සම්භාණ්ඩ වෙළඳ ප්‍රදර්ශනය අද (07) උදේ 9.30ට විවෘත වේ

සම්භාණ්ඩ වෙළඳ ප්‍රදර්ශනය අද (07) උදේ 9.30ට විවෘත වේ

12 වන වරටත් පවත්වනු ලබන ‍පාවහන් හා සම්භාණ්ඩ වෙළඳ ප්‍රදර්ශනය 2020 අද (07) උදේ 9.30ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී  කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් විරවංශ මහතා අතින් විවෘත වීමට නියමිතය. පෙබරවාරි 07,08,09 යන තෙදිනක් පුරා මෙම වෙළඳ ප්‍රදර්ශනය පැවැත්විමට නියමිතයි.

ගංගාරාමයේ නවම් මහා පෙරහැර අද සහ හෙට

ගංගාරාමයේ නවම් මහා පෙරහැර අද සහ හෙට

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහ පෙරහැර මංගල්‍ය අද සහ හෙට පැවැත්වේ. නවම් පෙරහැර උද්‍යාන වීදිය ඔස්සේ ජිනරතන පාර, හුණුපිටිය වැව පාර , ඩබ්ලිව්.ඒ.ඩි රාමනායක මාවත ශ්‍රිමත් ජේම්ස් පිරිස් මාවත ඔස්සේ ගමන් කර නැවතත් විහාරස්ථානයට පිවිසීමට නියමිතයි. නවම් මහා පෙරහැරට  අලි ඇතුන් 50 කට අධික සංඛ්‍යාවක් සහභාගී වන අතර , උඩරට , පහතරට සහ…

සහන මල්ල මාර්තු 01 දා සිට

සහන මල්ල මාර්තු 01 දා සිට

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණ වේදිකාවේ සඳහන් කළ සහන මල්ල මාර්තු 01 දා ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය පවසයි. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10ක් මේ යටතේ සහන මිලට ජනතාවට ලබාදෙන බව සදහන් කරයි. ලංකා සතොස, සමූපාකාර අලෙවිසැල් මෙන්ම කාන්තා ව්‍යවසායකත්ව ව්‍යාපාර හරහා මෙම සහන මල්ල ලබාදෙන බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඇමරිකානු ජනාධිපති කතානායක ගැටෙති

ඇමරිකානු ජනාධිපති කතානායක ගැටෙති

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ එරට කතානායක නැන්සි පෙලොසි අතර ආරවුල උග්‍ර වී ඇත. ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කොංග්‍රසයට  වාර්ෂික කතාව ඉදිරිපත් කළ අතර කතානායක නැන්සි පෙලොසිට අතට අත දීම ප්‍රතික්ෂේප කිරීමත් ඇය ජනාධිපතිවරයාගේ කතාව ඇතුළත් ලියවිල්ල ඉරා දැමීමත් දෙදෙනා අතර ඇති ආරවුල තීව්‍ර කිරීමට සමත්විය. ජනාධිපතිවරයා සහ කතානායක අතර තිබෙන ගැටුම උත්සන්න වන…

කොරෝනා රෝගීන්ට රෝහල් සයන හිඟ බව චීනය කියයි
|

කොරෝනා රෝගීන්ට රෝහල් සයන හිඟ බව චීනය කියයි

කොරෝනා ආසාධිතයන් සඳහා පවතින රෝහල් සයන ප්‍රමාණවත් නොවන බව චීනයේ බලධාරීහු ප්‍රකාශ කරති. ආසාධිතයන් සංඛ්‍යාව ​සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බැවින් ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා දැනට පවතින ප්‍රතිකාර මධ්‍යස්ථාන මෙන්ම  සයන ප්‍රමාණයද හිඟ බව චීනය පවසයි. මේ හේතුවෙන් ඔවුහු හෝටල් සහ පාසල්, ප්‍රතිකාර ලබාදෙන මධ්‍යස්ථාන බවට පත්කරමින් සිටිති.

