police

කඩවත කොස්තාපල් කුලියාපිටියේ කැලෑවක

පොලිස් කොස්තාපල් පොලිස් බැරක්කයේ සිට පිටතට යන අවස්ථාවේ සිව්දෙනකු විසින් පැහැරගෙන ගොස්  කුලියාපිටියේ කැලෑවකදී ඝාතනය කළ බව කියන  මළ සිරුර සොයා ඊයේ (17 වැනිදා) දවස පුරා මෙහෙයුම් ක්‍රියාත්මක විය. හෙරොයින් ජාවාරම්කාරියක සමග අනියම් පෙමක වෙළුණ බව කියන මෙම පොලිස් කොස්තාපල්වරයා  පොලිස් බැරක්කයේ සිට පිටතට යන අවස්ථාවේ සිව්දෙනකු විසින් පැහැරගෙන ගොස් මෙලෙස ඝාතනය කර ඇතැයි සදහන්…

බාධක ඉවත්කර දේශීය කර්මාන්ත නඟා සිටුවීමට පියවර

බාධක ඉවත්කර දේශීය කර්මාන්ත නඟා සිටුවීමට පියවර

බාධක ඉවත්කර දේශීය කර්මාන්ත සහ ආයෝජකයන් දිරි ගැන්වීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. කර්මාන්ත ඇරඹීමට සහ පවත්වාගෙන යාමට බලපාන ගැටලු හඳුනාගත යුතුය. එමෙන්ම විවිධ ප්‍රදේශවල ඇති සුවිශේෂ ශක්‍යතා අධ්‍යයනය කර පූර්ව සූදානමක් ඇතිව සිටීමේ වැදගත්කම ද කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධනය සඳහා වූ අන්තර් අමාත්‍යාංශ කාර්ය සාධක බලකාය සමග  පැවති හමුවේ දී…

පක්ෂ 10ක එකතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පොදුජන ‍සන්ධානය බිහිවෙයි

පක්ෂ 10ක එකතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පොදුජන ‍සන්ධානය බිහිවෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ 10කින් සැදුම්ලත් ශ්‍රී ලංකා නිදහස් පොදුජන ‍සන්ධානය නමින් පොහොට්ටු ලකුණින් ලියාපදිංචි කිරීම සඳහාවන ඉල්ලීම ඊයේ (17) පස්වරුවේ රාජගිරිය මැතිවරණ කොමසාරිස් කාර්යාලයට ඉදිරිපත් කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා අද ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලියාපදිංචියට අදාළ ඉල්ලීම අපි මැතිවරණ කාර්යාලයට ඉදිරිපත් කරන…

කුකුලා අභිබවා යෑමට රතු ළුෑණු සමත්වෙයි

කුකුලා අභිබවා යෑමට රතු ළුෑණු සමත්වෙයි

වෙළඳපොලේ ලොකු ළුෑණු මිල ගණන් යළි ඉහළ යමින් පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පවසයි. දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ලොකු ළුෑණු කිලෝව රුපියල් 450ත් 500 දක්වා ඉහළ ගොස් ඇති බව ද සඳහන්. මේ දිනවල කුකුල් මස් කිලෝව රුපියල් 430කට මිලදි ගැනිමට හැකියාව තිබුනත් ලොකු ළුෑණු කිලෝවක් එම මිලට මිලදි ගැනීමට හැකියාවක් නොමැතිවීම නිසා පාරිභෝගිකයින්…

police

කඩවත පොලිස් කොස්තාපල්වරයෙකු අතුරුදන්

කඩවත පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයෙකු අතුරුදන්වී ඇත. අතුරුදන් වූ බව කියන පොලිස් කොස්තාපල්වරයා  රාත්‍රි කාලයේ පොලිස් බැරැක්කයේ සිටි බව පොලිසිය සදහන් කරයි. අතුරුදන් ව ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි. ඒ සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඩෙනිස්  එක්සත් රාජධානිය යට කරයි

