corona

හාදු දීම, වැලඳ ගැනීම් තහනම්

එකිනෙකා වැළද ගැනීම, හාදු දීම මාසයක කාලයක් තහනම් කිරීමට  ඉතාලි රජය නියෝග කර තිබෙනවා. එමෙන්ම ජනාකීර්ණ ස්ථානවල ගැවසීමෙන් වලකින ලෙසත් පුද්ගලයින් දෙදෙනෙක් අතර පරතරය මිටරයක් ලෙස පවත්වා ගන්නා ලෙසයි නියෝග කර ඇත්තේ. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ඉහල යාමත් සමග ඉතාලි රජය විසින් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. එම උපදෙස් මාලාව අනුව වයස අවුරුදු 75 ට…

unp

මහ මැතිවරණයට අලියා ලකුණින් එන්න එ.ජා.ප කෘත්‍යාධිකාරිය තීරණය කරයි

ඉදිරි මහ මැතිවරණයේදී අලියා ලකුණින් තරග කිරිමට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ. එසේම එක්සත් ජාතික පක්ෂය හා ජාතික සමගි බලවේගය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමටත් මෙහිදී තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ නීතීඥ මණ්ඩලයක් වෙත වගකීම් පැවරීමටද කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය ලැබිණ. මහමැතිවරණය සඳහා නාමයෝජනා සැකසීමට එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා…

කෝවිඩ් 19 ඉතාලියේ  සියලු පාසල් වසා දමයි

කෝවිඩ් 19 ඉතාලියේ සියලු පාසල් වසා දමයි

කෝවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සදහා සියලු පාසල් තාවකාලිකව වසා දැමීමට ඉතාලි රජය තීරණය කරයි. චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන් ව්‍යාප්තිය ආරම්භ කළ නව කොරෝනා වෛරසය ආසාදනය අදවන විට ලෝක බලවතුන් වන අමෙරිකාව, මහා බ්‍රිතාන්‍ය ඇතුළු ලෝකයේ රටවල් 76ක් පුරා ව්‍යාප්ත වී තිබේ. වෛරසය ආසාදිතයින් 93 000කට අධික පිරිසක් වාර්තා වී ඇති අතර ඉන් සිදුව ඇති මරණ සංඛ්‍යාව…

මිලියන 6000 ක මත්ද්‍රව්‍ය තොගය දික්ඕවිට වරායට

මිලියන 6000 ක මත්ද්‍රව්‍ය තොගය දික්ඕවිට වරායට

දකුණු මුහුදේදී නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට ගනු ලැබු රුපියල් මිලියන 6000 ක මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් 28 ක් අද උදෑසන දික්ඕවිට වරාය වෙත රැගෙන එනු ලැබුහ. මෙම යාත්‍රාවේ තිබි හෙරොයින් කිලෝග්‍රෑම් 400 කට ආසන්න ප්‍රමාණයක් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100 ක් සොයා ගැනීමට නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත්…

විකටයන් කවටයන් හොරුන් සූදුකරුවන් උත්තරීතර පාර්ලිමේන්තුවට නොයවමු

විකටයන් කවටයන් හොරුන් සූදුකරුවන් උත්තරීතර පාර්ලිමේන්තුවට නොයවමු

අප්‍රේල් මස පැවත්වෙන මහා මැතිවරණයේදි විකටයන් කවටයන් හොරුන් සූදුකරුවන් උත්තරීතර පාර්ලිමේන්තුවට නොයවා තුන්කල් දක්නා නුවනින් යුතුව කටයුතු කරනා අළුත් පිරිසක් එහි යැවීමට මහා සංඝරත්නය ප්‍රමුඛ සෙසු පූජ්‍ය පක්ෂයන් හා රටේ ප්‍රජාව කටයුතු කලයුතු යැයි මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය පූජ්‍ය වලවා හැංගුණවැවේ ධම්මරථන නාහිමිපානන් පැවසුහ. නාහිමිපානන් මේබව ප්‍රකාශ කරනු ලැබුවේ මිහින්තලා රජමහා විහාරස්ථානයේ පැවති…

