කාලගුණයේ වෙනසක්

කාලගුණයේ වෙනසක්

අද (06) සහ හෙට (07) දියන්හිදී මධ්‍යඹ, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වල කාලගුණ තත්ත්වයේ වෙනසක් බලාපොරාත්තු විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මධ්‍යම, සබරගමුව, ඌව, වයඹ සහ බස්නාහිර පළාත් මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන් හී පස්වරු 2 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, නැගෙනහිර සහ උතුරු මැද…

රනිල් නැවත දිවයිනට පැමිණෙයි

රනිල් නැවත දිවයිනට පැමිණෙයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඩුබායි හි සංචාරය නිමාකරමින් අද (06) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණ ඇත. එමිරේට්ස් ගුවන් සේවයට අඅයත් ඊ.කේ. 650 දරණ ගුවන් යානයෙන් රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණ තිබේ.

විමල්ට එරෙහි දුම්රිය සටන නවතියි

විමල්ට එරෙහි දුම්රිය සටන නවතියි

හිටපු රාජ්‍ය ඇමැති විමල් වීරවංශ කළ ප්‍රකාශයකට විරෝධය පළ කරමින් දුම්රිය රියැදුරෝ අද (06) ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අසනීප නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය දුම්රිය රියැදුරන්ගේ සංගමයේ සාමාජිකයන්  නතර කර ඇත. දුම්රිය ආරක්ෂක නිලධාරින් දුම්රියවල රාජකාරී කටයුතු සඳහා යෙදවීම හේතුවෙන් දුම්රිය රියැදුරන්ට දුම්රියෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට නොහැකි වී ඇත.’’ යනුවෙන් විමල් වීරවංශ කළ බව කියන ප්‍රකාශයකට…

මහ මැතිවරණයට අදාල තැපැල් ඡන්ද අයදුම් පත් භාර ගැනීම අද(06)සිට

මහ මැතිවරණයට අදාල තැපැල් ඡන්ද අයදුම් පත් භාර ගැනීම අද(06)සිට

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම් පත් භාරගැනීම අදින් ආරම්භ විය. තැපැල් ඡන්ද අයදුම්පත් ලබන 16 වැනිදා දක්වා භාරගැන්නා අතර අයදුම් පත්  මැතිවරණ කොමිෂන් සභා වෙබ් අඩවියෙන් ලබාගත හැකි වේ.

රත්තරන් හා සුදා අත්අඩංගුවට

රත්තරන් හා සුදා අත්අඩංගුවට

හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර (රත්තරන්) සහ ඔහුගේ රියැදුරු කැළුම් (සුදා) යන සැකකරුවන් දෙදෙනා චීන ජාතික කාන්තාවක දූෂණය කිරීමේ චෝදනා මත අද අත්අඩංගුවට ගැනිණ. සැකකරුවන්  අත්අඩංගුවට ගැනීමෙන් පසු අද පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කෙරිණ. එහිදී එක් අයෙකු රුපියල් දස දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහ බැගින්වූ ශරිර ඇප දෙකක් මත මුදා හැරිමට ගාල්ල…

kusaljanith

පළමු විස්සයි 20න් කොදෙව්වන්ට ලකුණු 25ක ජයක්

කුසල් ජනිත් පෙරේරා ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නද සෙසු පිතිකරුවන් දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 25ක පරාජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා පිලට සිදුවිය. මේ සමග තරග 2කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සංචාරක කොදෙව් කණ්ඩායමට හැකිවිය. තරගයේ පළමුව පන්දුවට පහරදෙමින් කඩුලු 4ක් දැවී…

දිළිඳු බව තුරන් කිරීමේ ජාතික වැඩසටහනට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

දිළිඳු බව තුරන් කිරීමේ ජාතික වැඩසටහනට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

අඩු ආදායම්ලාභීන්ට අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය ලබා දෙමින් ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා දිළිඳු බව තුරන් කිරීමේ ජාතික වැඩසටහන යනුවෙන් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුමැතිය හිමි වී තිබේ. ආබාධිත පුද්ගලයින්, වැන්දඹුවන් ,ස්ථාවර ආදායමක් නොමැති වැඩිහිටියන් සහ දැඩි රෝගාබාධාවලින් පීඩා විඳින්නන් ඇතුළත්ව ප්‍රතිලාභීන් දස ලක්ෂයකට අත්‍යාවශ්‍ය අහාර මල්ලක් ලබා…

වෘත්තීය පුහුණු අධිකාරිය වියානා – සවීනා සමඟ අවබෝධතා ගිවිසුමකට

වෘත්තීය පුහුණු අධිකාරිය වියානා – සවීනා සමඟ අවබෝධතා ගිවිසුමකට

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය හා (වියානා – සවීනා) ආයතනය සමඟ විශේෂ අවබෝධතා ගිවිසුමක් නාරාහේන්පිට පිහිටි  වෘත්තීය පුහුණු අධිකාරිය  ප්‍රධාන කාර්යාලයේදී  අත්සන් කළේය. එහිදී ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති දමිත වික්‍රමසිංහ සහ EURO Cosmetics ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ ගැමුණු වීරවර්ධන යන මහත්වරු අවබෝධතා ගිවිසුමට අත්සන් කළහ.

ජල පහසුකම් ලබාගැනීමේදී ගෙවිය යුතු මුලික ගාස්තු අඩුකරයි

ජල පහසුකම් ලබාගැනීමේදී ගෙවිය යුතු මුලික ගාස්තු අඩුකරයි

ජල සම්පාදන මණ්ඩලය මගින් නව පානීය ජල පහසුකම් ලබාගැනීමේදී ගෙවිය යුතු රුපියල් 8000ක් වන මූලික ගාස්තුව රුපියල් 2500 දක්වා අඩුකිරීමට රජය තීරණය කර තිබේ. දිළිඳු පවුල්වලට ජල පහසුකම් ලබාගැනීමේදී මෙතරම් මුදලක් එක්වර ගෙවීම අපහසු බැවින් කැබිනට් මණ්ඩලය විසින් මෙම තීරණය ගත් බව කැබිනට් ප‍්‍රකාශක, ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.  

දුම්රිය ස්ථානයන්හි නඩත්තු කටයුතු පෞද්ගලික ආයතන වලට

දුම්රිය ස්ථානයන්හි නඩත්තු කටයුතු පෞද්ගලික ආයතන වලට

රට පුරා දුම්රිය ස්ථානයන්හී නඩත්තු කටයුතු පෞද්ගලික ආයතන වෙත පවරා පෞද්ගලික ආයතනයන්හී දැන්වීම් දුම්රිය ස්ථානයන්හී ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය. දුම්රිය ස්ථාන අබලන් තත්වයට පත්වීම වළකාගැනීම් ස‍ඳහා පෞද්ගලික ආයතනයන්හී සහය ලබා ගැනීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙන බව වැඩිදුරටත් පැවසීය.