කරු නිල වාහන භාර දෙමින් කාර්ය මණ්ඩලයට සමුදෙයි

කරු නිල වාහන භාර දෙමින් කාර්ය මණ්ඩලයට සමුදෙයි

පාර්ලිමේන්තුව විසිරවීමෙන් පැය 24 ක් ගතවීමට පෙර සිය නිල රථය සහ ආරක්ෂක අංශයන්හි නිල වාහනද පාර්ලිමේන්තුව වෙත භාර දීමට  කථානායක කරු ජයසූරිය මහතා කටයුතු කරන ලදී. ඔහුගේ ධුර කාලය තුළ  රාජකාරි ඉටු කල පාර්ලිමේන්තුවේ සියළු අංශ වෙත ගොස් පාර්ලිමේන්තු කාර්යය මණ්ඩලයට ප්‍රශංසා කර සමු දුන්නේය.  

රවී, අර්ජුන්, ඇලෝසියස් , පළිසේන,අත්අඩංගුවට ගැනීමට නීතිපති උපදෙස්

රවී, අර්ජුන්, ඇලෝසියස් , පළිසේන,අත්අඩංගුවට ගැනීමට නීතිපති උපදෙස්

මහ බැංකු බැඳුම්කර ගණුදෙනුවට අදාළව හිටපු අමාත්‍ය රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්, කසුන් පළිසේන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා විසින් වැඩබලන පොලිස්පතිවරයාට දන්වා ඇත. ඒ අනුව අධිකරණ වරෙන්තුවක් ලබාගෙන ඔවුන්ව අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා නියෝග කර තිබේ.

ජාතික ජන බලවේගය හරහා ප්‍රජාතන්ත්‍රවාදී, සංවර්ධන ගමනේ අලුත් පරිච්ඡේදයක් ආරම්භ කරනවා

ජාතික ජන බලවේගය හරහා ප්‍රජාතන්ත්‍රවාදී, සංවර්ධන ගමනේ අලුත් පරිච්ඡේදයක් ආරම්භ කරනවා

ජාතික ජන බලවේගය හරහා ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රජාතන්ත්‍රවාදී සංවර්ධණ ගමනේ අලුත් පරිච්ඡේදනයක් නිර්මාණය කරන බවත්, මෙය ජනතා හිතකාමී, ජනතාවට සෙත සලසන ව්‍යාපෘතියක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය. සමගි ජන බලවේගය හරහා ආරම්භ කරන්නේ අලුත් වැඩපිළිවෙලක් බවත්, ඒ හරහා අලුත් ගමනක් යන බවත් විපක්ෂ නායකවරයා සදහන් කළේය. ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා…

නාවික කුසලාන රුවල් යාත්‍රා තරඟාවලිය 2020

නාවික කුසලාන රුවල් යාත්‍රා තරඟාවලිය 2020

2020 පෙරවාරි 29 සහ මාර්තු 01 යන දිනයන්හි ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ශ්‍රී ලංකා රුවල් යාත්‍රා සංවිධානයේ සහාය සමගින් පවත්වනු ලැබූ ‘අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ නාවික කුසලාන රුවල් යාත්‍රා තරඟාවලිය 2020’ ජයග්‍රහණයන් රැසක් නාවික හමුදාව සතු කර ගනිමින් ගාලු මුවදොර වෙරළ තීරයෙහිදී සාර්ථකව අවසන් විය. මෙම රුවල් යාත්‍රා තරඟාවලිය සඳහා නාවික හමුදා රුවල් ඔරු…

වතු කරයේ තේ වගාවන් වියළි යාමේ තර්ජනයකට

වතු කරයේ තේ වගාවන් වියළි යාමේ තර්ජනයකට

මධ්‍යම කදුකරය තුල පවතින දැඩි වියළි කාලගුණික තත්වය මත වතු කරයේ තේ වගාවන් වියළි යාමේ තර්ජනයකට ලක්ව ඇත. මේ වන වන විට වතු කරයේ ෆෝඩයිස්, ආගරපතන, නොර්වුඩ්, යන ප්‍රදේශවල තේ ගස් වියළි යාමේ තර්ජනයකට ලක්ව ඇති අතර මෙම තත්වයන් මත එම වතුවල තේ ආර්ථිකයටද විවිධ තර්ජන එල්ලවිමේ අවදානමක් හට ගෙන ඇත. මේ පිලිබදව කරන ලද…

