unp

එජාප සන්ධානයේ ලේකම් ධුරයට ඡන්දයක්

එක්සත් ජාතික පක්ෂය පිහිටුවීමට යෝජිත සන්ධානයේ මහ ලේකම් ධුරය සඳහා රනිල් පාර්ශ්වයද නමක් යෝජනා කරමින් කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඡන්ද විමසීමක් පැවැත්වීමට පක්ෂ නායකත්වයේ අවධානය යොමුව ඇති බව සදහන් වේ. සජිත් පාර්ශ්වය වෙනම දේශපාලන පක්ෂයක් ස්ථාපිත කිරීමට සූදානම් වුවත් ලියාපදිංචි දේශපාලන පක්ෂයක් නොලැබී ඇති බව ද වාර්තා වෙයි. රනිල් පාර්ශ්වයෙන් මහ ලේකම් ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රවි…

අභ්‍යවකාශයේ වැඩිම දින ගණනක් ගත කළ කාන්තාව සාර්ථකව යළි පෘථිවියට

අභ්‍යවකාශයේ වැඩිම දින ගණනක් ගත කළ කාන්තාව සාර්ථකව යළි පෘථිවියට

පසුගිය වසරේ මාර්තු මස 14 වනදා අභ්‍යවකාශ ගත වූ ක්‍රිස්ටිනා කෝ අභ්‍යවකාශයේ වැඩිම දින ගණනක් ගත කළ කාන්තාව ලෙස සාර්ථකව යළි පෘථිවියට ළගා වුණා. ක්‍රිස්ටිනා කෝ නමැති මෙම ගගනගාමී කාන්තාව දින 328ක් අභ්‍යවකාශයේ ගත කළා. මීට පෙර පුද්ගලයෙකු අභ්‍යවකාශයේ රැදී සිට ඇත්තේ දින 289ක් පමණයි. මෙය කාන්තාවන් ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බවයි ඇය කියා සිටියි.

කොරෝනා වෛරසයෙන් ඇමරිකානු පුරවැසියෙක් මරුට

කොරෝනා වෛරසයෙන් ඇමරිකානු පුරවැසියෙක් මරුට

ඇමරිකා එක්සත් ජනපද පුරවැසියෙකු කොරෝනා වෛරසයෙන් මියගොස් ඇති බව බීජිංහි එක්සත් ජනපද තානාපති කාර්යාලය සදහන් කරයි. කොරෝනා වයිරසයෙන් මියගිය පළමු ඇමරිකානු පුරවැසියා ඔහු බවයි ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි. මියගිය ‍රෝගියා 60 හැවිරිදි පුද්ගලයෙක්. පවුලේ පෞද්ගලිකත්වයට ගරු කිරීමක් ලෙස  ඔහුගේ නම අනාවරණය නොකිරීමට තානාපති කාර්යාලය තීරණයක් ගෙන තිබුණා.  

නීති විරෝධි රට බීම බෝතල් 252ක් අත්අඩංගුවට

නීති විරෝධි රට බීම බෝතල් 252ක් අත්අඩංගුවට

රට බීම බෝතල් 252ක් සමග සැකකරුවන් දෙදෙනෙකු   මීගමුවේ හා කොට්ටාවේ දී සිදු කරනු ලැබු වැටලීම්වලදී කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.  මෙම රටබීම බෝතල් 12 බැගින් මුද්‍රා නොකැඩු පෙට්ටිවල අසුරා තිබු බවත් මෙහි වෙළඳපල වටිනාකම 126,0000ක් පමණ විය හැකි බවද වාර්තා වෙයි.  

ඩෙංගු මර්දන සහායකයින්ගේ විරෝධයට ජනපතිත් යයි

ඩෙංගු මර්දන සහායකයින්ගේ විරෝධයට ජනපතිත් යයි

සමස්ත ලංකා ඩෙංගු මර්දන සහායක සංගමයේ සේවකයන් උද්ඝෝෂණයේ නිරතව සිටි ස්ථානයට ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා‍ ඔවුන්ගේ ගැටලුවලට සවන් දෙමින් තොරතුරු විමසීය. උද්ඝෝෂණය ජනාධිපති කාර්යාලය ආසන්නයේ ගාලු මුවදොර ක්‍රීඩාංගණය අභියස වෙන් කර තිබු ප්‍රදේශයේ  පැවැත්විණි. 2017 වසරේ සිට කිසිවෙකුගේ අවධානයට ලක් නොවූ තම සේවයට ස්ථාවර භාවයක් ලබාදෙන්නැයි ඔවුහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ. මේ පිරිසට රැකියා සපයන…

