පැය 4 කින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට සැලසුම්

පැය 4 කින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට සැලසුම්

එක් දින සේවාව මගින් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේ ඉල්ලුම්පත් භාරදී පැය 4 ක් ඇතුළත එම හැඳුනුම්පත් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. එක්දින සේවාවෙන් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට ඉල්ලුම් කරන පුද්ගලයින්ට ඔහුගේ හැඳුනුම්පත නිකුත් කළ පසු කෙටි පණිවිඩයක් මගින් ජංගම දුරකථනයට ලබා දීමට  පියවර ගැනීම නිසා ඉල්ලුම්පත් භාරදීමෙන්…

සුව වූ චීන කත ස්තුතිය පුද කර පිටව යයි

සුව වූ චීන කත ස්තුතිය පුද කර පිටව යයි

කොරෝනා වෛරසය ආසාදනයවී අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලැබූ චීන ජාතික කාන්තාව සුවය ලබා ඇති හෙයින් රෝහලෙන් නික්මගොස් තිබෙනවා. ඇය කටුනායක බලා පිටත්ව යාමට පෙර තමන්ට ප්‍රතිකාර කළ සියළු දෙනාට විශේෂ ස්තුතියක් පුද කළා. ඇය රෝහලෙන් පිටව යන අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිද එක්ව සිටීම විශේෂත්වයක් වුණා. දින 26 ක කාලයක් තමා රෝහලේ නේවාසිකව සිටි බවත්, ප්‍රතිකාරවලට…

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ  යෝජනාවෙන් ඉවත්වීමට කැබිනට් අනුමැතිය

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවෙන් ඉවත්වීමට කැබිනට් අනුමැතිය

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 30/01 යෝජනාව ශ්‍රී ලංකාවේ සමඅනුග්‍රාහකත්වය තුළින් පවත්වාගෙන යාමේ ක්‍රියාවලියෙන් ඉවත්වීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඒ බව දැනුම් දුන්නේය.

වූහාන් හි හුදෙකලාවූ ජනතාවගේ සංවේදී වාර්තා වැඩසටහන (video)

වූහාන් හි හුදෙකලාවූ ජනතාවගේ සංවේදී වාර්තා වැඩසටහන (video)

ඉතා සංවේදී වැඩසටහනක්  වන එපිසෙන්ටර් – ටුවෙන්ටි ෆෝ අවර්ස් ඉන් වූහාන්” ලෙස චීනයේ CGTN නාලිකාව වැඩසටහනක් නිර්මාණය කර තිබෙනවා. වූහාන් හි හුදෙකලාව පසුවන ජනතාව සහ ඔවුන් මුහුණදී සිටින අර්බුදය සම්බන්ධයෙන් අවධානය යොමුකරවීම සදහා මෙම විශේෂ වැඩසටහන නිෂ්පාදනය කර ඇති බව සදහන්. මෙම වැඩසටහන මගින් වූහාන් හි හුදෙකලාව පසුවන ජනතාව නව කොරෝනා වෛරස ආසාදනය සමඟින් සටන්…

බෝයිං මැක්ස් ගුවන් යානා යකා නටයි

බෝයිං මැක්ස් ගුවන් යානා යකා නටයි

බෝයිං 737 මැක්ස් වර්ගයේ නව ගුවන් යානා වල ඉන්ධන ටැංකි තුලින්  සුන්බුන් කොටස් හමුවී ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් මාරාන්තික අනතුරු සිදු වන බෝයිං 737 වර්ගයේ ගුවන් යානාවල ආරක්ෂාව සම්බන්ධයෙන් යළිත් ගැටළුකාරී තත්ත්වයක් උද්ගතවී තිබේ. අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කරන බවත් නිෂ්පාදන පද්ධතිය වහා නිවැරදි කිරීමට පියවර ගන්නා බවත් බෝයිං සමාගම නිකුත් කළ නිවේදනයක සඳහන්.

