනු දරුවෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව සදහන් වෙයි.

කොරෝනා ආසාදිතයින් ගණන 7 දක්වා ඉහළට – සැකකරන 103ක් රෝහල්වල

කොරෝනා ආසාදිතයින් ගණන 7 දක්වා ඉහළට – සැකකරන 103ක් රෝහල්වල

මේ වන විට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 7 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම සහ එහි වත්මන් තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවැත්වුණු මාධ්‍ය හමුවේ දී ඒ මහත්මිය මේ බව බව පැවසීය. කොරෝනා හෙවත් කොවිඩ් 19 වයිරසය ආසාදනය වූ බවට සැක කරන 103…

mahinda

අනවශ්‍ය බියක් ඇති කර නොගන්නැයි අගමැති ජනතාවගෙන් ඉල්ලයි

කොවිඩ්-19  වෛරසය ව්‍යාප්තිය අවම කිරීම සදහා උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ජනතාවගේ පූර්ණ සහාය අවශ්‍ය බවත් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. වෛරසය පාලනය සදහා උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇති බැවින් අනිසි බියක් ඇතිකර නොගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලයි. වෛරසය ව්‍යාප්තිය සම්බන්ධයෙන් සෑමවිටම සත්‍ය තොරතුරු ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බවත් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය…

අද(14) සිට සිනමා ශාලා නැවත දැනුම් දෙන තුරු වසා දමයි

අද(14) සිට සිනමා ශාලා නැවත දැනුම් දෙන තුරු වසා දමයි

අද සිට නැවත දැනුම් දෙනතුරු දිවයිනේ සියලුම සිනමා ශාලා වසා දැමීමට පියවර ගෙන ඇත. කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම පියවර ගත් බවයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

වෙළෙඳපොළේ භාණ්ඩ හිඟයක් ඇති වීමට ඉඩ දෙන්නේ නැහැ

වෙළෙඳපොළේ භාණ්ඩ හිඟයක් ඇති වීමට ඉඩ දෙන්නේ නැහැ

කිසිඳු ආකාරයක භාණ්ඩ හිඟයක් නොමැති බවත් අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ රැස්කර ඇති බවත් ආහාර සුරක්ෂිතතාවය හා පාරිභෝගික සුබ සාධක අමාත්‍යාංශය පවසයි. කොවිඞ් 19 වසංගතය රට තුළ පැතිර යාම පිළිබඳ අනියත බියක් ජනතාව තුළ ඇතිවීම හේතු කොට ගෙන වෙළඳ පොළ තුළ හදිසියේ ඇති වූ අනපේක්ෂිත තත්ත්වය මඟින් ඇතැම් වෙළඳුන් අයථා ලාභ ප්‍රයෝජන ලබාගෙන ඇති බවයි. පාරිභෝගික ඉල්ලුමට…

අමෙරිකාවට හදිසි තත්ත්වයක්
|

අමෙරිකාවට හදිසි තත්ත්වයක්

කොවිඩ්-19  වෛරසය පිටුදැකීමේ ප්‍රයන්තය වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය පුරා ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ක්‍රියා කළේය. විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මෙම හදිසි අවස්ථාව පිළිබඳ ඇමෙරිකාව දැනුවත් කළේය. ධවල මන්දිරයේ රෝස් ගාඞ්න්හි සිට විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින්. කෝවිඞ් 19 වෛරසය අමෙරිකාව පුරා ව්‍යාප්තව ගොස් ඇති පසුබිමක් තුළයි ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මෙලෙස රටපුරා හදිසි…

කොවිඩ් 19ට  IS බිය වෙයි

කොවිඩ් 19ට IS බිය වෙයි

කොවිඩ් 19 වෛරසය ගෝලීය වශයෙන් ව්‍යාප්තවෙමින් ඇති අවස්ථාවක පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් IS සාමාජිකයින් වෙත නිකුත් කර තිබෙනවා. ආහාර ගැනීමට පෙර හොඳින් දෑත් පිරිසිදු කරන ලෙසත්, කැස්ස හෝ කිවිසුම් යන අවස්ථාවලදී මුඛ ආවරණ භාවිත කරන ලෙසත් IS සාමාජිකයින් වෙත එහි නායකයින් උපදෙස් ලබාදී තිබෙනවා. මැද පෙරදිග කලාපයේ සිය බලය පතුරවා ගෙන සිටි අයි එස් ත‍්‍රස්තයින් මේවනවිට…

air

ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාවෙන් තවත් මගීන් 315 දෙනෙකු මෙරටට

ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාව යන රටවල සිට අද දිනය තුළ මගීන් 315 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා. ඔවුන් සියළු දෙනා නීරෝධායන කටයුතු සදහා යොමු කළ බවයි සදහන් වෙයි. මේ වනවිට මගීන් 1448 ක් නීරෝධායන කටයුතු සදහා පොළොන්නරුව කන්දකාඩු නීරෝධායන මධ්‍යස්ථානය සහ මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය වෙත යොමු කර තිබෙනවා.

corona

කණ්ඩායම් වශයෙන් රැස්වෙන්න එපා

ඉදිරි සති දෙකක කාලය තුළදී කණ්ඩායම් වශයෙන් ඒකරාශීවීමෙන් වළකින ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. කොරෝනා වයිරසය පැතිරයාම වැළැක්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) ජනාධිපති කාර්යාලයේ පැවති ජාතික කමිටු රැස්වීමේදී මෙම ඉල්ලීම කරන ලෙස ජනාධිපතිවරයා තමාට දැනුම් දුන් බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා පැවසීය.