poya

නවම් පුර පසලොස්වක පොහොය අදයි

නවම් පුර පසලොස්වක පොහොය අද (08) ට යෙදී ඇත. ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ සියලු භික්ෂූ සේනාව රජගහ නුවර වේළුවනාරාමයට එක්රැස් කර පළමු වරට සංඝ සම්මේලනයක් පවත්වන ලද්දේ අද වැනි නවම් පොහොය දිනයක දී ය. තවද බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේලුවනාරාමයේ දී සැරියුත් මුගලන් දෙනමට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, තථාගතයන් වහන්සේ විසින් මහා සංඝයාට ඕවාද ප්‍රාතිමෝක්‍ෂය…

sunilhadunneththi

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු ආයතන 03 ක් කෝප් කමිටුවට

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය, ජාතික ලොතරැයි මණ්ඩලය සහ ශ්‍රී ලංකා ක්‍රකට් ආයතනය පාර්ලිමේන්තුව නැවත රැස්වීමට නියමිත ලබන පෙබරවාරි 18,19,20 යන දින වලදී කොප් කමිටුවට කැඳවීමට  සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා සදහන් කරයි. මහබැංකු බැඳුම්කර සිදුවීමට අදාලව නිකුත්වී ඇති වෝහාරික විගණන වාර්තාව සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාබස් මිලදී ගැනීමේ ගණුදෙනුවට අදාලව විදේශ රටකදී දෙන…

‘ජමුනා’ සාගර දත්ත රැස් කිරීම කරගැනීමට ලංකාවට පැමිණෙයි

‘ජමුනා’ සාගර දත්ත රැස් කිරීම කරගැනීමට ලංකාවට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘ජමුනා’ විශේෂ යුධ නෞකාව මෙරට සාගර ජල සමීක්ෂණය සහ සාගර දත්ත එක් රැස් කිරීමට පැමිණ තිබේ. මීටර් 87.8 ක් දිග ටොන් 1929 ක් බර මෙම අධි තාක්ෂණික යුධ නෞකාව පැයට මුහුදු සැතපුම් 16ත් 26ත් අතර උපරිම වේගයකින් යාත්‍රා කළ හැකි මෙම නෞකාව හෙලිකොප්ටර් ගොඩ බැස්සවීමේ හැකියාව පවතින මෙම යුධ නෞකාව මාස…

පොදු සමා කාලය තුල නාවික හමුදා සාමාජිකයින් 396  දෙනෙකු කඳවුරු වෙත භාර වෙයි

පොදු සමා කාලය තුල නාවික හමුදා සාමාජිකයින් 396  දෙනෙකු කඳවුරු වෙත භාර වෙයි

72 වන නිදහස් සමරු උළෙලට සමගාමීව නිත්‍යානුකූල නොවන අයුරින් සේවය හැරගිය ත්‍රිවිධ හමුදා සමාජිකයින් හට නිත්‍යානුකූලව නාවික හමුදාවෙන් ඉවත්වීම සඳහා හෝ නැවත නාවික හමුදාවට එක්ව තම රට ජාතිය වෙනුවෙන් සේවය කිරීමට අවස්ථාවක් උදාකර දීම සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර ඇති අතර, ඒ අනුව නිත්‍යානුකූල නොවන අයුරින් සේවය හැරගිය නාවික හමුදා සාමාජිකයින් 396 දෙනෙකු මේ…

කොළඹ වරායට CCTV පද්ධතියක් සවි කිරීමට අනුමැතිය

කොළඹ වරායට CCTV පද්ධතියක් සවි කිරීමට අනුමැතිය

කොළඹ වරාය පරිශ්‍රයට ඇතුළුවන සියලුම ප්‍රවේශ, ගුදම්, පර්යන්ත විවෘත ගබඩා ප්‍රදේශ, මාර්ග, මායිම් වැටවල් හා වරාය දියකඩන ප්‍රවේශ ආවරණය වන පරිදි   CCTV ආරක්ෂක කැමරා පද්ධතියක් සවි කිරීමට කැබිනට මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. එම ස්ථානවල සිදුවන සියලුම ක්‍රියා නිරීක්ෂණය වීම, අධීක්ෂණය වීම හා පටිගත වීම යන අරමුණු ඇතිව මෙම කැමරා පද්ධතිය සවි කිරීමට නියමිතය.