දස ලක්ෂයක් හැමදාම බොන තිස් ලක්ෂයක් ඉඳහිට බොන බේබදුකමින් ඉහළට එන ලංකාව

දස ලක්ෂයක් හැමදාම බොන තිස් ලක්ෂයක් ඉඳහිට බොන බේබදුකමින් ඉහළට එන ලංකාව

ශ්‍රී ලංකාව මත්පැන් ​පානය අතින් වෙනත් රටවල් අබිබවා ඉහළ ස්ථානයක් ලබා ඇති බව මත් පැන් පානය පිළිබඳ ජාතික සමීක්ෂණයකින් හෙළිවී ඇත. ජනගහයෙන් දසලක්ෂ හැටතුන් දහස් තුන්සිය අසූ තුන් දෙනකු දිනපතා මද්‍යසාර ගැනීමට පුරුදු වී සිටින බවත් තිස් ලක්ෂ තිස් පන්දහස් එකසිය හතළිස් තුන් දෙනකු මද්‍යසාර භාවිත කරන බවත් මත්ද්‍රව්‍ය භාවිතයේ ව්‍යාප්තිය පිළිබඳ 2019 ජාතික සමීක්ෂණයේදී…

accident

ලංගම සහ පෞද්ගලික බස් රථ ගැටෙයි අයෙක් මරුට – 13ක් රෝහලට

කන්තලේ, තඹගලමුව ප්‍රදේශයේදී ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් 13 දෙනෙකු තුවාල ලබා ඇති බව සදහන් වේ. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි. තඹලගමුව පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

නිමල් සිරිපාල ද සිල්වා සහ  Emma Brigham අතර හමුවක්

නිමල් සිරිපාල ද සිල්වා සහ Emma Brigham අතර හමුවක්

අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත Emma Brigham මහතා අතර හමුවක් අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ දී පැවැත්විණි. වැරදි සිදු කරනු ලබන අවුරුදු 18 ට අඩු දරුවන් බන්ධනාගාර ගත කිරීම පිළිබදව අදහස් හුවමාරු වු අතර ඔවුන් බන්ධනාගාරයට…

ත්‍රිවිධ හමුදාව හැර ගිය සාමාජිකයින්ගේ පොදු සමාකාලය අදින් ඇරඹෙයි

ත්‍රිවිධ හමුදාව හැර ගිය සාමාජිකයින්ගේ පොදු සමාකාලය අදින් ඇරඹෙයි

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි  ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට හෝ නැවත සේවයට වාර්තා කිරිමට අද(05) දිනයේ සිට සතියක පොදු සමාකාලයක් ලබා දෙන බවයි. පොදු සමාව හිමි වනුයේ 2019 සැප්තැම්බර් මස 30 වන දිනට පෙර නිවාඩු නොමැතිව නොපැමිණි ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට පමණක්…

ජාතික උරුම මිහින්තලා පූජා භූමියේ කඩ සාප්පු සියල්ලෙහි අයිතිය වෙළෙන්දන්ට

ජාතික උරුම මිහින්තලා පූජා භූමියේ කඩ සාප්පු සියල්ලෙහි අයිතිය වෙළෙන්දන්ට

ජාතික උරුමයක් බවට ගැසට් පත්‍රයකින් නම්කර තිබෙන මිහින්තලා පූජා භූමියේ ඉදිකර තිබෙන කඩ සාප්පු සියල්ලෙහි අයිතිය කඩ හිමියන්ට ලබාදීමට තිරණයක් ගැනීමට කටයුතු සිදුකිරිම සම්බන්ධයෙන් තමන්වහන්සේ දැඩි අප්‍රසාධය පලකරන බවත් කිසිදු හේතුවක්මත ජාතික උරුමයක්වු මිහින්තලා පුදබිමට අත තබන්න සිතන්නවත් එපා යැයි මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරථන නාහිමියන් පැවසුහ. පසුගිය රජයේ හිටපු ජනාධිපති…