රනිල් රට පනියි – රවී ඇතුළු 11කට විදෙස් ගමන් තහනම් වෙයි

රනිල් රට පනියි – රවී ඇතුළු 11කට විදෙස් ගමන් තහනම් වෙයි

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදෙස්ගත වී තිබේ. අද රාත්‍රීයේ ඔහු විදෙස්ගතවී ඇත්තේ, ඩුබායි බලා පිටත්ව ගිය ඊ.කේ. 655 දරණ ගුවන් යානයෙනි. මේ අතර හිටපු අමාත්‍ය රවී කරුණානායක, ඇතුළු 11 දෙනෙකුට විදෙස් ගමන් තහනම් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කරනලදි. අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස්, කසුන් පාලිසේන, ජෙෆ්රි ජෝසෆ් ඇලෝසියස්, රංජන් හුළුගල්ලේ,…

දේශපාලන පක්ෂයක් ශරියා ක්‍රියාත්මක කරන්න යයි

දේශපාලන පක්ෂයක් ශරියා ක්‍රියාත්මක කරන්න යයි

මුස්ලිම් නාමයක් සහිත දේශපාලන පක්ෂයක ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ ශ්‍රී ලංකාව තුළ ශරියා නීතිය ක්‍රියාත්මක කිරීම එම පක්ෂයේ අරමුණ බව යැයි ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාවේ දක්වා ඇත. වාර්ගික හා ආගමික නාමයන් සහිත දේශපාලන පක්ෂවල ව්‍යවස්ථාව තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන අරමුණු අන්තර්ගතව ඇති බවද කාරක සභා වාර්තාව ප්‍රකාශ කරයි. මෙරට වාර්ගික සංහිඳියාව…

කෝවිඩ් 19  නිසා ලෝකයම අනාරක්ෂිතයි අනතුරු ඇඟවීමක්

කෝවිඩ් 19 නිසා ලෝකයම අනාරක්ෂිතයි අනතුරු ඇඟවීමක්

කොවිඩ් නයින්ටීන්  වෛරසය ආසාදිත වූවන් සංඛ්‍යාව දසදහස ඉක්මවා ඇති බවත් චීනයෙන් පිටත රටවල් 70 කට ආසන්න සංඛ්‍යාවකින් වෛරසය වාර්තාවීම හේතුවෙන් මේ වන විට මුළු ලෝකයම අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ. දකුණු කොරියාවෙන් ආසාදිතයින් 4812 දෙනෙකු, ඉතාලියෙන් ආසාදිතයින් 2036 දෙනෙකු සහ ඉරානයෙන් ආසාදිතයින් 1501 දෙනෙකු අමෙරිකාවෙන් ආසාදිතයින් 130 දෙනෙකු…

ෆැපරල්  මැතිවරණ අපේක්ෂකයන්ගේ ෆේස්බුක් පිටු අධීක්ෂණයක

ෆැපරල් මැතිවරණ අපේක්ෂකයන්ගේ ෆේස්බුක් පිටු අධීක්ෂණයක

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරිත්වය (ෆැපරල්) විසින් එළඹෙන මහ මැතිවරණයේදී ජනප්‍රිය දේශපාලන ෆේස්බුක් පිටු සහ දේශපාලන පක්ෂවල සහ අපේක්ෂකයන්ගේ ෆේස්බුක් පිටු අධීක්ෂණය කරන බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සදහන් කරයි. මහ මැතිවරණයේදී අපේක්ෂක සංඛ්‍යාව 4,000 ඉක්මවනු ඇති බැවින් ප්‍රධාන පක්ෂ හතරක තරගකාරී අපේක්ෂකයන්ගේ පිටු පමණක් අධීක්ෂණය කරන බව වැඩිදුරටත් පැවසීය. විශේෂයෙන් වැරදි…

ලොකු දඬුවම් ඉස්සරහට – පෙම්වතා ගුරුවරියගේ කෙස් වැටිය කපා වැඩ වරද්ද ගනියි

ලොකු දඬුවම් ඉස්සරහට – පෙම්වතා ගුරුවරියගේ කෙස් වැටිය කපා වැඩ වරද්ද ගනියි

ගුරුවරියක් වන සිය පෙම්වතියගේ කෙස් වැටිය කපා අඩන්තේට්ටම් කර, සාපරාධී බලහත්කාරය පෑම සම්බන්ධයෙන් පෙම්වතකු සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය සදහන් කරයි. කොළඹ විශ්වවිද්‍යාලයේ පැවැති දේශනයකට සහභාගි වී ඉන් පිටතට පැමිණෙන විට ඇය ආදරය කළ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි ඉරෝෂාන් ජයසූරිය නමැති පෙම්වතා එහි සිට ඇත. පෙම්වතිය 138 මාර්ගයේ බස් රථයකට නැගීමට සූදානම් වීමේදී ’උඹත් එක්ක…