හිටපු මැති ඇමතිවරුන්ට දැනුම්දීමක්

හිටපු මැති ඇමතිවරුන්ට දැනුම්දීමක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ හිටපු රාජ්‍ය ,  නියෝජ්‍ය අමාත්‍යවරුන් භාවිත කළ නිල වාහන සහ නිල නිවාස ලබන 20 වනදාට පෙර භාර දෙන්නැයි, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුම් දී ඇත. පාර්ලිමේන්තුව  විසුරුවා හැරිමේ ගැසට් නිවේදනය නිකුත් වීමත් සමගම සියලු රාජ්‍ය, නියෝජ්‍ය අමාත්‍යවරුන්ට සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ පිලිබදව දැනුම් දුන් බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සදහන් කරයි

ඉතාලිය හා දකුණු කොරියාවෙන් එන අය දින 15ක් නිරෝධායනයට

ඉතාලිය හා දකුණු කොරියාවෙන් එන අය දින 15ක් නිරෝධායනයට

ඉතාලිය ඉරානය සහ දකුණු කොරියාවේ සිට පැමිණි විදේශීය ජාතිකයින් හා ශ්‍රී ලාංකිකයින් දින 15ක නිරෝධායනයකට ලක්කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය. කොවිඩ් 19 වෛරසය ජාත්‍යන්තර තර්ජනයක් බවට ප්‍රකාශ වී තිබෙන නිසා විදේශීය ජාතිකයින් හා ශ්‍රී ලාංකිකයින් නිරෝධායනයකට ලක්කරන බවද පවසා සිටියාය.  

ට්විටර් කාර්යමණ්ඩලයට නිවෙස්වල සිට සේවය කරන්නැයි දන්වයි

ට්විටර් කාර්යමණ්ඩලයට නිවෙස්වල සිට සේවය කරන්නැයි දන්වයි

කොවිඩ් -19 ව්‍යාප්තියත් සමඟ ලොව පුරා සිටින ට්විටර් කාර්යමණ්ඩලවලට නිවෙස්වල සිට සේවය කරන්නැයි ට්විටර් සමාගමේ මානව සම්පත් කටයුතු පිළිබඳ ප්‍රධානී ජෙනිෆර් ක්‍රිස්ට් පැවැසුවාය. මේ වන විටත් දකුණු කොරියාව, ජපානය සහ හොංකොං හි පිහිටි ට්විටර් කාර්යාලවල සේවකයන්ට නිවසේ සිට සේවය කිරීම අනිවාර්ය කර ඇත. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන්…

voicedata

මාධ්‍යවේදීන්ට සහන මිලට වොයිස් හා ඩේටා පැකේජ

ජනමාධ්‍යවේදීන් සඳහා විශේෂිත වොයිස් පැකේජ සහ ඩේටා පැකේජ ඉතා සහනදායී මිලකට මාර්තු 16 වැනිදා සිට ලබාදෙන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසීය. ජනතාවට තොරතුරු දැන ගැනීමේදී මාධ්‍යවේදීන් මුහුණ දෙන ගැටලුවලට පිළියමක් ලෙස මෙම විශේෂ පැකේජ ක්‍රමයන් හඳුන්වා දෙන බව රාජ්‍ය ඇමැතිවරයා පැවසුවේ ඊයේ (2) තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය…

විල්පත්තුවේ අනවසර කෝමාරිකා වගාවට විරුද්ධව නඩු පවරයි

විල්පත්තුවේ අනවසර කෝමාරිකා වගාවට විරුද්ධව නඩු පවරයි

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරණ කලාපය ආශ්‍රිතව අනවසරයෙන් කෝමාරිකා වගාවක් සඳහා භූමිය සැකසීම සම්බන්ධයෙන් ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු චමත් ලක්ෂ්මන් පෙරේරා විසින් තඹුත්තේගම අධිකරණයේ මෙම නඩුව ගොනුකර තිබේ. මෙම භූමිය එළිපෙහෙලි කිරීමේ කටයුතුවලදී වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත උල්ලංඝනය වීම හේතුවෙන් අදළ ආයතනයට විරුද්ධව මෙම නඩුව ගොනු කර ඇති බව සදහන් වෙයි. අදාළ සමාගමේ ප්‍රධානීන්ට…