ඩෙනිස් එක්සත් රාජධානිය යට කරයි

ඩෙනිස් සුළිකුණාටුවේ බලපෑමෙන් බ්‍රිතාන්‍යයේ, ස්කොට්ලන්තයේ හා වේල්සයේ ප්‍රදේශ රැසක ජල ගැලීම් හටගෙන ඇත. ස්ථාන කිහිපයක නායයෑම්ද සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඩෙනිස් සුළි කුණාටුව හේතුවෙන්  දකුණුදිග වේල්සයට තවදුරටත් මහ වැසි අපේක්ෂා කරන බව කාලගුණ බලධාරීන් පවසයි. ප්‍රදේශ රැසකට ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇතැයි සඳහන්. විපතට පත් ප්‍රදේශවල සහන සේවා කටයුතු සඳහා…

ජනපතිගේ පළමු ව්‍යාපෘතියෙන් කිලෝමීටර් ලක්ෂයකට කාපට්

ජනපතිගේ පළමු ව්‍යාපෘතියෙන් කිලෝමීටර් ලක්ෂයකට කාපට්

මෙරට අබලන්ව ඇති ග්‍රාමීය අතුරු මාර්ග කිලෝමීටර් ලක්ෂයක් කාපට් කර සංවර්ධනය කිරීමේ විශේෂ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය 19 වැනි දින පෙරවරුවේ ගම්පොළ ගලහා ප්‍රදේශයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වේ. රජයේ සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇති මෙම වැඩපිළිවෙළ ජනාධිපතිවරයා සහභාගි වන පළමු…

ජනපතිටත් අමෙරිකාව තහනම් වෙයිද ?

ජනපතිටත් අමෙරිකාව තහනම් වෙයිද ?

ඩයස්පෝරාවේ අදහස පමණක් විමසා ශ්‍රී ලංකාවට එරෙහිව අමෙරිකාව කටයුතු කිරීම කණගාටුවට කරුණක් බව මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම හිමියන් පවසයි. යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට අමෙරිකාවට ඇතුළු වීම තහනම් කරමින් නිකුත් කළ නිවේදනය පිළිබඳ අදහස් දක්වමින් පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම හිමියන් මෙම අදහස් පළ කළා. මානව හිමිකම් පිළිබඳ දැඩිව හඬනගන ඔවුන්, එල්ටීටීඊ ය…

anura-kumara

එකම විකල්පය ජාතික ජන බලවේගය පමණයි

ස්වාධීනත්වය, ජාතික සම්පත් සහ ආර්ථිකය ආරක්ෂා කර ගැනීමට නම් වත්මන් ආණ්ඩුවෙන් ඈත් විය යුතු කාලය එළැඹ ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඉදිරි අනාගතයේදී දියුණු ආර්ථිකයක් සහිත රටක් නිර්මාණය කිරීමට අවශ්‍ය නම් ජාතික ජන බලවේගය වටා එක් රොක් විය යුතු බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. ගාල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට…

LTTE ය රත්‍රන් සැඟවුවාද ?

LTTE ය රත්‍රන් සැඟවුවාද ?

එල් ටී ටී ඊ සංවිධානය ක්‍රියාකාරීව පැවති සමයේ ඔවුන්ගේ බැංකුව පැවති ස්ථානය වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ කනගරායන්කුලම මේ වන විට පොලිස් නිලධාරීන් විසින් කැනීම් ආරම්භ කර තිබෙනවා. ඒ වවුනියාව, කනගරායන්කුලම නගරයේ ස්ථානයක් හැරීම සිදුකළ පුද්ගලයින් තිදෙනෙකු 13 වැනිදා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එම ස්ථානය සම්බන්ධයෙන් කැනීම් කිරීම වෙනුවෙන් පොලිසිය අධිකරණ නියෝගයක් ලබාගන්නා ලදි. මීට පෙරද…