ආසියාවේ සැබෑ රෝගියා චීනයලු – අමෙරිකානු මාධ්‍යවේදීන්

ආසියාවේ සැබෑ රෝගියා චීනයලු – අමෙරිකානු මාධ්‍යවේදීන්

අමෙරිකානු පුවත්පත් ආයතනයක් විසින් පසුගියදා ප්‍රකාශයට පත් කළ පුවත්පත් වාර්තාවකින් චීනය ආසියාවේ සැබෑ රෝගියා ලෙස හදුන්වමින් චීන රජය හෑල්ලුවට ලක් කිරීමේ සිද්ධියකට අදාලව මාධ්‍යවේදීන් තිදෙනෙකුගේ මාධ්‍ය බලපත්‍ර අහෝසි කිරීමට චීන රජය පියවර ගෙන තිබේ.  පල කළ අදාල වාර්තාව පිළිබඳ චීන රජය අප්‍රසාදය පල කළ අවස්ථාවේ එම මාධ්‍යවේදීන් කණගාටුව පල කිරීමක් සිදු කර නොමැති බවත් චීන…

මෙරට පොල් සෙන්චරියට ලං වේ

මෙරට පොල් සෙන්චරියට ලං වේ

විවෘත වෙළෙඳපොළේ පොල් ගෙඩියක මිල රුපියල් 85ක් දක්වා  ඉහළ ගොස් ඇත. කුඩාම ප්‍රමාණයේ පොල් ගෙඩියක මිල රුපියල් 50 දක්වා ඉහළ ගොස් ඇත. පොල් ඵලදාව සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ යාම හේතුවෙන් පොල් මිල ඉහළයාමට හේතුවී ඇතැයි පැවැසේ. ගල්නෑව බුල්නෑව සහ මහවැලි කලාපවලින් දඹුල්ල තොග වෙළෙඳපොළට පොල් සැපයෙයි. දඹුල්ල තොග වෙළෙඳපොළේ පොල් ගෙඩියක තොග මිල රුපියල් 65ක්…

කොළඹ දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය භාවිත කරන සිසුන් 2,30,982ක්

කොළඹ දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය භාවිත කරන සිසුන් 2,30,982ක්

පාසල් දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළක්වා ගැනීම වෙනුවෙන් විශේෂ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නැංවීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු යොදා තිඛෙනවා. මත්ද්‍රව්‍ය සඳහා යොමුව සිටින සිසුන් මුදවාගනිමින් සියලු පාසල් මතින් නිදහස් පරිශ්‍ර බවට පත්කිරීම මෙහි අරමුණයි. බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ පාසල්වල පමණක් මත්ද්‍රව්‍ය හෝ මත්පැන් භාවිත කරන බවට වාර්තා වී ඇති මුලු සිසුන් සංඛ්‍යාව 2,30,982ක් බවයි පොලිස්…

විශ්‍රාමිකයින්ට නිදහස් දුම්රිය ප්‍රවේශපත්‍ර අද සිට

විශ්‍රාමිකයින්ට නිදහස් දුම්රිය ප්‍රවේශපත්‍ර අද සිට

ප්‍රවාහන සේවා කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්‍රාමිකයින්ට තම ජාතික හැඳුනුම්පත සෘජුවම දුම්රිය ස්ථානය වෙත ඉදිරිපත් කරමින් නිදහස් දුම්රිය ප්‍රවේශපත්‍රයක් ලබා ගැනීමේ ක්‍රමවේදය අද (19) සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා. කොටුව දුම්රිය ස්ථානයෙන් මෙය ආරම්භ කිරීමට නියමිත බව සදහන් වේ. ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, සහ මොබිටෙල් ආයතනය…

කොරෝනා වැළඳුණු චීන ජාතික කාන්තාව පූර්ණ සුවය ලබයි

කොරෝනා වැළඳුණු චීන ජාතික කාන්තාව පූර්ණ සුවය ලබයි

අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා වෛරසය ආසාදනය වූ 43 හැවිරිදි චීන ජාතික කාන්තාව පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ඇය රෝහලින් පිටවී කටුනායක ගුවන්තොටුපොළින් අද දිනයේම චීනය බලා යාමට නියමිතයි. ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව සියලු පරීක්ෂණවලදී ඇගේ ශරීරයේ කොරෝනා වෛරසය නොමැති බව තහවුරු වූ බව විශේෂඥ වෛද්‍ය…